Biz Log
Classifields
Biz Log
Classifields

එන්නත ගන්නවා නම් ගංජා දෙනවා

එන්නත ගන්නවා නම් ගංජා දෙනවා

"කොවිඩ් 19" වයිරසයෙන් ආරක්ෂා වීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නා අවුරුදු 21 ට වැඩි ඕනෑම අයකුට නොමිලේ මර්ජුවානා (ගංජා-කංසා වැනි) ලබාදීමට ඇමෙරිකාවේ වොෂින්ටන් ජනපද බලධාරීන් තීරණය කර තිබේ. ඒ, එන්නත් ලබා ගැනීමට අදිමදි කරන ඇමෙරිකානුවන් දිරි ගැන්වීමක් ලෙසය. "ජොයින්ට්ස් ෆෝ ජැබ්ස්

"යනුවෙන් මෙම වැඩසටහන නම් කර තිබේ.

ඖෂධීය ගුණය සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකාවේ ප්‍රාන්ත බොහොමයක ඔසුහල් මගින් මර්ජුවානා විකිණීම සිදු කෙරේ. වොෂින්ටනයේ එන්නත් ලබා ගන්නා අවුරුදු 21 ට වැඩි ඇමෙරිකානුවන්ට මර්ජුවානා ලබා දීම එම ඔසුහල් සම්බන්ධ කර ගනිමින් සිදු කරන බව වොෂින්ටන් බලධාරීන් පවසා ඇත.

ඇමෙරිකාවේ වැඩිහිටි ජනගහනයෙන් වැඩි පිරිසක් මේ වනවිට ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. වොෂින්ටන් ජනපදයේ එන්නත් එකක් හෝ ලබා ගත් ප්‍රතිශතය සියයට 54 ක් පමණි.

ජූලි 4 වැනිදා ඇමෙරිකාව නිදහස් දිනය සමරද්දී, රටේ සමස්ත ජනගහනයෙන් සියයට 70 කට වඩා වැඩි පිරිසක් එන්නත් කිරීම ජනාධපති ජෝ බයිඩන්ගේ ඉලක්කය වී තිබේ. මේ වනවිට අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දෙයි. "ෆයිසර්" සහ "මොඩර්නා" යනු එසේ ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත්ය. 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ලැබෙන්නේ "ෆයිසර්" එන්නත පමණි.

ඇමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ඇත්තේ එම එන්නත්කරණ වැඩසටහන සාර්ථක බැවිනි. ඒ අනුව, සෞඛ්‍ය බලධාරීන් පනවා ඇති තහංචි බොහොමයක් ද ලිහිල් වී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. ජනාධිපති ජෝ බයිඩන් පවසන අන්දමට ඇමෙරිකාවේ ආර්ථිකය ද යළි ශක්තිමත් වීමට පටන්ගෙන ඇත. "කොවිඩ් 19" වයිරසයෙන් ආරක්ෂා වීමට නම්, එන්නත් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු බව ජනාධිපති බයිඩන් ඇමෙරිකානුවන්ට දිගින් දිගටම පවසා ඇත.

කෙසේ නමුත් එන්නත් ලබා ගැනීමට අදිමදි කරන පිරිසක් ද වෙති. ඔවුන්ගෙන් වැඩි දෙනා කළු ජාතික ඇමෙරිකනුවන්ය. එන්නත් ලබා ගැනීමට අදිමදි කරන බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත්තේ, එන්නත හරහා සිරුරට පියවි ඇසට නොපෙනෙන පරිගණක චිපයක් ඇතුළු කරන බවය. එම චිපය හරහා රජය සහ බලවත් සමාගම් තමන් පාලනය කරනු ඇතැයි ද එම පිරිස පවසති.

මීට අමතරව, ඇමෙරිකානුවන් එන්නත් කිරීමට උනන්දු කරවමින්, ඇමෙරිකාවේ ජනපද මට්ටමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. කැලිෆෝනියා සහ ඔහියෝ ජනපදවල එන්නත් ලබා ගන්නා අය වෙනුවෙන් ලොතරැයි ක්‍රමයක් හඳුන්වා දී ඇත.

එන්නත් ලබා ගන්නා ඇමෙරිකානුවන් නොමිලේ ගුවන් ටිකට්පත් ලබා දීමක් ද ආරම්භ වී ඇත. ඒ, අභ්‍යන්තර ගුවන් ගමන් සඳහාය. ඇමෙරිකාවේ සෙසු ජනපදවල නොමිලේ බියර් ලබාදීම, ක්‍රීඩා තරඟ සහ සංගීත සංදර්ශනවල ටිකට්පත් නොමිලේ ලබා දීම, එම ක්‍රීඩා තරඟ සහ සංගීත සංදර්ශන නැරැඹීමට පැමිණෙන අයට නොමිලේ කඩචෝරු ලබා දීම ආදිය ද සිදු වෙයි.

උපුටා ගැනීම ලංකාදීප

Share This Article

චීනයේ සුළු ජාතීන් වෙසෙන ෂින්ජියාන් ස්වායත්තය

චීනයේ මුස්ලිම්වරුන් වෙසෙතැයි විටෙක බොහෝදෙනා නොදන්නවා විය හැකිය. චීනයේ මෙම මුස්ලිම්වරුන් වෙසෙන්නේ බහු ජාතීන් විශාල සංඛ්‍යාවක් ජීවත්වන ෂින්ජියාන් ස්වායත්තයේය. මෙහි උයිගුර්...

සතා සීපාවාට ගහට කොළට ආදරේ කරන අයට ගැළපෙනම තැන ඔඩ්සාලා වනෝද්‍යානය

ලෝකයේ සංචාරක ආකර්ෂණය බහුල වශයෙන් නොලැබුණු ස්ථානයක් වන මෙම ඔඩ්සාලා ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ අප්‍රිකාවේ ඇමසන් වනාන්තරයෙන් පසු ලෝකයේ දෙවැනි විශාලතම...

මුදුව පලඳින ඇඟිල්ල පටලැවුණු රාජකීය මංගල්‍යය

යුරෝපාකරයේ තවත් රාජකීය මංගල්‍යයක් පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ඒ ස්වීඩනයේ ඔටුන්න හිමි කාර්ල් පිලිප් කුමරුගේ මංගල්‍යයයි. කාර්ල් පිලිප් කුමරු ස්වීඩන...

යුරෝපයෙන් මෙතෙක් හමු වූ විශාලතම මිනීවළ

දකුණු ජර්මනියේ පුරාවිද්‍යාඥයන් විසින් වසංගතයට ගොදුරු වූවන් 1,000කගේ ඇටසැකිලිවලින් සමන්විත වළවල් අටකින් සොයාගෙන ඇති අතර එය යුරෝපයේ මෙතෙක් කැණීම් කරන ලද...

පියාගේ දිවි බේරූ පුංචි දියණිය

එංගලන්තයේ ස්ටැන්ලි ප්‍රදේශයේ පදිංචි බාර්කේස් 47 හැවිරිදි ය‍. බිරියගෙන් දික්කසාද වී ඔහු නිවෙසේ පදිංචිව සිටිනුයේ කුඩා දියණිය සමඟ ය. ඇය පස්...

එන්නත ගන්නවා නම් ගංජා දෙනවා

"කොවිඩ් 19" වයිරසයෙන් ආරක්ෂා වීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නා අවුරුදු 21 ට වැඩි ඕනෑම අයකුට නොමිලේ මර්ජුවානා (ගංජා-කංසා වැනි) ලබාදීමට ඇමෙරිකාවේ...