Biz Log
Classifields
Biz Log
Classifields

ඊජිප්තුවේ ටුටන්කාමන් රජු ආබාධිතයෙක්‌ - වෝහාරික පරික්‍ෂණයෙන් රහස්‌ හෙළිවෙයි

null

ඊජිප්තුවේ ටුටන්කාමන් රජු ඝාතනය කළාද එසේත් නැත්නම් ස්‌වභාවික හේතුන් නිසා මිය ගියාද? ටුටන්කාමන් රජුගේ සිරුර මෑතකදී පරිගණක නිරීක්‍ෂණ 2000 කට අධික විමර්ශනයකට ලක්‌වීමෙන් පසු වෝහාරික පරීක්‍ෂණයකට ලක්‌විය. එහිදී විස්‌මය ජනක තොරතුරු හෙළිවිය. ටුටන්කාමන් රජුගේ පියා සහ මව එකම පවුලේ සොහොයුරා සහ සොහොයුරිය යෑයි හෙළි වුණි.

අශ්ව කරත්තයකින් වැටීමෙන් පසු ඝාතනය කළ බවට ප්‍රචලිත වුවත් ටුටන්කාමන් රජු ආබාධිතයකු යෑයි පරීක්‍ෂණයේදී තවදුරටත් අනාවරණය විය. ටුටන්කාමන් රජුගේ වම්පාදයේ ආබාධයක්‌ තිබීම නිසා ඔහුට කිසිසේත් අශ්වකරත්ත තරගවලට සහභාගිවීමේ හැකියාවක්‌ නොතිබිණි. වෝහාරික පරීක්‍ෂණයේදී හෙළි වූයේ ටුටන්කාමන් රජු දැඩි රෝගාතුර තත්ත්වයකින් පසුවී මියගිය බවයි. ඊට හේතු වූයේ ඔහුගේ පියා සහ මව එකම පවුලේ සොහොයුරා සහ සොහොයුරිය වීමයි. ටුටන්කාමන් රජුගේ පවුලේ අයගේ ඩී.එන්. ඒ. පරීක්‍ෂණ සහ ටුටන්කාමන්ගේ ඩී. එන්. ඒ. පරීක්‍ෂණ සිදු කළ ඇල්බට්‌ සින්ක්‌ නමැති විශේෂඥයා පවසන්නේ ටුටන්කාමන් ගේ පියා වූ ඇක්‌නෙන්ටන් රජු සිය සොහොයුරිය සමග සබඳකම් පැවැත් වූ බවයි. පැරණි ඊජිප්තු වාසීහු තම සෞඛ්‍ය තත්ත්වය ගැන දැනීමක්‌ නොතිබීම නිසා ටුටන්කාමන් ළදරු වයසේ සිට රෝගී තත්ත්වයකින් පසුවී ඇත.

ඊජිප්තුවේ ටුටන්කාමන් රජු ආබාධිතයෙක්‌ - වෝහාරික පරික්‍ෂණයෙන් රහස්‌ හෙළිවෙයි

ටුටන්කාමන් ආබාධිතයකු බව වෝහාරික පරීක්‍ෂණයේදී හෙළිවීම තවදුරටත් තහවුරු වූයේ ඔහුගේ සිරුර බහා තිබූ පෙට්‌ටියේ සැරයටි 130 ක්‌ තිබී හමුවීමයි. මේ සැරයටි මුලින්ම හමුවූ අවස්‌ථාවේ ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා ගවේෂණයන් අතර සැකයක්‌ මතුවිය. එහෙත් සුදු සැරයටිවල රහස්‌ හෙළිවූයේ නැත. එසේම ටුටන්කාමන් රජුගේ දත් පවා නිසි අයුරින් පිහිටා නොති බූ බව එකී පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබේ.

වසර ගණනක්‌ තිස්‌සේ ඊජිප්තුව පුරා පැතිරී ගිය පුරාවෘත්තය වූයේ ටුටන්කාමන් රජු අශ්වකරත්ත තරගවලට ලොල් වූවකු බවයි. එහෙත් එම පුරාවෘත්තය අසත්‍ය බව සනාථ විය. පරිගණක තාක්‍ෂණය මත ටුටන්කාමන්ගේ නිසි ඡායාරූපයක්‌ ගැනීමටද වෝහාරික විශේෂඥයන්ට හැකිවී ඇත. මෙලෙස මුල්වරට ටුටන්කාමන් රජු පිළිබඳ සත්‍ය සිදුවීම් ඇතුළත් වාර්තාමය චිත්‍රපටයක්‌ බී. බී. සී. රූපවාහිනි සේවාව විසින් විකාශය කිරීමට නියමිතය.

උපුටා ගැනීම දිවයින

Share This Article

එන්නත ගන්නවා නම් ගංජා දෙනවා

"කොවිඩ් 19" වයිරසයෙන් ආරක්ෂා වීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නා අවුරුදු 21 ට වැඩි ඕනෑම අයකුට නොමිලේ මර්ජුවානා (ගංජා-කංසා වැනි) ලබාදීමට ඇමෙරිකාවේ...

සතා සීපාවාට ගහට කොළට ආදරේ කරන අයට ගැළපෙනම තැන ඔඩ්සාලා වනෝද්‍යානය

ලෝකයේ සංචාරක ආකර්ෂණය බහුල වශයෙන් නොලැබුණු ස්ථානයක් වන මෙම ඔඩ්සාලා ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ අප්‍රිකාවේ ඇමසන් වනාන්තරයෙන් පසු ලෝකයේ දෙවැනි විශාලතම...

ආරක්ෂක වියදමට දිනකට ලක්ෂ දහසයක් වියදම් කරන හැරී-මේගන්

බ්‍රිතාන්‍යයරජ පවුලේ උදවිය අතරින් හැරී සහ මෙගන් දෙදෙනා මේ කාලයේ නිතර පුවත් මවනයුවළක් බව රහසක් නොවෙයි. ඔවුන් පසුගිය වසරේ රජ පවුලේ ජේ‍යෂ්ඨසාමාජිකත්වයෙන් ඉවත්...

පියාගේ දිවි බේරූ පුංචි දියණිය

එංගලන්තයේ ස්ටැන්ලි ප්‍රදේශයේ පදිංචි බාර්කේස් 47 හැවිරිදි ය‍. බිරියගෙන් දික්කසාද වී ඔහු නිවෙසේ පදිංචිව සිටිනුයේ කුඩා දියණිය සමඟ ය. ඇය පස්...

ඇමෙරිකාව හෙල්ලූ ජෝර්ජ් ෆ්ලොයිඩ් අත් අත් අඩංගුවට ගත් ආකාරය දැක්වෙන සම්පූර්ණ වීඩියෝව නිකුත් වේ.

ඇමෙරිකාවේ පසුගියදා ඇතිවූ නොසන්සුනතාවට මුල්වූ මිනසෝටාවේ දී කළු ජාතිකයෙකු පොලිස් භාරයට ගැනීමේදී මියගිය සිද්ධියට අදාල Body cam දර්ශන මාධ්‍යට නිකුත් වී...

චීනයේ සුළු ජාතීන් වෙසෙන ෂින්ජියාන් ස්වායත්තය

චීනයේ මුස්ලිම්වරුන් වෙසෙතැයි විටෙක බොහෝදෙනා නොදන්නවා විය හැකිය. චීනයේ මෙම මුස්ලිම්වරුන් වෙසෙන්නේ බහු ජාතීන් විශාල සංඛ්‍යාවක් ජීවත්වන ෂින්ජියාන් ස්වායත්තයේය. මෙහි උයිගුර්...