Biz Log
Classifields
Biz Log
Classifields

බියොන්සෙ ගේ හිනාව කැමරාවට විතරයි

බියොන්සෙ ගේ හිනාව කැමරාවට විතරයිජනප්‍රිය ගායිකා බියොන්සෙගේ විවාහ ජීවිතය අඳුරු වෙන්නට පටන්ගෙන තිබෙනවා. ඇය විවාහ වී සිටින්නේ ඇමෙරිකානු රැප් ගායකයකු සහ ව්‍යාපාරිකයකු වන ජේ ඉසෙඩ් සමඟයි. ඔවුන් දෙදෙනා විවාහ වුණේ 2008 දීයි.

වයස අවුරුදු 4ක දියණියකගේ මවුපියන් වන මේ යුවළ දික්කසාදයකින් තම විවාහය කෙළවර කරගන්නට යන බවක් වාර්තා වෙනවා.

මේ හේතුවෙන් ලබන මාසයේදී ඇරැඹීමට සියල්ල සූදානම් කර තිබූ ‘ෆෝමේෂන්’ නම්වූ බියොන්සේගේ සංගීත ප්‍රසංග මාලාව අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙලා. කෙසේ වෙතත් තවමත් බියොන්සේ සහ ජේ ඉසෙඩ් යුවළ තම දෛනික ජීවිතයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරමින් සිටිනවා.

විශේෂයෙන්ම, දෙදෙනාගේ ව්‍යාපාර කටයුතු අඩාළ නොවන්නටයි වග බලාගෙන ඇත්තේ.

බොහෝ දෙනා පවසන්නේ කැමරාකරුවන් ඉදිරියේ බියොන්සේ සහ ජේ ඉසෙඩ් සිනාමුසු මුහුණුවලින් පෙනී සිටිය ද දෙදෙනා අතර කිසිදු සුහදකමක් නොමැති බවයි.

පසුගිය මාසයේ මුල් භාගයේ දිනකදී ලොස් ඇන්ජලීස් නුවර පැවැති සාදයකට එක්වූ බියොන්සෙ ප්‍රකාශ කර ඇත්තේ තම විවාහ දිවිය කෙළවර වී ඇති බවයි.සිලුමිණ

Share This Article

ඇද වැටෙන තුරු ගී ගයයි

ඇද වැටෙන තුරු ගී ගයයි සජීවී රූපවාහිනී වැඩ සටහන්වලට සහභාගි වී සිටිද්දී ඇතැම් අවස්ථාවල ගායක, ගායිකාවන්ට, නළු නිළියන්ට නොසිතූ කරදර සිදුවන්නේ මිලියන...

වයසට යන‍කොට ඔහොම තමයි

වයසට යන‍කොට ඔහොම තමයි හොලිවුඩ්පුරයේ ජනප්‍රිය නිළි ජූලියා රොබට්ස් දැන් මැදිවියේ පසුවන්නියක්. ඇගේ වයස අවුරුදු 46ක්. මෑතකදී ජූලියා සමඟ කෙටි කතාබහක යෙදී...

වැලේ එල්ලී නොවැටුණත් ගුවනෙන් වැටුණු ටාසන්

ටාර්සන් ගුවන් අනතුරකින් මිය ගිය බවට ලැබුණු ආරංචිය ඔබේත් මගේත් පමණක් නොව මුළු ලෝක ජනගහනයේම හදවත් සසල කරන්නට සමත් වන්නට ඇතැයි...

එළිසඛෙත් ටේලර්ගේ රහස් ප්‍රේමයක්

එළිසඛෙත් ටේලර් නම් ගිනි සිළුව ඉදිරියේ පළගැටියකු නොවන කඩවසම් හාදයා කවුරුන් ද? ජනප්‍රිය නළු කොලින් ෆෙරල් එළිසඛෙත් ටේලර් සමඟ අසාමාන්‍ය, අපූරු...

ඔහු ගේ නම බොහෝ දෙනා නොදන්නවා විය හැකි හැකිය. එහෙත් ඔහුගේ රුව මෙන්ම ඔහුගේ නිර්මාණ කාර්යයන් ද ලෝක ප්‍රසිද්ධය. රිචඩ් ඇටෙන්බර්ග්...

“මං හැමති‍ස්සෙම ඉන්නෙ බයෙන්”

“මං හැමති‍ස්සෙම ඉන්නෙ බයෙන්” සුරුමත් ජීවිතයක් ගතකළ ද, ජනප්‍රිය නිළි පෙනිලොප් කෲස් නිරතුරුවම සිටින්නේ බිය, සැක මුසු වූ සිතකින්ලු. මේ බව ලොවට...