කාන්තාවක් විස්මිත කොණ්ඩයක්?
තවමත් මේ යොවුන් නිළිය, මාධ්‍ය මඟින් හඳුන්වනු ලබන්නේ 'හැරී පොටර්' හි හර්මයිනි ග්රැන්ගර් හැටියටයි. වසර දහයක් පුරා 'හැරී පොටර්' චිත්‍රපට මාලාවේ හර්මයිනි හැටියට රඟපෑ නිසා ඇගේ සැබෑ නම ඇතැම් අයට අමතක වෙලා.
ඇගේ නම, එමා වොට්සන්. විසි පස් වැනි වියෙහි පසුවන මේ ජනප්‍රිය තරුවට මෑතකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ව්‍යාපාරයේ තානාපති ධුරයක් පිරිනැමුණා. ඒ නිසා එදා 'හැරී පොටර්' චිත්‍රපටවල රඟපාද්දී දක්නට ලැබුණු කෙළිලොල් යුවතියගේ චරිතයෙන් මිදී වගකීම් සම්භාරයක් කරට ගෙන කටයුතු කරන්නට එමාට සිදුවෙලා.
පසුගිය දා ඇය, තම බාහිර ස්වරූපයත් තරමක් දුරට වෙනස් කර ගත්තා. කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය සුපුරුදු කොණ්ඩා මෝස්තරය වෙනස් කළ එමා, කොණ්ඩය කොට කරන්නට යුහුසුලු වුණා. ඇය, මෙලෙස කොණ්ඩය කැපුවේ වසර පහකට පසුවයි. 2010 දීත් ඇගේ කොණ්ඩය මෙලෙස කොට කළා. වසර පහකට පසුව සිදුවූ මේ වෙනස ලොවට කියන්නට කටයුතු කළේ එමාගේ සහායකයෙක්. ඔහු, ඇය අලුත්ම කොණ්ඩ මෝස්තරයෙන් පෙනී සිටින ඡායාරූපයක් ට්විටර් පිටුවට එක්කළේ මෙන්න මේ වැකි දෙකක් සටහන් කරමින් විස්මිත කාන්තාවක් විශ්මිත කොණ්ඩයක්.සිලුම්ණ
ගෝරිල්ලන් බලන්න ක්ලින්ටන් ඇවිත් කීර්තිමත් ඔස්කා සම්මානයකට ද නිර්දේශව තිබෙන ‘විරුන්ගා’ නම් වූ වාර්තාමය චිත්‍රපටය පසුගිය දා නිව්යෝක් නුවර චිත්රකලා කෞතුකාගාරයේ දී...
චිත්‍රපටයේ ජවනිකාවක් නොවෙයිඒඩ්රියන් බෲඩ්, හොලිවුඩ් තිරයේ ජනප්‍රිය තරුවක්. ඔහුගේ රැඟුම් ඇතුළත් වූ ‘ඩ්‍රැගන් බ්ලේඩ්’ චිත්‍රපටය මේ දිනවල තිරගත කෙරෙනවා. සුපිරි නළු...
90 දශකයේ පුංචි ළමයි විදියට හිටපු අය දැන් හැඩකාර තරුණ තරුණියො වෙලා ඇති. ඒ කාලෙ ඒ අයගෙ හිත්වල හිටපු වීරයොත් අද...
එළිසඛෙත් ටේලර් නම් ගිනි සිළුව ඉදිරියේ පළගැටියකු නොවන කඩවසම් හාදයා කවුරුන් ද? ජනප්‍රිය නළු කොලින් ෆෙරල් එළිසඛෙත් ටේලර් සමඟ අසාමාන්‍ය, අපූරු...
ඇද වැටෙන තුරු ගී ගයයි සජීවී රූපවාහිනී වැඩ සටහන්වලට සහභාගි වී සිටිද්දී ඇතැම් අවස්ථාවල ගායක, ගායිකාවන්ට, නළු නිළියන්ට නොසිතූ කරදර සිදුවන්නේ මිලියන...
ඔහු ගේ නම බොහෝ දෙනා නොදන්නවා විය හැකි හැකිය. එහෙත් ඔහුගේ රුව මෙන්ම ඔහුගේ නිර්මාණ කාර්යයන් ද ලෝක ප්‍රසිද්ධය. රිචඩ් ඇටෙන්බර්ග්...