Biz Log
Classifields
Biz Log
Classifields

ක්‍රිස්ටෝපර් ලී සමුගනී

ක්‍රිස්ටෝපර් ලී සමුගනීසුරූපී කාන්තාවන්ගේ ගෙල පෙදෙසින් ලේ උරා බොන ඩ්‍රැකියුලා බාල, තරුණ මහලු කවුරුත් හොඳින් හඳුනනවා. ඩ්‍රැකියුලා චරිතය දශක ගණනාවක් තිස්සේ ජනප්‍රිය වී ඇත්තේ එය හා සබැඳුණු නවකතා, චිත්‍රකථා සහ චිත්‍රපට රසික ජනතාවට සමීප වුණු නිසයි.

ඩ්‍රැකියුලා චිත්‍රපට මාලාවක්ම පසුගිය කාලය තුළ නිර්මාණය වුණා. ඒ චිත්‍රපටවල ඩ්‍රැකියුලා‍ෙග් චරිතය රඟපෑවේ ක්‍රිස්ටෝපර් ලී. ඔහු ගේ නම ඇසුණු සැණෙකින් ම හිතට එන්නේ ඩ්‍රැකියුලාගේ චරිතයයි. ලෝක ප්‍රකට වූ මේ සම්මානනීය නළුවා පසුගිය ජුනි 7 දා සදහටම දෙනෙත් පියා ගත්තා. 1922 මැයි 27 දා ලන්ඩනයේ බෙල්ග්‍රැවියා ප්‍රදේශයේ දී උපන් ක්‍රිස්ටෝපර් ෆ්‍රෑන්ක් කැරැන්ඩිනි ලී මිය යන විට 93වැනි වියෙහි පසුවුණා. සති 3 ක් පමණ රෝගීව සිටි ක්‍රිස්ටෝපර් හදවත දුර්වල වීමෙන් සහ හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පීඩා වින්දා.

1958 දී ‘ඩ්‍රැකියුලා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ දුන්නා. 1960 දශකයේ සහ 70 දශකයේ මුල් භාගය වනතුරු ‘ඩ්‍රැකියුලා’ චිත්‍රපට කිහිපයකම ලී රඟපෑවේ ඩ්‍රැකියුලාගේ චරිතය ජීවමාන කරවමින්. 1970 දශකයේ මැද භාගය වන විට ඩ්‍රැකියුලා චරිතයෙන් හෙම්බත්ව සිටි ලී, ඉන් පසු කාලයේදී වෙනත් චරිත නිරූපණයෙන් තම හැකියාවන් මතු කර පෙන්වූවා. ‘ද ප්‍රයිවට් ලයිෆ් ඔෆ් ශර්ලොක් හෝම්ස් (1970) සහ ‘ද ත්‍රී මස්කටියර්ස්’ (1973) සහ ‘ද ෆෝ මස්කටියර්ස්’ (1974) එවැනි චිත්‍රපට කිහිපයක්. ඔහු, 1974 දී ‘ද මෑන් විත් ද ගෝල්ඩන් ගන්’ නම් වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ ද රඟපෑවා. ‘ස්ටාර් වෝස්’ සහ ‘ලෝඩ් ඔෆ් ද රින්ස්’ චිත්‍රපටවලට ද ඔහුගේ රැඟුම් මුසුවුණා.

2009 දී බ්‍රිතාන්‍ය එලිසබෙත් මහ රැජන වෙතින් නයිට් නාමයක් ද තවත් ගෞරව සම්මාන රැසක් ද ලී වෙත පුද කෙරුණා.

1961 දී බර්ජිට් ක්‍රොන්කෙ සමඟ ඇරඹුණු ලී ගේ යුග දිවිය ඔහු මිය යන තුරුම පැවතුණා.රසදුන

Share This Article

බියොන්සෙ ගේ හිනාව කැමරාවට විතරයි

ජනප්‍රිය ගායිකා බියොන්සෙගේ විවාහ ජීවිතය අඳුරු වෙන්නට පටන්ගෙන තිබෙනවා. ඇය විවාහ වී සිටින්නේ ඇමෙරිකානු රැප් ගායකයකු සහ ව්‍යාපාරිකයකු වන ජේ ඉසෙඩ්...

හැරිසන් ෆෝඩ් ට නියෝගයක්

සම්මානනීය නළු, හැරිසන් ෆෝඩ් ඉන්දුනීසියානු රජයේ උදහසට ලක්වී තිබෙනවා. ඔහුට එවැනි අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවුණේ ඔහු එක්තරා රූපවාහිනී වැඩ සටහනක් එරට...

‘කොස්බි ෂෝ’ තවදුරටත්...

‘කොස්බි ෂෝ’ තවදුරටත්... ලොව පුරා ප්‍රේක්ෂකයන් සිනහවෙන් රස ගැන්වූ විකට නළු බිල් කොස්බිට මෑතකදී ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වුණා. දැනට 77 වැනි...

නෙරී දැන් අම්මා කෙනෙක්

90 දශකයේ පුංචි ළමයි විදියට හිටපු අය දැන් හැඩකාර තරුණ තරුණියො වෙලා ඇති. ඒ කාලෙ ඒ අයගෙ හිත්වල හිටපු වීරයොත් අද...

ඔහු ගේ නම බොහෝ දෙනා නොදන්නවා විය හැකි හැකිය. එහෙත් ඔහුගේ රුව මෙන්ම ඔහුගේ නිර්මාණ කාර්යයන් ද ලෝක ප්‍රසිද්ධය. රිචඩ් ඇටෙන්බර්ග්...

වයසට යන‍කොට ඔහොම තමයි

වයසට යන‍කොට ඔහොම තමයි හොලිවුඩ්පුරයේ ජනප්‍රිය නිළි ජූලියා රොබට්ස් දැන් මැදිවියේ පසුවන්නියක්. ඇගේ වයස අවුරුදු 46ක්. මෑතකදී ජූලියා සමඟ කෙටි කතාබහක යෙදී...