Biz Log
Classifields
Biz Log
Classifields

මංම හදාවඩාගත් BUGGY

මංම හදාවඩාගත් BUGGY

විස්මය දනවන වැව් අමුණු නිර්මාණය ආදි වූ තාක්ෂණික ප්‍රවණතාවන් ඇති ශ්‍රී ලංකාවේ අභිමානවත් ඉතිහාසයට ගැළපෙන උසස් තෝතැන්නක් නිර්මාණයේදී භෞතික ලෝකය තුළ නිර්මාණය කර ගැනීම ප්‍රබල අභියෝගයක් බවට පත්ව තිබෙනවා. මේ අභියෝගය හමුවේ පුංචි කාලේ ඉඳන්ම තිබුණු හීනයක් සැබෑ කර ගනිමින් තාක්ෂණික අංශයෙන් ලංකාවේ හිනිපෙත්තටම ගමන් කරන්නට උත්සාහ කරන තරුණ නිර්මාණකරුවකු ගැනයි මේ සටහන.

ඔහු නමින් රුමේෂ් රුක්ෂාන්. මාතර මදුරුදූව තමයි රුමේෂ්ගේ ගම් පළාත. මාතර පලාටුව ගුණරත්න මධ්‍ය මහා විද්‍යාලයෙන් අකුරු කළ ඔහු මාතර කාර්මික විද්‍යාලයේ කර්මාන්ත විදුලි ශිල්පය පිළිබඳව NVQ level 04 දක්වා හැදෑරීම් කර ඇති බව පැවසුවා. රුමේෂ් මේ වන විට මාතර ජලසම්පාදන මණ්ඩලයේ ක්‍රියාත්මක හා නඩත්තු ඒකකයේ කොන්ත්‍රාත් කම්කරුවකු වශයෙන් රැකියාව සිදු කරනවා.

යෞවනත්වය එළඹීමත් සමඟ රෝද 04ක ආසාව කියන්නේ තාරුණ්‍යයේ සොඳුරු බලාපොරොත්තුවක්. ඉතිං ඒ විදියට රුමේෂ්ගේ ඒ බලාපොරොත්තුවේ යථාර්ථය තමයි බගී (Buggy) කියන්නේ. පුංචි කාලේ ඉඳන්ම තමන් විසින්ම නිර්මාණය කරගත් වාහනයක් ධාවනය කරනවා කියන ආසාව මත Formula වර්ගයට අයත්ව Buggy 2020 වර්ෂයේදී නිර්මාණය වෙනවා. වෙනත් වාහනවලින් ඉවත් කළ කොටස් හා ඔහු විසින්ම නිර්මාණය කරගත් කොටස් යොදා ගනිමින් 125 CC එන්ජින් ධාරිතාවයෙන් යුක්තව මෙය නිර්මාණය කර ඇති බව මතක් කළා. මෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව රුමේෂ් වැඩිදුර පැවසුවේ සාමාන්‍ය කාරයක ක්‍රියාත්මක වන ආකාරයටම ඇක්සලේටරය, බ්‍රේක්, කකුලට යන ක්ලච් එක හා වම් අතට ගියර් පවතින බවයි.

ජයග්‍රහණයන් කරා යන ගමනකට අභියෝග කියනේ එක් අතකට ආශිර්වාදයක්. Buggy නිර්මාණයත් රුමේෂ්ට තරමක් අභියෝගාත්මක කර්තව්‍යයක් වුණා. මුල්ම අභියෝගය වුණේ නිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ නැති වීම. ඒ වගේම වෑල්ඩිං ශිල්පය ගැන ඇති නොදැනුවත්භාවය හා මෙහි සමහර කොටස් දින ගණනාවක් යනතෙක් අත්හදා බැලීම් සිදු කරමින් නිපදවීමට සිදුවීම ඒ අතර වෙනවා. නමුත් මෙහිදී නොදන්නා කරුණු හේතුවෙන් නව අංශ ගණනාවක් පිළිබඳව දැනුමක් ලබා ගැනීමට හැකි වීම ගොඩක් වටින බව රුමේෂ් පැවසුවා. මීට අමතරව රුමේෂ් වාහන අලුත්වැඩියා කිරීමට විශේෂ කැමැත්තක් දක්වන බව හා නව නිර්මාණ වෙනුවෙන් දක්වන කැමැත්ත මත මේ වන විටත් අවම තාක්ෂණයෙන් ක්‍රියාත්මක කරන රොබෝලා නිර්මාණය කර ඇති බවත් මතක් කළා.

ඕනෑම කාර්යයක් කරන දෙස බලා සිටීමෙන් එම කාර්යය කිරීමේ හැකියාවක් තමන්ට පවතින බව රුමේෂ් මතක් කළේ ඉතාමත් සතුටින්. ඒ අනුව Buggy නිර්මාණයේදී ද බොහෝ පිරිසකගෙන් උපදෙස් ලබාගත් නමුත් වාහනයේ සියලු කටයුතු තමන් විසින්ම සිදු කළ බවයි පැවසුවේ. අනාගතයේදී මේ වාහනය වැඩි එන්ජින් ධාරිතාවක්, වැඩිදියුණු කළ බ්‍රේක් සිස්ටම් එකක් සමඟ වෙනස් කිරීමේ හැකියාවෙන් යුක්ත බවත් ඉදිරියේදී ඒ පිළිබඳව කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනා බවත් මතක් කළා.

Buggy නිර්මාණයේදී ඒ වෙනුවෙන් උදව් උපකාර කළ පිරිස අතරින් මූල්‍යමය වශයෙන් සියලු කටයුතු සිදු කළ මවුපියන්ටත් මෙහිදී වචනයකින් හරි උදව් උපකාර කළ සියලුම දෙනාටත් හදවතින්ම ස්තූතිවන්ත වන්න රුමේෂ් මෙහිදී අමතක කළේ නෑ. ඕනෑම දෙයක් ආරම්භයේදී සමාජය විසින් එහි සාර්ථකත්වය හා අසාර්ථකත්වය පිළිබඳව අනාවකි පැවසීම සාමාන්‍යය දෙයක්. රුමේෂ්ගේ නිර්මාණ කටයුතු ආරම්භයේදීත් එය නිෂ්ඵල අසාර්ථක නිර්මාණයක් වන බවට බොහෝදෙනෙක් පැවසූ නමුත් ඔහු තුළ තිබුණු දැඩි අධිෂ්ඨානය හා කැපවීම මත නිර්මාණයේ සාර්ථකත්වය කරා ඉතා කෙටි කලකින් ළඟා වූ බව පැවසුවා. ඒ අනුව රුමේෂ් අනාගත නිර්මාණකරුවන්ට කිවුවේ කවුරු මොනවා කිවුවත් තමන්ගේ හිතට දැනෙන දෙයක් තියෙනවා නම් උපරිමයෙන්ම කැපවිය යුතු බවටයි.

මංම හදාවඩාගත් BUGGY

කවී විජේසූරියඋපුටා ගැනීම දිනමිණ

Share This Article

හයිබ්‍රිඩ් විදුලි මෝටර් රථ හදා රට ගොඩ දාන්න ඉදිරියට එන පුංචි හපනා

ලොව පුරා තෙල් මිල ඉහළ යෑමත් සමඟ බොහෝ රටවල් විදත් නැත්නම් ඉලෙක්ට්‍රික් වාහන සඳහා නැඹුරු වීමට පටන් ගෙන තිබේ. ලංකාවේ ද...

කටහඬට ක්රි යාත්මක ජල කරාමයක් හැදූ සුපිරි වැඩ්ඩා

කොවිඩ් - 19 වසංගතය පැතිරයෑමත් සමඟ බොහෝ අය එම වයිරසයෙන් ආරක්ෂා වීමට අලුත් මෙවලම් නිර්මාණය කළහ. ඒ අතර අලුතින් බිහි වූ දේශීය...

ඉවතලන දෑ උපයෝගී කරගෙන කිලිනොච්චියේ තරුණයෙකු මෝටර් රථයක් නිපදවයි

පවතින කොරෝනා රෝග වසංගත සමයේ පැවති නිවාඩුව උපයෝගි කර ගනිමින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තරුණයෙකු ඉවතලන ද්‍රව්‍ය උපයෝගි කරගෙන මෝටර් රථයක් නිපදවා තිබිණ. කිලිනොච්චිය,කණ්ඩාවලෙයි...

පාසල් ශිෂ්‍යයා හැදූ හෙලිකොප්ටරය

නැගෙනහිර දෙසින් වූ සිරිපා අඩවියේ කඳු වළල්ලේ වැදී දෝංකාර දෙන හෙලිකොප්ටර් යානයේ හඬ විදුහල් බිම පසුකර අවට පුරා පැතිර යයි.‘කුරුවිට ඉස්කෝලේ...

සහල් වලින් සහල් යෝගට් හැදූ වෙනුක

මෙරට සහල් යොදාගෙන සහල් ආශ්‍රිතව “සහල් යෝගට්” නිෂ්පාදනයක් සිදු කිරීමට මහනුවර උසස් තාක්ෂණ විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන එස්.ඩි. වෙනුක කිත්මිණ...

අපේ විද්‍යාඥයකුගෙන් බුධ ග්‍රහයා ගැන නව සොයාගැනීමක්

බුධ ග‍්‍රහයා සතු චුම්භක ක්‍ෂේත‍්‍රය පිළිබඳව සොයාගෙන ප්‍රථම වරට ලෝකයට හෙළි කළ, භූ භෞතික විද්‍යා පිළිබඳ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන 44...