Biz Log
Classifields
Biz Log
Classifields

ජැකලින් පිඹුරකු සමඟ රඟපායි

ජැකලින් පිඹුරකු සමඟ රඟපායිමේ දිනවල රූගත වන චිත්‍රපටයක් තමයි, ‘ඩිෂූම්’. එය අධ්‍යක්ෂණය කරන්නේ රෝහිත් ධාවන්. මෙහි ප්‍රධාන චරිත රඟන්නේ ජෝන් ඒබ්‍රහම්, වරුන් ධාවන් සහ ජැකලින් ෆර්නැන්ඩස්. චිත්‍රපටයේ එන එක්තරා ගීතයක් රූගත කිරීමට මේ තුන්දෙනාට සිදුවුණේ භයානක සතකු ළඟ තබාගෙනයි.

ඒ, අනතුරුදායක සත්ත්වයා තමයි, පිඹුරා. අධ්‍යක්ෂවරයා පැවසුවේ මෙම ගීතය වඩාත් ලස්සන වන්නේ සැබෑ පිඹුරෙකු ද එයට එක්කර ගතහොත් පමණක් බවයි. ඒ අනුව බිය සැක දුරු කර පිඹුරකු සමඟ රඟපාන්නට ජැකලින්, ජෝන් සහ වරුන් එකඟ වුණා.

“මේ වගේ සතෙක්ව ළඟ තියාගෙන ගීතමය ජවනිකාවක් රඟපෑම හරිම අමාරු, අවදානම් දෙයක්. ඒත් අපි සතුටෙන් ඒක කළා. චිත්‍රපට කණ්ඩායමේ ශිල්පීන් අපිට හොඳ සහයෝගයක් ලබා දුන්නු නිසයි, සාර්ථකව රඟපාන්න හැකි වුණේ.

මේ ජවනිකාව රූගත කරද්දි ඒක බලන්න රසික රසිකාවියන් විශාල පිරිසක් එක්රොක් වුණා.” ජැකලින් සුපුරුදු සිනහව නංවමින් පැවසුවා.සිලුමිණ

Share This Article

රිතික්ට නැවතත් හිසරදය මතුවෙලා.

‘ක්‍රිෂ් -3’ චිත්‍රපටය සිනමා රසික පිරිසගේ උණුසුම් ප්‍රතිචාර මැද තිරගත වෙද්දී එහි ප්‍රධාන චරිතය රඟන ජනප්‍රිය නළු රිතික් රෝෂන් ගැන පසුගිය...

රිතික්ට ළංවූ නර්ගීස්

සුපිරි තරුවක් නොවුණ ද, උදේ චොප්රා බොලිවුඩ් සිනමා රසික පිරිවර අතර බෙහෙවින් ජනප්‍රියයි. සිනමා රංගනයේදී ඔහු වෙතින් මතුවන හාස්‍ය රසය මේ...

ටැක්ස් මාෆියාවට අහුවුණු බොලිවුඩ් සුපිරි තරු…

අපි අමාරුවෙන් හම්බකරපු සල්ලි මේ…ඉන්කම් ටැක්ස් ප්‍රශ්න යනු සුපිරි බොලිවුඩ් තරුවලට අලුත් දේවල් නොවේය. සෑම වසර කිහිපයක් පාසාම වාගේ සුපිරි තාරකාවන්...

බොලිවුඩයේ හොඳම ජේත්තුකාර ජෝඩුව

ගිය අවුරුද්දෙ ජනප්‍රියම ෆිල්ම් එක වගේම ගිය අවුරුද්දෙ ජනප්‍රියම කපල් එක මේ අවුරුද්දෙත් ඒ තත්ත්වය ඒ විදියටම තියා ගන්නවා කියලා ඉන්දියාවෙ...

රවීනා ගේ දියණියට දැන් 16යි

රවීනා තන්දන්ගේ දියණිය රාශා මාර්තු 16 දා ඇගේ 16 වන උපන් දිනය සැමරුවාය. අම්මා කෙනෙකුට හැමදාමත් සිය දියණිය දිස් වන්නේ කුඩා...

බොලිවුඩ් ගොසිප් කියවමු..

නේහා හදිසියේම ලංකාවට එයි ජනප්‍රිය නිළි බිපාෂා බාසුට වේදිකාවේ නටන්න බැරි වුණොත් ඇය වෙනුවෙන් නටන්න පුළුවන් කාට ද? නේහා ඩුපියාට පුළුවන්ලු දෙදෙනාගේ...