සල්මන් ශාරුක් දැන් හොඳ මිතුරන්
මීට වසර ගණනකට පෙර තිරගත වූ ‘කරන් අර්ජුන්’ චිත්‍රපටයේ ශාරුක් ඛාන් සමඟ සල්මන් ඛාන් එකට රඟපෑවා. ඒ කාලයේ දෙදෙනා අතර අමනාපයක් තිබුණේ නැහැ. නමුත් කාලය ගෙවී යද්දී ශාරුක් සහ සල්මන්ගේ මිතුදම අතුරුදන් වුණා. දීර්ඝ කාලයක් තිස්සේ මේ අමනාපය රැඳී තිබුණා. දැන්නම් දෙදෙනාගේ කිසිදු අමනාපයක් නැහැ. පසුගියදාක චිත්‍රපට රෑගත කිරීමකදී දෙදෙනා හමුවුණේ අමනාපයක් නැති බව තවදුරටත් තහවුරු කරමින්. මේ හමුවීමට මුල පිරුවේ ශාරුක්.
ඔහු කලින් නොදන්වාම හදිසියේම සල්මන් හමුවීමට පැමිණියා. ශාරුක්, සල්මන්ව හමුවුණේ ‘සුල්තාන්’ නම්වූ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවූ දර්ශන තලයේදීයි. ශාරුක් ඒ මොහොතේ ඊට ආසන්න ස්ථානයක ‘රායීස්’ නම්වූ චිත්‍රපටයේ රූගත කිරීමක නිරත සිටින අතරේදීයි මෙලෙස සල්මන්ව හමුවුණේ. දෙදෙනාට දෙදෙනා උණුසුම් අයුරින් පිළිගත්තා. ඉන් පසුව රූපගත කෙරෙන චිත්‍රපට දෙක ගැන තොරතුරු කතා බහ කළ ‘ඛාන්’ සුමිතුරන්, ටික වේලාවක් විහිළු තහළු කරමින් කාලය ගත කළා. මේ රූපගත කිරීම්වලදී තමන් රඟපෑ දර්ශන ශාරුක්ට නරඹන්නට ඉඩ ලබා දෙන්නටත් සල්මන් අමතක කළේ නැහැ.
සල්මන් රඟන ‘සුල්තාන්’ චිත්‍රපටයත්, ශාරුක් රඟපාන ‘රායීස්’ චිත්‍රපටයත් මේ වසරේ එකම මාසයකදී තිරගත කිරීමටයි දැනට කටයුතු යොදා තිබෙන්නේ.
සල්මන් රඟපෑ ‘සුල්තාන්’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ශාරුක් රඟපෑ ‘ෆෑන්’ නමැති චිත්‍රපටය සමඟ ප්‍රදර්ශනය වීමටත් නියමිතයි. ඒ නිසා දෙදෙනා අතර කිසිදු අමනාපයක් යළි ඇති නොවනු ඇති බවයි කාගේත් විශ්වාසය.සිලුමිණ
ෂාරුක්ගේ කොණ්ඩ විලාසිතා ෂාරුක් ඛාන් ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි ෂාරුක්ගේ කොණ්ඩේ. මොකද ෂාරුක් මුලින්ම රඟපාන්න එන කාලෙදි ෂාරුක්ගේ කොණ්ඩේ වෙනස්කරගෙන...
සජීඩ් නන්දියවාලා බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. 1990 දශකය ආරම්භයේ දී සිය මාමා කෙනකුගේ නිෂ්පාදන සමාගමක නිෂ්පාදක සහායකු ලෙස බොලිවුඩ් පුරයට පා තැබුවේ...
ජනප්‍රිය ගායිකා යොහානි මෙන් ලංකාවේ නාමය ලෝකයක් ඉදිරියට ගෙන ගිය තවත් තරුවක් වන්නේ ජැකලින් ෆර්නැන්ඩස්ය. ඈ බොලිවුඩයේ අති දක්ෂ රංගන ශිල්පිනියකි....
“මම අම්මා කෙනෙක් වෙන්නෙ තව අවුරුදු දෙකකින් විතර. ඒ වෙන තුරු මවු පදවිය ලබන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.” මෙහෙම කියා තිබුණේ සුපිරි...
‘ක්‍රිෂ් -3’ චිත්‍රපටය සිනමා රසික පිරිසගේ උණුසුම් ප්‍රතිචාර මැද තිරගත වෙද්දී එහි ප්‍රධාන චරිතය රඟන ජනප්‍රිය නළු රිතික් රෝෂන් ගැන පසුගිය...
රිතික් රෝෂන් ගෙන් වෙන්වුණු ඔහුගේ බිරිය වූ සුසෑන් රෝෂන් ගේ නවක තතු කොහොමදැයි බොලිවුඩ්පුරයේ බොහෝ දෙනෙකු විපරම් කරන්නට පටන් අරන්. ඇතැම්...