බොලිවුඩ් සිනමාවේ සාර්ථකම ගැහැනිය ඓශ්වර්යා රායි
1994 අවුරුද්දෙ මිස් වර්ල්ඩ් වුණු ඓශ්වර්යා මේ වෙද්දී එක්දරු මවක්. ඓශ්වර්යාගේ රසිකයන් ඓශ්වර්යා ගැන නොදන්න කරුණු කීපයක් ගැන තමයි මේ කියන්න හදන්නෙ.
දුලංජලී මුතුවාඩිගේ
1. බොලිවුඩ් සිනමාවේ සාර්ථකම කාන්තාව විදියට සැලකෙන්නේ ඇයයි.2. 2009දී ඇය ඉන්දියානු රජයෙන් පද්ම ශ්‍රී සම්මානය දිනාගත්තා.3. ඇය ප්‍රංශ රජයෙන් ජනප්‍රිය කලාකරුවන් සඳහා වන සම්මානයත් දිනාගෙන තිබෙනවා.4. ඇය අදටත් ලොව ලස්සනම කාන්තාව ලෙස හඳුන්වනවා.5. පාසල් කාලයේ සිටම නිරූපිකාවක් ලෙස ඓශ්වර්යා කටයුතු කර තිබෙනවා.6. ඇය පළමුවෙන්ම රඟපෑවේ සිනමාවෙ නෙවෙයි වෙළෙඳ දැන්වීම්වල.7. වරක් 1994ට පෙර ඇය මිස් ඉන්දියා තරගයකදී දෙවැනි ස්ථානය දිනාගත්තා.8. ඇය පළමුවෙන්ම රඟපෑවේ දෙමළ ප්‍රහසන නාට්‍යයක.9. 1999දී ඇය චිත්‍රපට දෙකක් වෙනුවෙන් හොඳම නිළිය සම්මාන 2ක් දිනාගත්තා.10. ඇය පුණ්‍යාධාර ආයතන කීපයකම බ්‍රෑන්ඩ් එම්බැසඩර් බවට පත්වී සිටිනවා.11. ඓශ්වර්යා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකාවක්.12. ඇය සල්මන් ඛාන් සමඟ පෙමින් බැඳී සිට තිබෙනවා.13. සුප්‍රසිද්ධ දිල් කා රිෂ්ටා චිත්‍රපටය ඇගේ සොහොයුරාගේ නිෂ්පාදනයක්.14. ඇය ඉතා විශාල ලෙස ආගමට නැඹුරුවක් දක්වනවා.15. ඓශ්වර්යා ඉන්දියානු නර්තනය හදාරන්නේ අවුරුදු පහේ සිටයි.16. ඇය කැමැතිම විෂය සත්ත්ව විද්‍යාව.17. දෙවතාවක්ම ඇය වෛද්‍ය විද්‍යාලයට යන විභාගයට මුහුණ දී තිබෙනවා.18. වෛද්‍ය වෘත්තිය හැරුණු කොට ඇය කැමැත්තෙන් සිටියේ ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙන්නයි.19. වෝග් සඟරාවේ සුපර් මොඩ්ල් වෙද්දී ඇගේ වයස අවුරුදු 17යි.20. ඇගේ පළමු ප්‍රසිද්ධ රංගනය අමීර් ඛාන් එක්ක පෙප්සි ඇඩ් එකක්.21. අවුරුදු 9දී ඇය පැන්සල් හා සම්බන්ධ ඇඩ් එකක පෙනී සිටියා.22. එකවර පෙප්සි සහ කොකාකෝලා ඇඩ්වල පෙනී සිටි එකම නිරූපිකාව ඇයයි.23. ඇය නිරූපණය කළ ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ දැන්වීම් සංඛ්‍යාව 16ක්.24. කෑන්ස් සම්මාන උළෙලේ ජූරියේ සාමාජිකාවක වූ පළමු බොලිවුඩ් නිළියත් ඇයයි. ඒ 2003දීයි.මව්බිම
රිතික් රෝෂන් ගෙන් වෙන්වුණු ඔහුගේ බිරිය වූ සුසෑන් රෝෂන් ගේ නවක තතු කොහොමදැයි බොලිවුඩ්පුරයේ බොහෝ දෙනෙකු විපරම් කරන්නට පටන් අරන්. ඇතැම්...
නේහා හදිසියේම ලංකාවට එයි ජනප්‍රිය නිළි බිපාෂා බාසුට වේදිකාවේ නටන්න බැරි වුණොත් ඇය වෙනුවෙන් නටන්න පුළුවන් කාට ද? නේහා ඩුපියාට පුළුවන්ලු දෙදෙනාගේ...
සජීඩ් නන්දියවාලා බොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. 1990 දශකය ආරම්භයේ දී සිය මාමා කෙනකුගේ නිෂ්පාදන සමාගමක නිෂ්පාදක සහායකු ලෙස බොලිවුඩ් පුරයට පා තැබුවේ...
පසුගිය නත්තල් කාලයේ පැවැත්වුණු උත්සවයකදී ෂාරුක් ඛාන්ගේ පවුලෙ අයයි, බච්චන් පවුලේ අයයි කාජල්ගේ පවුලේ අයයි එකිනෙකා මුණගැහුණා. ඒ වෙලාවේ ෂාරුක් ඛාන්ගේ...
ජනප්‍රිය ගායිකා යොහානි මෙන් ලංකාවේ නාමය ලෝකයක් ඉදිරියට ගෙන ගිය තවත් තරුවක් වන්නේ ජැකලින් ෆර්නැන්ඩස්ය. ඈ බොලිවුඩයේ අති දක්ෂ රංගන ශිල්පිනියකි....
මධුරි සමඟ ශ්‍රී රාම්මධුරි විවාහ වුණේ හෘද රෝග ශල්‍ය වෛද්‍යවරයෙක් එක්ක. ඒ ශ්‍රී රාම් මාධව් නේනෙ. එයා ඉන්දියානුවෙක් වුණත් වැඩ කරන්නෙ...