Biz Log
Classifields
Biz Log
Classifields

ෂාරුක්ගෙ පුතාගෙයි ඓශ්ගෙ දුවගෙයි

ෂාරුක්ගෙ පුතාගෙයි ඓශ්ගෙ දුවගෙයි

පසුගිය නත්තල් කාලයේ පැවැත්වුණු උත්සවයකදී ෂාරුක් ඛාන්ගේ පවුලෙ අයයි, බච්චන් පවුලේ අයයි කාජල්ගේ පවුලේ අයයි එකිනෙකා මුණගැහුණා. ඒ වෙලාවේ ෂාරුක් ඛාන්ගේ පුංචි පුතු අවුරුදු 2ක් වුණු අබ්රාම් සහ ඓශ්වර්යාගේ අවුරුදු 4ක් වුණු ආරාධ්‍යා බොහොම සමීපව මිතුරුකමින් සෙල්ලම් කරමින් සිටියා.

මේ දෙන්නාගේ යාළුකම කොයිතරම්ද කියනවා නම් උත්සවය ඉවර වුණාට පස්සෙත් මේ දෙන්නව වෙන් කරන්න පුළුවන් වුණේනැහැ.තින් ඒ වෙලාවේ ෂාරුක් බොහොම අපූරු අනාවැකියක් කිව්වා. "කාලයක් හින්දි සිනමාවේ හොඳම කපල් එක මම සහ කාජල්. අද රන්වී-දීපිකා, සිද්ධාර්ත් සහ අලියා,ෆාවඩ් සහ සෝනම් ඉදිරියෙන්ම ඉන්නවා. තව අවුරුදු 15කින් හින්දි සිනමාවේ හොඳම කපල් එක අබ්රාම් සහ ආරාධ්‍යා වේවි. සමහර විට ඇත්ත ජීවිතයේ පවා..." කියලා.

ඒ වෙලාවේ මැදට පැනපු කාජල් මෙහෙම කිව්වා. "එහෙම වෙන්නේ කොහොමද අබ්රාම්ට වැඩිය ආරාධ්‍යා අවුරුදු දෙකක්ම වැඩිමල්නේ" කියලා. ෂාරුක්ගේ උත්තරයවුණේ "ආදරය කරන්න වයස ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? එහෙනම් ඔයයි මමයි කොච්චර ෆිල්ම්ස්වල ආදරේ කළාද? ඔයා මට වැඩිය කොච්චර වැඩිමහල්ද?" කියලා කිව්වා. එහෙම කිව්වාට ෂාරුක්ට දැන් 50යි. කාජල්ට 41යි. ඉතින් මේ කතාබහ අහගෙන හිටපු අමිතාබ් බච්චන් මෙහෙම කිව්වා. "ෂාරුක්ගේ කතාව ඇත්තක් බවට පත් වේවා කියලා මම පරාර්ථනා කරනවා" කියලා.

දුලංජලී මුතුවාඩිගේමව්බිම

Share This Article

රිතික්,ශාරුක් අභිබවා ෆර්හාන්ට හොඳම නළුවා සම්මානය

59 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට ''බාග් මීකා බාග්'' චිත්‍රපටියේ රංගනයෙන් දායක වූ ෆර්හාන් අක්තාර්...

ප්‍රේමයේ උමතුවෙන් දිවි නසා ගත් බොලිවුඩ් නළුවා

අදට වඩා එදා කලාකරුවෝ සංවේදී හදවත් සහිත, හැඟුම්බර සෞන්දර්ය වාදී මිනිස්සු වූහ. එය එක් රටකට සීමා නොවූ ලෝකයටම පොදු වූ සත්‍යයක්...

මූණවත් නොබලන පැරණි පෙම

බොලිවුඩ් පුරයේ ඇතිවන සැබෑ පෙම් බැඳුම් බිඳී විසිරී යන අවස්ථා අනන්තයි. එහෙම වෙන්වීම් සිදුවුණායින් පස්සෙ පෙම්වතා සහ පෙම්වතිය අතර කිසිදු කතාබහක්...

බොලිවුඩ් ගොසිප් කියවමු..

නේහා හදිසියේම ලංකාවට එයි ජනප්‍රිය නිළි බිපාෂා බාසුට වේදිකාවේ නටන්න බැරි වුණොත් ඇය වෙනුවෙන් නටන්න පුළුවන් කාට ද? නේහා ඩුපියාට පුළුවන්ලු දෙදෙනාගේ...

\"ඔය කටකතා පට්ටපල් බොරු\"

“ප්‍රීටි සින්ටා බංකොලොත් වෙලාලු. ණයකාරයො පස්සෙන් එන නිසා එයාගෙ ගෙය බදු දීලලු. දැන් එයාට පදිංචි වෙලා ඉන්නවත් ගෙයක් නැතිලු!” පසුගිය සතිය තුළ...

ටැක්ස් මාෆියාවට අහුවුණු බොලිවුඩ් සුපිරි තරු…

අපි අමාරුවෙන් හම්බකරපු සල්ලි මේ…ඉන්කම් ටැක්ස් ප්‍රශ්න යනු සුපිරි බොලිවුඩ් තරුවලට අලුත් දේවල් නොවේය. සෑම වසර කිහිපයක් පාසාම වාගේ සුපිරි තාරකාවන්...