බොලිවුඩයේ හොඳම ජේත්තුකාර ජෝඩුව
ගිය අවුරුද්දෙ ජනප්‍රියම ෆිල්ම් එක වගේම ගිය අවුරුද්දෙ ජනප්‍රියම කපල් එක මේ අවුරුද්දෙත් ඒ තත්ත්වය ඒ විදියටම තියා ගන්නවා කියලා ඉන්දියාවෙ අනාවැකිකරුවන් පවා කියලා තියෙනවා. ඒ අතරේ බජ්රාඕ මස්තානි ෆිල්ම් එකේ ප්‍රමෝෂන්ස්වලට රන්වීර් සහ දීපිකා කැප වෙලාම වැඩ කරන්න පටන් අරන්. මේ ප්‍රමෝෂන් වැඩවලට යද්දි රන්වීර් වගේම දීපිකාත් වෙනස් විදියෙ ෆැෂන් කරන්න යොමු වෙලා තියෙන බව ඒ දෙන්නා අඳින ඇඳුම්වලින් තේරුම් ගන්න පුළුවන්. දෙන්නාට දෙන්නා ගැළපෙන්නෙ නැති විදියෙ ඇඳුම් ඇන්දත් ඒවා අලුත්ම ෆැෂන් කියලා ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පීන් පවා කියනවා. නමුත් මේ දෙන්නා ප්‍රමෝෂන්ස්වලට අඳින ඇඳුම් නිර්මාණය කරලා දෙන්නෙ කවුද කියන එක ගැන කොහෙවත් කිසිම කෙනෙක් කතා වෙන්නෙ නැහැ. ඒ වුණත් මේ ඇඳුම් නිර්මාණය කරන්නෙ බජ්රාඕ මස්තානි ෆිල්ම් එකේ ඇඳුම් නිර්මාණය කරපු ෆැෂන් ඩිසයිනර්ස්ල වෙන්න ඇති කියලා කටකතාවක් තියෙනවා. ඒ වුණත් ඒ ගැන හරි තොරතුරක් නැහැ.
මේ වෙද්දි බජ්රාඕ මස්තානි වෙනුවෙන් මුම්බායි නගරයේ විතරක් ප්‍රමෝෂන්ස් සියයකට වැඩි ගණනක් තියලා තියෙනවා. ඒ හැම තැනකදිම රන්වීර් සිංගෙයි දීපිකා පදුකෝන්ගෙයි ඇඳුම් විලාසිතා එකිනෙකට සියයට සියයක්ම වෙනස්. ඒ විතරක් නෙවෙයි ඒවා බොහොම අපූරු, කිසිදා දැකලා නැති විදියෙ අලුත්ම අලුත් මෝස්තර. ෆිල්ම් එකේ ප්‍රමෝෂන්ස්වලට දීපිකා ඒ වගේ ඇඳුම් ඇන්දා වුණත් අනිත් වැඩවලදී, ඒ කියන්නෙ පාටිවලට යද්දී, විනෝද ගමන් යද්දී, යාළුවො හමුවෙන්න යද්දී දීපිකා අඳින්නෙ සාමාන්‍ය ඇඳුම්. එයා ඒ වගේ ඇඳුම් අඳින්නෙ බජ්රාඕ මස්තානි ෆිල්ම් එකේ ප්‍රමෝෂන්ස්වලට විතරමයි කියන එක මේ වගේ දේවල්වලින් තවත් ඔප්පු වෙනවා. දීපිකාට විතරක් නෙවෙයි රන්වීර්ට පවා මේ ඇඳුම සම්බන්ධ කතාවට තියෙන්නෙ සමාන සම්බන්ධතාවක්. රන්වීර් එයාගෙ එදිනෙදා ගමන් බිමන්වලදී අතිශය සාමාන්‍ය ඇඳුම් ඇන්දත් ෆිල්ම් එකේ ප්‍රමෝෂන්ස්වලදී අඳින්නෙ අලුත්ම අලුත් ෆැෂන් කියන එක මේ වෙද්දි ඒ දෙන්නගෙ රසිකයන් අතර හොඳටම කතාබහට ලක්වෙලා තියෙන මාතෘකාවක් බවට පත්වෙලා. ඒ විතරක් නෙවෙයි මේ විලාසිතා මේ වෙද්දි සාමාන්‍ය ඉන්දියානු තරුණියන් පවා ෆැෂන් බවට පත්කරගෙන. හොඳම කතාව තමයි අද වෙද්දි හින්දි මනාලියන්ගේ, මනාලියන්ගෙ යෙහෙළියන්ගෙ ඇඳුම් මෝස්තර දක්වා දීපිකාගෙ ප්‍රමෝෂන් ඇඳුම් ප්‍රසිද්ධ වී තිබීම.කොහොම වුණත් මේ වෙද්දි බොලිවුඩ්වල ජනප්‍රියම කපල් එක විතරක් නෙවෙයි එදා මෙදා තුර හිටපු ස්ටයිලිෂ්ම කපල් එකත් රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් කියලා 'බොලිවුඩ් නිවුස්' වෙබ් සයිට් එක කියනවා. මේ නිසාම 2016 අවුරුද්දෙ ඇක්ටිං වෙනුවෙන් රන්වීර්ගෙත් දීපිකාගෙත් අය කිරීම් පවා වැඩි කරයි කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා. ඒත් මේ දෙන්නම පහුගිය දවසක පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණෙ "තාම අපේ මිල ගණන් වැඩි කරන්න කාලෙ ඇවිල්ලා නැහැ" කියලයි.දුලංජලී මුතුවාඩිගේමව්බීම
2021 දී සුනිල් ෂෙට්ටි නම් අහිසංක දඩබ්බරයා ලබන වසරේ අගෝස්තුවේදී සමරන්නේ හැට වැනි උපන් දිනයයි. ඔහු නිතරම ඉන්ස්ටග්‍රම් සමාජ වෙබ් අඩවියෙන්...
71 වැනි වියෙහි පසුවන ආසියාවේ දීර්ඝකාලීනතම සුපිරි තරුව, තරුණ තරුණියන්ට පූර්වාදර්ශී චරිතයක් වන අතරම වැඩිහිටියන්ට පරමාදර්ශයක්ද වෙයි. තරුණ තරුණියන්ට පූර්වාදර්ශී...
ගිය අවුරුද්දෙ ජනප්‍රියම ෆිල්ම් එක වගේම ගිය අවුරුද්දෙ ජනප්‍රියම කපල් එක මේ අවුරුද්දෙත් ඒ තත්ත්වය ඒ විදියටම තියා ගන්නවා කියලා ඉන්දියාවෙ...
එකිනෙකාට මඩ ප්‍රහාර එල්ල කරගත්ත පෙම්වතුන් යුවළක් බොලිවුඩ්පුරයේ සිටියා. ඒ මීට දශක එකහමාරකට කලින්. කාලයක් තිස්සේ වැඩෙමින් තිබුණු ආදරයක් හිටි හැටියේම...
ෂාරුක්ගේ කොණ්ඩ විලාසිතා ෂාරුක් ඛාන් ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි ෂාරුක්ගේ කොණ්ඩේ. මොකද ෂාරුක් මුලින්ම රඟපාන්න එන කාලෙදි ෂාරුක්ගේ කොණ්ඩේ වෙනස්කරගෙන...
අමීර් හිටිගමන් ගණන් උස්සයි ෆර්හාන් අක්තාර්, ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු ළඟදීම අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න සැලසුම් කරමින් සිටිනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ...