අදිරා බිලිඳියට සුබ පැතුම් ප්‍රවාහයක්

ආදිත්‍ය - රාණි කතන්දරය පටන් ගත්තේ මීට අවුරුදු කිහිපයකට කලින්. ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රා සහ ජනප්‍රිය නිළි රාණි මුඛර්ජි අතර හාදකමක් පවතින බවට එවක ආරංචි පැතිර ගියේ මුළු බොලිවුඩ්පුරයම කළඹවමින්. මේ පුවත ආන්දෝලනාත්මක එකක් වුණේ ඒ වන විට ආදිත්‍ය චොප්රා විවාහකයෙකු වී සිටිය නිසයි. රාණි මුඛර්ජි නම් වූ රුවැති යුවතියට ඔහු පෙම් කළා. එය මතභේදයට තුඩු දුන් ආදරයක් වුණා. කෙසේ වෙතත් ආදිත්‍ය 2009 දී තම නිත්‍යනුකූල බිරියගෙන් වෙන්වී රාණිව විවාහ කර ගන්නට තීරණය කළා.

ඔවුන් දෙදෙනා විවාහ වුණේ පසුගිය වසරේදීයි. 2014 අප්‍රේල් මාසයේ එක්තරා දවසක ඉතාලියේදී සිදු කෙරුණු මේ විවාහයට සහභාගි වුණේ සමීප හිතවතුන්, හිතවතියන් කිහිප දෙනකු පමණයි. විවාහයෙන් වසරකුත් මාස අටක් ගතවෙද්දී ආදිත්‍ය - රාණි යුවළ දෙමවුපියන් බවට පත්වෙලා. පසුගිය 8 දා රාණි මවු පදවිය ලැබුවා. ඇයට ලැබුණේ දියණියක්. ඉන්දියාවේ බ්‍රීච් කැන්ඩි නම් වූ පෞද්ගලික රෝහලේදී තිස්හත් වියැති රාණිට ලැබුණු මේ බිලිඳියගේ නම, අදිරා. ආදිත්‍ය යන නමෙහි 'අදි' සහ රාණි යන නමෙහි 'රා' යන ශබ්ද එකතු කර අදිරා යනුවෙන් නම් ලද මේ බිලිඳු දියණිය, දෙවියන්ගෙන් ලද උතුම් තිළිණයක් බවයි රාණි පැවසුවේ.

පහුගිය දවස් ගණනක් තිස්සේ මා වෙනුවෙන් මගේ රසික රසිකාවියන් හිතවතුන්, හිතවතියන් ආශිර්වාද කළා. අද මට දෙවියන්ගෙන් මේ දියණිය ලැබුණා. මට දෙවි පිහිට පැතූ සුබ පැතූ හැම දෙනකුටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දැන් අපි, අපේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක් පටන්ගත්තා. මවු පදවිය ලද රාණි මාධ්‍යයන් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා.

යාෂ් රාජ් චිත්‍රපට සමාගමේ ප්‍රධානියා වන හතළිස් හතර වියැති ආදිත්‍ය චොප්රා තම ට්විටර් පිටුවෙහි සටහනක් තැබුවේ මේ අයුරින්...

රාණි මුඛර්ජි සහ ආදිත්‍ය චොප්රා 'අදිරා' දියණියගේ සාඩම්බර දෙමවුපියන් බවට පත්වුණා.

ආදිත්‍ය සහ රාණි මවුපිය පදවිය ලද මොහොතේ මුලින්ම සුබ පැතුවේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර්, ජනප්‍රිය නළු නිළි දෙපළක් වන අයුස්මාන් ඛුරානා සහ පරිනීති චොප්රායි. ඉන් පසුව බොලිවුඩ්පුරයේ කලාකරුවන්, කලාකාරියන්ගේ සුබ පැතුම් ප්‍රවාහයක්ම ගලා ආ බවයි, ආරංචිවල සටහන් වුණේ.සිලුමිණ

Share This Article

රාණි මුඛර්ජි ජනවාරියේදී මවු පදවියට

චොප්රා කියන වාසගම බොලිවුඩ් පුරයට ආගන්තුක නැහැ. මේ වාසගම යෙදෙන තවත් චොප්රා කෙනකු ළඟදීම මෙලොව එළිය දකින්නට බලා සිටිනවා. ඒ අයුරින්...

ජුහී සමඟ ශබානා කේන්තියෙන්

ශබානා ආස්මි සහ ජූහි චව්ලා බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරු දෙකක්. දෙදෙනා රංගනයෙන් දායක වූ චිත්‍රපට එකිනෙකට වෙනස් වුවද දෙදෙනාම ප්‍රවීණ නිළියන් බව...

ලෝක කාන්තා සමුළුව ඇමැතීමේ වරම් දිනාගත් ප්‍රථම බොලිවුඩ් නිළිය

කන්ගනා රනවුන් බොලිවුඩ් නිළියක් විතරක්ම වුණත් ගිය සතියෙ ලෝක ප්‍රසිද්ධ කාන්තාවක් බවට පත් වුණා. ඒ ඇයට 'වුමන් ඉන් ද වර්ල්ඩ්' සමුළුව...

විශ්වාස කළ නොහැකි ආදරයක්....

ඉන්දියාවේ නවදිල්ලි නුවර පදිංචි කාරියක වන ලක්ෂ්මිගේ ජීවිතය උඩුයටිකුරු වුනේ ඇය පහළොස් හැවිරිදි යුවතියකව සිටියදීය. ඒ, විවාහ යෝජනාවක් ප්‍රතික්‍ෂේප කිරීම නිසා...

බොලිවුඩයේ තොරතුරු

අමීර් හිටිගමන් ගණන් උස්සයි ෆර්හාන් අක්තාර්, ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු ළඟදීම අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න සැලසුම් කරමින් සිටිනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ...

අමිතාබ් රෝහලේදී වින්ද අත්දැකීම්

බච්චන් පවුලේ සිවු දෙනකුම කොරෝනා වයිරසයට ගොදුරු වී රෝහල් ගත කිරීම පසුගිය දිනවල මහත් අවධානයක් දිනාගත් සිදුවීමක් වුණා. ඒ ආකාරයෙන් ආසාදිතයන් බවට...