බොලිවුඩයේ පරම්පරා පහක අභිමානය වෝග් කවරයට
පසුගියදාක වෝග් සඟරාව බොලිවුඩයේ පරම්පරා පහක අභිමානය සැමරුවා. ශ්‍රී දේවී, කරිෂ්මා, කාජල්, කරීනා, ආලියා යන බොලිවුඩයේ සම්මානනීය රංගන ශිල්පීන් පස්දෙනකු වෝග් කවරය සඳහා හැඩගැන්වීමේ ගෞරවය හිමිවන්නේ මනිෂ් මල්හෝත්‍රාටයි.
මනිෂ් මල්හෝත්‍රා රංගන ශිල්පීන්, ශිල්පිනියන් හැඩගැන්වීමේ කටයුතුවල නිරත වන්නේ වසර 25ක කාලයක සිටයි. එසේම වසර 10ක කාලයක සිට ඔහු වෝග් සඟරාවේ කවර නිර්මාණ සඳහා ඇඳුම් නිර්මාණ ශිල්පියකු ලෙස සහාය පළ කරනවා.ඒ නිසාම සිය නිර්මාණශීලී හැකියාව සහ වසර 25ක අත්දැකීම් සමරමින් මෙම කවරය නිර්මාණය කිරීම මනිෂ් මල්හෝත්‍රාගේ අරමුණ වුණා. සිය ට්විටර් ගිණුම හරහා මනිෂ් සිය අදහස් පළ කරමින් කියා සිටියේ සිය 25 වසරක අත්දැකීම් සපිරි වෘත්තියට සහ වසර 10ක් පුරා වෝග් සඟරාව ඉන්දියාවට දැක්වූ සහයෝගයට සිය ස්තුතිය පළ කරමින් මෙම සඟරා කවරය සැකසූ බවයි.
කෙසේ වෙතත් මෙම කවරයේ තවත් විශේෂත්වයක් තිබෙනවා. එයට හේතුව මෙම රංගන ශිල්පිනියන් පස්දෙනාම මේ වන විට ඉන්දියාවේ තිරගත වන චිත්‍රපටවලට සහ ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටවලට රංගනයෙන් දායක වී සිටීමයි.කාජල්, ෂාරුක් ඛාන් සමඟ දිල්වාලේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන අතර කරීනා, අර්ජුන් කපූර්ගේ චිත්‍රපටයකටත්, කරිෂ්මා සහ ශ්‍රී දේවී ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට දෙකකින් රිදී තිරයට ප්‍රවිෂ්ට වීමට නියමිතයි. ආලියා බාත්ද ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයකින් හින්දි සිනමා ළැදි රසිකයන්ට දැක බලා ගත හැකියි.වසර 25ක් පුරා ඉන්දියානු සිනමාවේ බලවත්ම කාන්තාවන් පස්දෙනා ලෙස ශ්‍රී දේවි, කරිෂ්මා, කාජල්, කරීනා සහ ආලියා හඳුන්වනවා.
හංසි ආටිගලමව්බිම
අමාරුවෙන් ලබා ගත් දේ අමාරුවෙන් ලබා ගන්නා දේවල්වල වටිනාකම වැඩි කියලා කියනවානේ. බොලිවුඩ් තරුවකුත් අද එහෙම කියන්නේ තමන්ගේම ජීවිතය දෙස ආපසු හැරී...
මේ ලඟදි දවසක අර්ජුන් රාම්පල් සල්මන් කාන්ට කතා කරලා කියලා තියෙනවා අර්ජුන්ට සාලුව මුණගැහෙන්න ඕන කියලා. ඉතින් එදා හවසම දෙන්නා...
මේ දිනවල රූගත වන චිත්‍රපටයක් තමයි, ‘ඩිෂූම්’. එය අධ්‍යක්ෂණය කරන්නේ රෝහිත් ධාවන්. මෙහි ප්‍රධාන චරිත රඟන්නේ ජෝන් ඒබ්‍රහම්, වරුන් ධාවන් සහ...
නේහා හදිසියේම ලංකාවට එයි ජනප්‍රිය නිළි බිපාෂා බාසුට වේදිකාවේ නටන්න බැරි වුණොත් ඇය වෙනුවෙන් නටන්න පුළුවන් කාට ද? නේහා ඩුපියාට පුළුවන්ලු දෙදෙනාගේ...
නිතරම දකින බොලිවුඩ් තරුවක් නොවුණත් සොනක්ෂි සිංහ නම් වූ මේ රූපවන්තිය වත්මන් යොවුන් පරපුර අතර වඩාත්ම ජනප්‍රියයි. ඇය රංගනයට මෙන්ම නර්තනයටත්...
ෂාරුක්ගේ කොණ්ඩ විලාසිතා ෂාරුක් ඛාන් ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි ෂාරුක්ගේ කොණ්ඩේ. මොකද ෂාරුක් මුලින්ම රඟපාන්න එන කාලෙදි ෂාරුක්ගේ කොණ්ඩේ වෙනස්කරගෙන...