Biz Log
Classifields
Biz Log
Classifields

රාණි මුඛර්ජි ජනවාරියේදී මවු පදවියට

රාණි මුඛර්ජි ජනවාරියේදී මවු පදවියටචොප්රා කියන වාසගම බොලිවුඩ් පුරයට ආගන්තුක නැහැ. මේ වාසගම යෙදෙන තවත් චොප්රා කෙනකු ළඟදීම මෙලොව එළිය දකින්නට බලා සිටිනවා. ඒ අයුරින් උපත ලබන්නේ පුතකු ද දියණියක ද යන්න තවම හෙළි වී නැහැ. මේ බිලිදා හෝ බිලිඳිය නිසා මවු පදවිය ලබන්නේ සුපිරු තරුවක්.

ඇය තමයි, රාණි මුඛර්ජි. ඇය සහ ඇගේ සැමියා, ප්‍රවීණ සිනමාකරු ආදිත්‍ය චොප්රා බලාපොරොත්තුව සිටින්නේ ලබන ජනවාරියේදී මේ සම්පත ඔවුනට හිමි වන තුරුයි.

පසුගිය දා රාණි මුඛර්ජිට හදිසියේම රෝහල් ගතවන්නට සිදුවුණා. දරුවකු ලැබෙන්නට සිටින ඇය මෙලෙස රෝහලට ඇතුළුවීම බොහෝ දෙනකුගේ අවධානයට ලක්වුණා. මේ ගැන දිගින් දිගටම විමසීම් කළ අයට රාණිගේ සමීපතමයන් කීවේ ඇයට තදබල අසනීපයක් නොමැති බවයි. ඇයට වෛද්‍ය උපදෙස් මත රෝහලේ කිහිප දිනක් රැඳී සිටිමින් විවේක ගත යුතු යැයි වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බව ඔවුන් පැවසුවා.

දින කිහිපයක්ම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් රාණිට ඉන් පසුව තම නිවසට යෑමට අවසර ලැබුණා. ඒ වුණත්, නිවසෙහි ඇයට උචිත කාමරයක් විශේෂයෙන් සකස් කෙරෙන තුරු තවත් දින කිහිපයක්ම රෝහලෙහිම ගත කිරීමට ඇයට සිදුවුණා. වෛද්‍යවරු ඇයට උපදෙස් දුන්නේ ඝෝෂාකාරී සහ දූවිලි සහිත පරිසරයකින් ඈත්ව සිටීම වඩාත් සුදුසු බවටයි.

රාණි සහ ආදිත්‍ය විවාහ දිවියට එළඹුණේ පසුගිය වසරේදීයි. මීට මාස කිහිපයකට පෙර මේ දෙදෙනා ලන්ඩන් නුවරට පැමිණි අවස්ථාවකදී වෛද්‍ය සායනයකට ගිය බවක් ආරංචි වුණා. ඒත් රාණි හෝ ආදිත්‍ය, ලන්ඩන් සංචාරය ගැන කිසිවක් නොකියන්නට වග බලා ගත්තා.මව්බිම

Share This Article

ජැකලින් පිඹුරකු සමඟ රඟපායි

මේ දිනවල රූගත වන චිත්‍රපටයක් තමයි, ‘ඩිෂූම්’. එය අධ්‍යක්ෂණය කරන්නේ රෝහිත් ධාවන්. මෙහි ප්‍රධාන චරිත රඟන්නේ ජෝන් ඒබ්‍රහම්, වරුන් ධාවන් සහ...

71 වන වියේ පසුවන ආසියාවේ දීර්ඝ කාලීනතම සුපිරි තරුව බච්චන්

71 වැනි වියෙහි පසුවන ආසියාවේ දීර්ඝකාලීනතම සුපිරි තරුව, තරුණ තරුණියන්ට පූර්වාදර්ශී චරිතයක් වන අතරම වැඩිහිටියන්ට පරමාදර්ශයක්ද වෙයි. තරුණ තරුණියන්ට පූර්වාදර්ශී...

\"ඔය කටකතා පට්ටපල් බොරු\"

“ප්‍රීටි සින්ටා බංකොලොත් වෙලාලු. ණයකාරයො පස්සෙන් එන නිසා එයාගෙ ගෙය බදු දීලලු. දැන් එයාට පදිංචි වෙලා ඉන්නවත් ගෙයක් නැතිලු!” පසුගිය සතිය තුළ...

බොලිවුඩයේ හොඳම ජේත්තුකාර ජෝඩුව

ගිය අවුරුද්දෙ ජනප්‍රියම ෆිල්ම් එක වගේම ගිය අවුරුද්දෙ ජනප්‍රියම කපල් එක මේ අවුරුද්දෙත් ඒ තත්ත්වය ඒ විදියටම තියා ගන්නවා කියලා ඉන්දියාවෙ...

අදිරා බිලිඳියට සුබ පැතුම් ප්‍රවාහයක්

ආදිත්‍ය - රාණි කතන්දරය පටන් ගත්තේ මීට අවුරුදු කිහිපයකට කලින්. ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රා සහ ජනප්‍රිය නිළි රාණි මුඛර්ජි අතර...

රිතික්ට නැවතත් හිසරදය මතුවෙලා.

‘ක්‍රිෂ් -3’ චිත්‍රපටය සිනමා රසික පිරිසගේ උණුසුම් ප්‍රතිචාර මැද තිරගත වෙද්දී එහි ප්‍රධාන චරිතය රඟන ජනප්‍රිය නළු රිතික් රෝෂන් ගැන පසුගිය...