ගී ගයන්නත් දක්ෂ සොනාක්ෂි
නිතරම දකින බොලිවුඩ් තරුවක් නොවුණත් සොනක්ෂි සිංහ නම් වූ මේ රූපවන්තිය වත්මන් යොවුන් පරපුර අතර වඩාත්ම ජනප්‍රියයි. ඇය රංගනයට මෙන්ම නර්තනයටත් එක ලෙස දක්ෂ නිළියක් බව කවුරුත් දන්නවා. ඒත් බොහෝ දෙනකු ඇගේ ගායන හැකියාව දැන සිටියේ නැහැ. මෑතකදී පැවැති එක්තරා සිනමා සම්මාන උලෙළකදී ගීතයක් ගයන්නට ඉඩකඩ ලැබීමෙන් තමයි, සොනක්ෂිගේ ගායන හැකියාවන් කවුරුත් හඳුනා ගත්තේ.
රංගනයට, නර්තනයට දක්ෂ මේ යොවුන් නිළිය දක්ෂ ගායිකාවක් ද බව දැනගත්ත ටී-සීරීස් නම් වූ සංගීත සමාගමේ ප්‍රධානී, භූෂන් කුමාර් ඇගේ හැකියාවන් ලොවට පෙන්වන්නට ඉදිරිපත් වුණා.
ඒ අනුව එම ආයතනයේ මැදිහත් වීමෙන් සොනක්ෂිගේ ගීතයක් පටිගත කළා. එය නම් කර ඇත්තේ ‘ඉෂ්කොලික්’ යනුවෙන්. යොවුන් පරපුර ප්‍රිය කරන වේග රිද්මය මුසු වූ මේ ගීතය ලියා ඇත්තේ කුමාර්. සංගීතවත් කළේ මීට් බ්‍රොස්. සතියකට පමණ උඩදී පටිගත වූ මේ ගීතය වෙනුවෙන් නිර්මාණය කෙරෙන වීඩියෝ දර්ශන නොවැම්බර් මස අගදී රූගත කෙරෙන බවයි, සොනක්ෂි පැවසුවේ.
“සොනක්ෂිට ලස්සන කට හඬක් තියෙනවා. රසිකයන් ඇගේ හඬට ප්‍රිය කරන බවට සැකයක් නැහැ. මුළු ලෝකයම එකට එකතු කිරීමේ හැකියාවක් ඇති මේ වගේ ගීතයකට දායක වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මේ ගීතයත් එක්කම සොනක්ෂිට ඉතාම පහසුවෙන් ගායන ලෝකයට එකතු වෙන්න අවස්ථාව උදා වේවි.” ටී සීරිස් අධිපති භූෂන් කුමාර් පැවසුවා.
ඉන්දියාවේ ජනප්‍රිය වූ ‘ඉන්ඩියන් අයිඩ්ල් ජූනියර්’ නම් වූ රියැලිටි ගායනා වැඩ සටහන්වල විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස ද සොනක්ෂි කටයුතු කළා.රසදුන
සුපිරි තරුවක් නොවුණ ද, උදේ චොප්රා බොලිවුඩ් සිනමා රසික පිරිවර අතර බෙහෙවින් ජනප්‍රියයි. සිනමා රංගනයේදී ඔහු වෙතින් මතුවන හාස්‍ය රසය මේ...
“මම අම්මා කෙනෙක් වෙන්නෙ තව අවුරුදු දෙකකින් විතර. ඒ වෙන තුරු මවු පදවිය ලබන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.” මෙහෙම කියා තිබුණේ සුපිරි...
ජනප්‍රිය ගායිකා යොහානි මෙන් ලංකාවේ නාමය ලෝකයක් ඉදිරියට ගෙන ගිය තවත් තරුවක් වන්නේ ජැකලින් ෆර්නැන්ඩස්ය. ඈ බොලිවුඩයේ අති දක්ෂ රංගන ශිල්පිනියකි....
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළුවකු වන සන්ජේ දත්, පෙනහලු ආශ්රිත පිළිකා තත්ත්වයකින් පීඩා විඳින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සන්ජේ දත්ට පෙනහළු...
පසුගියදාක වෝග් සඟරාව බොලිවුඩයේ පරම්පරා පහක අභිමානය සැමරුවා. ශ්‍රී දේවී, කරිෂ්මා, කාජල්, කරීනා, ආලියා යන බොලිවුඩයේ සම්මානනීය රංගන ශිල්පීන් පස්දෙනකු වෝග්...
ගිය අවුරුද්දෙ ජනප්‍රියම ෆිල්ම් එක වගේම ගිය අවුරුද්දෙ ජනප්‍රියම කපල් එක මේ අවුරුද්දෙත් ඒ තත්ත්වය ඒ විදියටම තියා ගන්නවා කියලා ඉන්දියාවෙ...