Biz Log
Classifields
Biz Log
Classifields

සල්මන් විවාහ ගිවිස ගනී

සල්මන් විවාහ ගිවිස ගනීලූලියා වැන්ටර් රුමේනියාවේ ටෙලි නාට්‍ය නිළියක්. ඇය රුමේනියාවේ හිටියත් ඇගේ නම බොලිවුඩ් සුපිරි තරුවකගේ නමක් සමඟ පැටලුණා. ඒ, මීට වසර දෙකකට කලින්. ලූලියාව ඈඳුණේ සුපිරි නළු සල්මන් ඛාන් එක්කයි. විවිධ කටකතා, ඕපාදූපවලට හසුවූ මේ දෙදෙනා ඒ ගැන කතා කරන්නට උනන්දු වුණේ නැහැ. ටික කාලයක් ගතවෙද්දී සල්මන් - ලූලියා කතන්දරය යටපත් වුණා.

නැවතත් එය මතුවුණේ පසුගිය සතියේදීයි. අලුත් ආරංචියකුත් ඒ සමඟ දැවටී තිබුණා. එයින් කියවුණේ සල්මන් සහ ලූලියා රහසේම විවාහ ගිවිසගෙන ඇති බවයි. දෙදෙනාගේ විවාහ මංගල උත්සවය ලබන වසරේ මුල් භාගය තුළදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවක් ද ඒ සමඟම පැවසුණා. මේ ආරංචිය වඩාත්ම පැතිරී ගියේ ලූලියාගේ කළමනාකරුවකු රුමේනියාවේ බුකාරෙස්ට් නුවර සිට කළ ප්‍රකාශයකින් පසුවයි. ඔහු කීවේ ලූලියා සහ සල්මන් දැනටමත් විවාහ ගිවිසගෙන ඇති නිසා විවාහ මංගල්‍යය තවත් මාස කිහිපයකින් සිදු කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත්, මේ ආරංචියෙහි කිසිඳු සත්‍යතාවක් නැතැයි, සල්මන්ගේ නැගණිය වන අර්විතා ඛාන් සිය ට්විටර් පිටුවෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළා. ඇය එවැන්නක් පවසද්දී රුමේනියානු රූපවාහිනී චැනලවලින් ප්‍රකාශ වූයේ ද සල්මන් සහ ලූලියාගේ රහසිගත විවාහ ගිවිස ගැනීමක් ගැනයි. කෙසේ වෙතත් මේ වන තුරු මෙහි ඇත්ත නැත්ත නිවැරැදිව තවමත් හෙළි වී නැහැ.සිලුමිණ

Share This Article

බොලිවුඩයේ හොඳම ජේත්තුකාර ජෝඩුව

ගිය අවුරුද්දෙ ජනප්‍රියම ෆිල්ම් එක වගේම ගිය අවුරුද්දෙ ජනප්‍රියම කපල් එක මේ අවුරුද්දෙත් ඒ තත්ත්වය ඒ විදියටම තියා ගන්නවා කියලා ඉන්දියාවෙ...

කරීනා කපූර් මවු පදවියට

“මම අම්මා කෙනෙක් වෙන්නෙ තව අවුරුදු දෙකකින් විතර. ඒ වෙන තුරු මවු පදවිය ලබන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.” මෙහෙම කියා තිබුණේ සුපිරි...

ප්‍රීති සින්ටා හා හිටපු පෙම්වතා අතර ආරවුලේ ඇත්තම කතාව.....

පසුගිය දිනවල බොලිවුඩය පුරා වේගයෙන් පැතිරගියේ ප්‍රීති සින්ටා තමාට අතවර කිරීමේ චෝදනාව මත හිටපු පෙම්වතා වන නෙස් වාඩියාට විරුද්ධව ‍පොලීසියේ පැමිණිල්ලක්...

ගී ගයන්නත් දක්ෂ සොනාක්ෂි

නිතරම දකින බොලිවුඩ් තරුවක් නොවුණත් සොනක්ෂි සිංහ නම් වූ මේ රූපවන්තිය වත්මන් යොවුන් පරපුර අතර වඩාත්ම ජනප්‍රියයි. ඇය රංගනයට මෙන්ම නර්තනයටත්...

රිතික්ට ළංවූ නර්ගීස්

සුපිරි තරුවක් නොවුණ ද, උදේ චොප්රා බොලිවුඩ් සිනමා රසික පිරිවර අතර බෙහෙවින් ජනප්‍රියයි. සිනමා රංගනයේදී ඔහු වෙතින් මතුවන හාස්‍ය රසය මේ...

ලෝක කාන්තා සමුළුව ඇමැතීමේ වරම් දිනාගත් ප්‍රථම බොලිවුඩ් නිළිය

කන්ගනා රනවුන් බොලිවුඩ් නිළියක් විතරක්ම වුණත් ගිය සතියෙ ලෝක ප්‍රසිද්ධ කාන්තාවක් බවට පත් වුණා. ඒ ඇයට 'වුමන් ඉන් ද වර්ල්ඩ්' සමුළුව...