Biz Log
Classifields
Biz Log
Classifields

මූණවත් නොබලන පැරණි පෙම

මූණවත් නොබලන පැරණි පෙමබොලිවුඩ් පුරයේ ඇතිවන සැබෑ පෙම් බැඳුම් බිඳී විසිරී යන අවස්ථා අනන්තයි. එහෙම වෙන්වීම් සිදුවුණායින් පස්සෙ පෙම්වතා සහ පෙම්වතිය අතර කිසිදු කතාබහක් සිදු නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒත්, ඔවුන්ට සිනමා ලෝකයේ කටයුතු කරද්දි ඇතැම් විට නිළ වශයෙන් කතා බහ කරන්නට සිදු වෙනවා. එවැනි කතාවක් බහක් තබා මුහුණුවත් නොබලන පෙම්වතුන්, පෙම්වතියන් සිටිනවා.

එවැනි පෙම් යුවළක් තමයි, හර්මන් බවේජා සහ බිපාෂා බාසු. මීට වසර කිහිපයකට පෙර අත්වැල් අල්ලාගෙන සිටි මේ දෙදෙනා දැන් වෙන් වෙලා. පෙමින් බැඳී සිටි කාලෙය් එක් මොහොතකදී ආරංචි පැතිරී ගියේ හර්මන් සහ බිපාෂා විවාහ ගිවිස ගැනීමටත් ලක ලැහැස්ති වූ බවයි. එහෙත් එවැන්නක් සිදුවුණේ නැහැ. කොහොම වෙතත් දෙදෙනාගේ වෙන්වීම නම් සිදු වුණා. මේ වෙන්වීමට මුල් වුණේ හර්මන් ගේ වෙනත් සබඳකමක්. ඔහු, වෙනත් රටක නිරූපිකාවක් වන ඔලේගා නමැත්තිය සමඟ සබඳකමක් පවත්න බවට බිපාෂාට ආරංචි වීමත් සමඟම ඇය ඔහුගෙන් සමුගත් බවයි පැවසෙන්නේ.

ඉන්පසුව ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ මුණ ගැසුණේ නැහැ. පසුගියදා පැවති උපන් දින සාදයකට නම් බිපාෂාටත් හර්මන්ටත් ඇරයුම් ලැබී තිබුණා. මේ උපන් දින සාදයේ ‘හිමිකාරිය’ තමයි, ජනප්‍රිය නිළි ශිල්පා ශෙට්ටි. ඇගේ 40 වැනි උපන් දිනය වෙනුවෙන් මේ සාදයට නොමසුරුව, ඇති තරම් මුදල් වියදම් කර තිබුණේ ශිල්පාගේ සැමියා වන රාජ් කුන්ද්‍රායි. ශිල්පාගේ සහ රාජ් ගේ පවුලේ උදවියත් සහභාගි වූ මේ සාදයට ඇරයුම් ලැබූ සෙසු අය තමයි සමීපතම හිතවතුන්. හර්මන් බවේජාත් රාජ් සහ ශිල්පාගේ සමීප හිතවතෙක්. බිපාෂා ත් ඔවුන් දෙදෙනා ගේ සමීප හිතවතියක්. ඒ නිසා මේ විරසක වූ පෙම් යුවළත් ඇරයුම් ලබා සිටියා.

හර්මන් නම් උපන් දින සාදයට එක්වුනණ් දැඩි සතුටකින්. ඔහු බොහෝ වේලාවක් එහි රැඳී සිටියා. ශිල්පා සහ රාජ් ඊළඟට බලා සි‍ටියේ බිපාෂා පැමිණෙන තුරුයි. මැදියම් රැය ආසන්න වන තුරු උපන් දින සාදය පැවැත්වුණත් බිපාෂා එයට සහභාගිවීමට පැමිණියේ නැහැ. ශිල්පාටත් රාජ්ටත් තවත් බොහෝ දෙනෙකුටත් ඇ‍ගේ නොපැමිණීමේ හේතුව ‍‍තේරුම් ගියා. හර්මන් එහි පැමිණෙන බව බිපාෂා දැන සිටි නිසයි, ඇය උපන් දින සාදයේ පැත්ත පළාතකටවත් නොගියේ.රසදුන

Share This Article

රවීනා ගේ දියණියට දැන් 16යි

රවීනා තන්දන්ගේ දියණිය රාශා මාර්තු 16 දා ඇගේ 16 වන උපන් දිනය සැමරුවාය. අම්මා කෙනෙකුට හැමදාමත් සිය දියණිය දිස් වන්නේ කුඩා...

මධුරි-ජුහී-ශ්‍රී දේවි රඟපාන සැබෑ ජීවිතයේ බිරියගේ භූමිකාව

මධුරි සමඟ ශ්‍රී රාම්මධුරි විවාහ වුණේ හෘද රෝග ශල්‍ය වෛද්‍යවරයෙක් එක්ක. ඒ ශ්‍රී රාම් මාධව් නේනෙ. එයා ඉන්දියානුවෙක් වුණත් වැඩ කරන්නෙ...

ශ්‍රද්ධාට පොලිස් ආරක්ෂාව

සුරූපී නිළි ශ්‍රද්ධා කපූර් පසුගිය සතියේ රොක් සංගීතයට අනුව ගී ගැයීමට පුහුණු වුණා. ඒ ඇයට රඟපෑමට ලැබී තිබෙන චරිතයක් නිසයි. ෆර්හාන්...

ටැක්ස් මාෆියාවට අහුවුණු බොලිවුඩ් සුපිරි තරු…

අපි අමාරුවෙන් හම්බකරපු සල්ලි මේ…ඉන්කම් ටැක්ස් ප්‍රශ්න යනු සුපිරි බොලිවුඩ් තරුවලට අලුත් දේවල් නොවේය. සෑම වසර කිහිපයක් පාසාම වාගේ සුපිරි තාරකාවන්...

හැටේදිත් කඩවසම්

2021 දී සුනිල් ෂෙට්ටි නම් අහිසංක දඩබ්බරයා ලබන වසරේ අගෝස්තුවේදී සමරන්නේ හැට වැනි උපන් දිනයයි. ඔහු නිතරම ඉන්ස්ටග්‍රම් සමාජ වෙබ් අඩවියෙන්...

ප්‍රීති සින්ටා හා හිටපු පෙම්වතා අතර ආරවුලේ ඇත්තම කතාව.....

පසුගිය දිනවල බොලිවුඩය පුරා වේගයෙන් පැතිරගියේ ප්‍රීති සින්ටා තමාට අතවර කිරීමේ චෝදනාව මත හිටපු පෙම්වතා වන නෙස් වාඩියාට විරුද්ධව ‍පොලීසියේ පැමිණිල්ලක්...