Biz Log
Classifields
Biz Log
Classifields

ප්‍රියංකා වර්ජනයක

ප්‍රියංකා වර්ජනයක‘අයිෆා’ හෙවත් ‘Indian International Film Awards’ සිනමා සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර. මේ සඳහා එක්වූ බොලිවුඩ් තරු අතර ප්‍රියංකා චොප්රා ද සිටියා. ඇය එම උලෙළට පැමිණයේ වේදිකා නර්තනයක් ඉදිරිපත් කරන්නත්, ඇය රඟපෑ ‘දිල් ධදක්ගේ දෝ’ චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹන්නත්, සම්මාන රාත්‍රියට සහභාගි වෙන්නත් හිතාගෙන. ඒත් ඇය, ‘අයිෆා’ උලෙළට පැමිණි පසුව තත්වය වෙනස් වුණා. ඇය ‘දිල් ධදක්ගේ දෝ’ චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹන්නට පමණයි එක්වුණේ. සමහරු කීවේ ඇයට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී ඇති නිසා අනෙක් අංග වලට සහභාගි නොවුණාය කියලයි. කරුණු දන්නා අය නම් කීවේ හේතුව එය නොවන බවයි.

ඇය වෙනුවට අනුශ්කා ශර්මා, ‘අයිෆා’ වේදිකාවේ නර්තනයකට තෝරාගැනීම නිසා ප්‍රියංකා අසතුටට පත්වෙලා. ඇය තරමක් කේන්තියෙන් පසුවූ බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් ඇය සම්මාන රාත්‍රියට එක්වී නැහැ. ප්‍රියංකා වඩාත් උනන්දුවෙන් ලක ලැහැස්ති වී ඇත්තේ ‘අයිෆා’ වේදිකාවේ රංගනයක් ඉදිරිපත් කරන්නයි. අවසන් මොහොතේ එයින් ඉවත් කර ඇති බව දැන ගන්න ලැබීමෙන් ප්‍රියංකා තුළ කෝපයක් ජනිත වීම පුදුමයක් නොවන බවයි සමහරු පවසන්නේ. මීට කලින් පැවති අයිෆා සම්මාන උළෙලකදී ද ප්‍රියංකා අපහසුතාවට පත්වූ කරුණක් සිදුවී තිබෙනවා. ඒ නිසා ඇය අයිෆා උලෙළේ සංවිධාන කටයුතු සිදු කරන එක්සෙල් එන්ටර්ටේන්මන්ට්ස් ආයතනය අතර අමනාපයක් පවතින බව දැන් රහසක් නොවෙයි.රසදුන

Share This Article

බොලිවුඩි ආධිපත්‍යයට අභියෝග කරන දකුණු ඉන්දියානු සිනමාවේ අනාගතය කොයිබටද?

ඉන්දියානු සිනමාව යනු ලෝකයේ අන් රටවල පිහිටි සිනමාවන්ගෙන් බොහෝ සෙයින් වෙනස්වන්නා වූ සංකීර්ණ ස්වරූපයකින් සමන්විත සිනමා කලාපයකි. මන්ද එක් රාජ්‍යයක් තුළ...

ආක්ෂේ-ශිල්පා යළි එක්වෙලා

එකිනෙකාට මඩ ප්‍රහාර එල්ල කරගත්ත පෙම්වතුන් යුවළක් බොලිවුඩ්පුරයේ සිටියා. ඒ මීට දශක එකහමාරකට කලින්. කාලයක් තිස්සේ වැඩෙමින් තිබුණු ආදරයක් හිටි හැටියේම...

ශ්‍රද්ධාට පොලිස් ආරක්ෂාව

සුරූපී නිළි ශ්‍රද්ධා කපූර් පසුගිය සතියේ රොක් සංගීතයට අනුව ගී ගැයීමට පුහුණු වුණා. ඒ ඇයට රඟපෑමට ලැබී තිබෙන චරිතයක් නිසයි. ෆර්හාන්...

71 වන වියේ පසුවන ආසියාවේ දීර්ඝ කාලීනතම සුපිරි තරුව බච්චන්

71 වැනි වියෙහි පසුවන ආසියාවේ දීර්ඝකාලීනතම සුපිරි තරුව, තරුණ තරුණියන්ට පූර්වාදර්ශී චරිතයක් වන අතරම වැඩිහිටියන්ට පරමාදර්ශයක්ද වෙයි. තරුණ තරුණියන්ට පූර්වාදර්ශී...

තෝරා බේරා නොගෙන පෙම් කළ නළුවා

රාජ් කපූර් හින්දි හා ඉංග්‍රීසි භාෂාවනට අමතරව දෙමළ, තෙළිඟු, මලයාලම් හා රුසියානු ආදි භාෂා රාශියක් දැන සිටියේය. “මම හුඟාක් භාෂා ඉගෙන ගත්තේ...

දරුවො නිසා දැන් රඟපාන්නෙ නැහැ - Kajol

අජේ දේව්ගන් සෑහෙන්න වෙනස් චරිතයක්. කාජල් කියන්නේ අජේට වඩා දස ගුණයකින් වෙනස් චරිතයක්. අහස පොළොව එකතු වෙන සිතිජ ඉම වගේ විවාහ...