අනුශ්කා විරාට්ගේ ගෙදර
![](images/gossip/gossip-139139/larges/a.jpg)
අනුශ්කා විරාට්ගේ ගෙදර
බොලිවුඩ්පුරයේ කතා ෆැක්ටරිවලට දැන් තවත් උණුසුම් මාතෘකාවක් ලැබිලා. මෙහි ප්‍රධාන චරිත දෙක තමයි, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සහ සුපිරි නිළි අනුශ්කා ශර්මා. පසුගියදා අවසන් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාවේ අර්ධ අවසන් වටයෙන් ලැබූ පරාජයත් සමඟම විරාට් කෝලිට එල්ල වුණේ ගල් මුගුරු. ඔහුට විතරක් නොවෙයි අනුෂ්කාටත් එවැනිම ගල් මුගුරු පොදියක්ම එල්ල වුණා. ඉන්දීය ක්‍රිකට් ලෝලීන් චෝදනා කළේ මේ පරාජයට අනුශ්කාගේ ‘දැඟලිල්ල’ ප්‍රබල හේතුවක් වුණාය කියලයි. ඇය, විරාට් ක්‍රීඩා කරන අතරතුර දී ක්‍රීඩා මණ්ඩපයේ සිට ඔහුට ප්‍රතිචාර දක්වන්නට යාමෙන් මේ ‘වින්නැහිය’ සිදුවූ බවටයි ඔවුන් තව දුරටත් ප්‍රකාශ කරන්නේ. අනුශ්කාට මීට කලිනුත් මෙවැනිම චෝදනාවක් එල්ල වූ බව ඔබට මතක ඇති. කොහොම වෙතත්, ඒ චෝදනා පසෙකට දැමූ අනුශ්කා මෙවර ද තම පෙම්වතා වන විරාට් ක්‍රීඩා කරන අයුරු නරඹන්නට ඕස්ට්‍රේලියාවට පිටත්ව ගියා. පරාජයේ අමිහිර විඳ ගනිමින් මේ දෙදෙනා ආපසු ඉන්දියාවට පැමිණියේ එකටයි. දෙදෙනා මුම්බායි ගුවන් තොටින් සිය රටට පැමිණෙන අයුරු දිස්වන ඡායාරූප කීපයක් ද පසුගිය සතියේ අන්තර් ජාලයේ සටහන් වී තිබුණා. විරාට් - අනුශ්කා යුවළට දෙහි කැපූ අය සිතුවේ මින් මතු මේ දෙදෙනාගේ පෙම් සබඳකම නොපැවැත්වේවි ය කියලයි. ඒත්, ඔවුන්ගේ ඒ සිතුවිලි කණපිට හරවමින් පෙරටත් වඩා හොඳින් විරාට් සහ අනුශ්කාගේ පෙම් කතාව ගලාගෙන යනවා. මේ වන විට අනුශ්කා, විරාට්ගේ නිවෙසෙහි රැඳී සිටින බවත් පැවසෙනවා. දැන් විරාට්ගේ පවුලේ උදවිය අනුශ්කාව සලකන්නේ ඔවුන්ගේම ඥාති දියණියක්, සහෝදරියක් හැටියටලු. මේ අතර, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනාගේ විවාහ මංගල උත්සවයට සහභාගි වීමට විරාට් ලක ලැහැස්ති වී සිටියා. මේ මංගල උත්සවයට ඔහු සහභාගි වන්නේ තනිවම නම් නොවෙයි. තම පෙම්වතිය අනුශ්කා ශර්මාත් එක්කයි. සුරේෂ් සහ ප්‍රියංකා ගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ නවදිල්ලියේ ලීලා පැලස් නම්වූ සුපිරි හෝටලයේදියි.‘හබි'ත් එක්ක දැන්වීමක
![](images/gossip/gossip-139139/larges/maduri.jpg)
වසර 30 යුග දිවිය නිමවෙලා
![](images/gossip/gossip-139139/larges/boli-3.jpg)
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළුවකු වන සන්ජේ දත්, පෙනහලු ආශ්‍රිත පිළිකා තත්ත්වයකින් පීඩා විඳින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සන්ජේ දත්ට පෙනහළු...
ශබානා ආස්මි සහ ජූහි චව්ලා බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරු දෙකක්. දෙදෙනා රංගනයෙන් දායක වූ චිත්‍රපට එකිනෙකට වෙනස් වුවද දෙදෙනාම ප්‍රවීණ නිළියන් බව...
අමාරුවෙන් ලබා ගත් දේ අමාරුවෙන් ලබා ගන්නා දේවල්වල වටිනාකම වැඩි කියලා කියනවානේ. බොලිවුඩ් තරුවකුත් අද එහෙම කියන්නේ තමන්ගේම ජීවිතය දෙස ආපසු හැරී...
බච්චන් පවුලේ සිවු දෙනකුම කොරෝනා වයිරසයට ගොදුරු වී රෝහල් ගත කිරීම පසුගිය දිනවල මහත් අවධානයක් දිනාගත් සිදුවීමක් වුණා. ඒ ආකාරයෙන් ආසාදිතයන් බවට...
අදට වඩා එදා කලාකරුවෝ සංවේදී හදවත් සහිත, හැඟුම්බර සෞන්දර්ය වාදී මිනිස්සු වූහ. එය එක් රටකට සීමා නොවූ ලෝකයටම පොදු වූ සත්‍යයක්...
අජේ දේව්ගන් සෑහෙන්න වෙනස් චරිතයක්. කාජල් කියන්නේ අජේට වඩා දස ගුණයකින් වෙනස් චරිතයක්. අහස පොළොව එකතු වෙන සිතිජ ඉම වගේ විවාහ...