Thor: The Dark World
ඇමෙරිකාව තුලදී නිර්මාණය වීම ඇරඹි Marvel Comic කතා මාලාවන් දැන් දැන් චිත්‍රකතාවලට පණපෙවුණු චිත්‍රපට වීමටත් ලොව පුරා සීඝ්‍ර ලෙස ජනප්‍රිය වීමටත් පටන් ගෙන ඇත. මාවල් ස්ටුඩියෝ වෙතින් නිෂ්පාදනය වූ වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝ මෝෂන් පික්චර්ස් වෙතින් බෙදාහැරුණු තවත් එක් පණ පෙවුණු මාවල් කතාමාලාවකි, Thor. 2011 වසරෙහි තිරගත වීමට යෙදුනු එහෙත් තවමත් ජනප්‍රියත්වය එලෙසින්ම පවතින Thor හි දෙවැන්න ලෙසින් නිර්මාණය වූ Thor: The Dark World චිත්‍රපටයද එහි පළමුවැන්නටත් වඩා සාර්ථක වෙමින් තවමත් බොක්ස් ඔෆිස් වාර්තා අතර කිරුළු දරන්නට සමත්ව ඇත. ඇලන් ටේලර්ගේ අධ්‍යක්ෂණයෙන් පණ පෙවුණු Thor: The Dark World හි තිර රචනයට ක්‍රිස්ටෝපර් යෝස්ට්, ක්‍රිස්ටෝපර් මාකස් සහ ස්ටෙපන් මැක්ෆීලී සමදායකත්වය දරයි. සංගීතය සහ සංකලනය බ්‍රයන් ටේලර් විසින් සිදු කරන ලද අතර Thor: The Dark World හි නිෂ්පාදන කටයුතු එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ මෙන්ම අයිස්ලන්තයේ දී ද සිදුවිය. සිනමා කැමරාකරණය ක්‍රාමර් මොගෙන්තවූ අතින් සිදුවූවක් වන අතර එය මිනිත්තු 112ක් පුරා දිග හැරෙයි. Thor හි පළමුවැන්නේ අවසානය විශ්වයේ රාජධානි නවයක් යාකරමින් පැවති දේදුණු පාලම හෙවත් අයින්ස්ටයින් රෝසන් පාලම බිදී යෑමත් සමඟ සිදුවූ අතර ඒ හේතුවෙන් ඇස්ගාර්ඩ්හි තෝර් ද, පෘථිවිය හෙවත් මිඩ්ගාර්ඩ්හි ඩොක්ටර් ජේන් ෆොස්ටර් ද දෙදෙනාගේ ආදරයත් සමඟින් හුදෙකලා වන අතරතුර දී, ඇස්ගාර්ඩ්හි කිරුල හිමි කුමරුවන් ලෙසින් තෝර් හට විශ්වයේ රාජධානි නවය අතර සාමය ඇතිකරලීමට කාර්යබහුල වීමට සිදුවේ. අවුරුදු දහස් ගණනකට කලියෙන් තෝර්ගේ මුත්තා වන බෝර් විසින් අඳුරු බලවේගයක් වූ මැලේකිත් සහ ඊතරය පරාජය කොට විශ්වීය සාමය ඇතිකරන ලදී. නමුත් නැවතත් රාජධානි නවය එක ලෙසට පිහිටීමට ආසන්න වන මොහොතකදී ඩොක්ටර් ජේන් ෆොස්ටර් අතින් ඊතරය සක්‍රීය වී විශ්වය තුල නැවතත් අඳුරු බලවේගයන් ක්‍රියාත්මක වීම ඇරඹේ. තෝර් ලෙසින් ක්‍රිස් හෙම්ස්වර්ත් ද, ඩොක්ටර් ජේන් ෆොස්ටර් ලෙසින් නැතලි පෝට්මන් ද, ලෝකි ලෙසින් ටොම් හිඩ්ල්ස්ටන් ද, ඕඩින් ලෙසින් ඇන්තනි හොප්කින්ස් මෙන්ම මැලේකිත් ලෙසින් ක්‍රිස්ටෝපර් එක්ලෙස්ටන් ද රංගනයෙන් දායක වේ. ස්ටෑන් ලී, ලැරී ලියෙබර් සහ ජැක් කර්බි ගේ Thor මාවල් කතාමාලාව පාදක කොටගෙන නිර්මාණය වූ Thor සහ Thor: The Dark World,2011 සහ 2013 වසරේ ඔක්තෝම්බර් 22 වැනි දින ලන්ඩන් ප්‍රිමියර් හිදී තිරගතවීම ඇරඹි මෙහි අඳුරු බලවේගයට එරෙහිව සටන් වැදීමට තම මුත්තා, බෝර් මෙන් තෝර්ට හැකියාව ලැබේවිද? සටහන නෙත්මි
මෙය 7.1/10 IMDB අගයක් ලැබූ 1998 වර්ෂයේ නිකුත් කල Action/Horror වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකක් වේ."1967 දී ගර්භනී...
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි මෙය 5.1/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 30ක්...
මෙය 7.2/10 IMDB අගයක් ලැබූ 2003 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකක් වේ."යෞවනියක් වන සුමි මානසික...
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.මෙය 6.7/10 IMDB අගයක් ලැබූ 2005 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි...
මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2010 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 41ක් වේ."අයෝවා හි ඔග්ඩන්...