Biz Log
Classifields
Biz Log
Classifields

තන්හා රතී රඟා කේරළ සිනමා උළෙලට

තන්හා රතී රඟා කේරළ සිනමා උළෙලට

නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ “තන්හා රතී රඟා”(Between Yesterday & Tomorrow)චිත්‍රපටය කේරළ සිනමා උළෙලේ World Cinema Official Selection සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තේරී පත්ව ඇත. මෙවර 18 වැනි කේරළ ජාත්‍යන්තර සිනමා උළෙල හෙට (06) සිට 13 වැනිදා දක්වා කේරළයේ ත්‍රිවාන්ද්‍රම්හිදී පැවැත්වීමට නියමිතය. තන්හා රතී රඟා, තිස් වසරක් පුරා පැවැති යුදමය වාතාවරණය නිමාවීමත් සමඟ ඇති වූ සාමකාමී වාතාවරණය තුළ චලෙයි ප්‍රදේශයේ සංචාරයක් සඳහා යන තරුණයන් තිදෙනෙකු වටා ගෙතුන අපුරු කතා පුවතක් රැගෙන එන චිත්‍රපටයකි. මෙහි පිටපත සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ වන අතර සංගීතය ගයත්‍රි කේමදාස සහ අනූපා කේමදාස විසිනි. සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, දයාදේව එදිරිසිංහ ඇතුළු පිරිසක් තන්හා රතී රඟාහි චරිත මවති. උබර්තො පැසොලිනි අධ්‍යක්ෂණය කළ ‘ස්ටිල් ලයිෆ්’, අස්ගාර් ෆර්හාදි අධ්‍යක්ෂණය කළ ‘ද ෆාස්ට්’, පාව්ලෝ සොරන්තිනෝ අධ්‍යක්ෂණය කළ ‘ග්‍රේට් බියුටි’, පෝල් ෂ්රාඩර් අධ්‍යක්ෂණය කළ ‘ද සයිනස්’, ජෆාර් පනාහි අධ්‍යක්ෂණය කළ ‘ක්ලෝස්ඩ් කර්ටන්’, අමෝස් ගිටායි අධ්‍යක්ෂණය කළ ‘කම්බුසියා පාර්ටොව්’, ‘ඇනා අරබියා’ සහ කිම් කී ඩුක් අධ්‍යක්ෂණය කළ ‘මේබියස්’ මෙවර කේරළ ජාත්‍යන්තර සිනමා උළෙලේ World Cinema Official Selection සඳහා තේරී තිබෙන අනෙකුත් චිත්‍රපට වේ.

යතේජා

උපුටා ගැනීම සරසවිය

Share This Article

The Skeleton Key

මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2005 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 45"ආගන්තුක සත්කාර සහායකවරියක වන...

Crimson Peak

මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2015 වර්ෂයේ නිකුත් කල Horror/Mystery වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 59ක් වේ."1887 දී නිව්...

The Host

මෙය 7.1/10 IMDB අගයක් ලැබූ 2006 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි 01ක් වේ."වර්ෂ 2000...

The Thing

මෙය 6.2/10 IMDB අගයක් ලැබූ 2011 වර්ෂයේ නිකුත් කල Horror/Sci-fi වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 43ක් වේ."1982 ශීත...

A Tale of Two Sisters

මෙය 7.2/10 IMDB අගයක් ලැබූ 2003 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකක් වේ."යෞවනියක් වන සුමි මානසික...

Constantine

මෙය 7.0/10 IMDB අගයක් ලැබූ 2005 වර්ෂයේ නිකුත් කල Horror/Fantasy වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩියක් වේ." මෙක්සිකානු ගම්බද...