Biz Log
Classifields
Biz Log
Classifields

Now You See Me

Now You See Me

මායාව යනු කුමක්ද? මායාව කියන්නේ මුලා කිරීම, නමුත් මුලා කිරීමේ අභිප්‍රාය වන්නේ සොම්නස, විනෝදය ඇති කිරීම, ප්‍රබෝධවත් කිරීමයි. මායාව තිබෙනුයේ විශ්වාස කරන්නයි. ඇදහිල්ල, විශ්වාසය යන ගතිගුණ නොවෙන්න මායාව මේ වෙනකොටත් මිහිමත නැතිව ගිය කලාවක්. නමුත් මොකද වෙන්නේ ඒ ගුණාංග ඒවායේ අරමුණු වෙනුවෙන් භාවිතා නොකළහොත්, ඇත්තෙන්ම එය රැවටීමට, බොරුවට, පුද්ගලික ලාභය හෝ ලොභකමට යොදාගත් සැනින්ම එය තව දුරටත් මායාවක් නොවෙයි. එය අපරාධයක්. වීදි මායාවෙහි නියුතු එතරම් ප්‍රසිධියක් නොඋසුලන මායාකරුවන් හතර දෙනෙකුට ඇරයුමක් ලැබේ. ඒ මාර්තු 29 වන දින වෙලාව පස්වරු 4.44 වන විට නිව්යෝක් හි නැගෙනහිර වීදියෙහි 45 වන තැනට පැමිණෙන ලෙසයි. යම පල්ලා, උතුම් පුජකවරිය, මල්සරා සහ තාපසයා ලෙසින් ඔවුන්ව නම් කොට තිබූ එතැනින් Now You See Me ඇරඹෙයි. Louis Leterrier විසින් අධ්‍යක්ෂිත French Amarican Caper Thriller Films සාඩම්බර ඉදිරිපත් කිරීමක් වන Now You See Me චිත්‍රපටය මිනිත්තු 125ක් පුරා දිග හැරෙයි. 2013 මැයි 21 දින නිව්යෝක් හිදී තිරගතවීම ඇරඹුණු Now You See Me චිත්‍රපටය Studio K/O Paper Product චිත්‍රාගාරය තුල නිමවූවකි. Brian Tyler අතින් සංගීතවත් වූ මෙහි Boa Yakinz සහ Edward Ricourt විසින් රචිත තිරපිටපතකි. අසරුවන් හතර දෙනා වන ඩැනියෙල් ඇට්ලස් ලෙසින් ජේස් එයිසින්බග්, හෙයිලි රීව්ස් ලෙස ඉස්ලා ෆිෂර්, ජැක් වයිල්ඩර් ලෙස ඩේව් ෆ්‍රෑන්කෝ, ඩිලන් රෝඩ්ස් ලෙස මාර්ක් රුෆ්ලෝ රංගනයෙන් දායක වේ. එසේම වූඩි හාරෙල්සන්, මෙරිට් මැකිනි ලෙසින්ද, මෝගන් ෆ්‍රිමන්, තඩේන්ස් බ්‍රැඩ්ලි ලෙසින්ද රඟ දක්වයි. මායාව හා සම්බන්ධව පුරාවෘතාන්තමය රහස් ගොන්නක් තිබේ. පුරාණ ඊජිප්තියානුවන් එයට කීවේ ‘ඇස’ කියලයි. මායාව ඉදරියට ගෙනයාමට පුරෝගාමී වූ අසරුවන් පස් දෙනෙකු. ඇත්තෙන්ම ඔවුන් පුරාවෘතයෙහි එන අසරුවන්මද, ඔවුන් සිව් දෙනාට පස් වන අසරුවා මුණ ගැසේවිද, මායාව ඔවුන් කුමකට යෝදාගනිවිද? නෙත්මි

Share This Article

Thor: The Dark World

ඇමෙරිකාව තුලදී නිර්මාණය වීම ඇරඹි Marvel Comic කතා මාලාවන් දැන් දැන් චිත්‍රකතාවලට පණපෙවුණු චිත්‍රපට වීමටත් ලොව පුරා සීඝ්‍ර ලෙස ජනප්‍රිය වීමටත්...

Horns

මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2013 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි 03ක් වේ." මෙරින්...

The Autopsy of Jane Doe

මෙය 6.8/10 IMDB අගයක් ලැබූ 2016 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 39ක් වේ." නාඳුනන තරුණියකගේ...

Satan

මෙය 6.6/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 47ක් වේ.1981 වර්ෂයේදී,...

Veronica

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.මෙය 6.2/10 IMDB අගයක් ලැබූ 2017 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 46ක් වේ."...

තන්හා රතී රඟා කේරළ සිනමා උළෙලට

නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ “තන්හා රතී රඟා”(Between Yesterday & Tomorrow)චිත්‍රපටය කේරළ සිනමා උළෙලේ World Cinema Official Selection සඳහා ශ්‍රී ලංකාව...