Biz Log
Classifields
Biz Log
Classifields

Hours

Hours

ලොස් ඇන්ජලීස් නුවරට සැතපුම් 30ක් පමණ වයඹ දෙසට වන්නට ශාන්ත ක්ලැරීටා කැලිෆෝර්නියාවේ දී මාරක රිය අනතුරක් පසුගිය නොවැම්බර් 30 වැනි දින සිදුවිය. වංගුව ගනිද්දී පැමිණි වේගය පාලනය කරගත නොහැකිව අසල තිබූ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුවිය. Auto racing team හි සාමාජිකයන් දෙදෙනෙකු එහි වූ බවට වාර්තා විය. ලොවම එසැනින් කම්පාවට පත්කළ ඒ මාරක රිය අනතුරට භාජනය වූයේ Fast & Furious චිත්‍රපට මාලාව තුලින් රසික සිත් සතන් පිනවූ Paul Walker සහ ඔහුගේ සගයා වූ Roger Rodas ය. මිය යන විට 40 වැනි වියෙහි පසුවූ පෝල් වෝකර් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය හොලිවුඩ් තරුවක් බවට පත් වූයේ car racing තුලින් වුවද, ඔහුගේ අද්විතීය රංගන ප්‍රතිභාව එයින් ඔබ්බට විහිදුනකි. ලොස් ඇන්ජලීස් නුවරට විශාල ලෙස අලාභ හානි කරමින් හමා යන කැතරිනා සුළි සුළං ප්‍රවාහය ශාන්ත මේරි රෝහලටද හානි පමුණුවමින් සිටී. නෝලන් හේලීස් තම බිරිය ඇබිගේල් සමඟ ශාන්ත මේරි රෝහලෙහි රැදී සිටින්නේ තම ප්‍රථම දරුවාගේ ප්‍රසුතිය වෙනුවෙනි. කැතරිනා මෙන්ම නෝලන්ගේ දිවියටද සුළි කුණාටුවක් හමා යමින් දරු ප්‍රසුතිය අතරතුර ඇබිගේල් මිය යන්නේ නෝලන් හට සුරතල් සිඟිති දියණියක් ත්‍යාග කරමිනි. පැය 48ක් යනතුරු සිඟිත්තිය මැෂින් එකක් ආධාරයෙන් හුස්ම ගැනීමට හුරු විය යුතුයැයි දොස්තර පවසන්නේ ඇයගේ මව ප්‍රසුතියේදී මිය ගිය බැවිනි. කැතරිනා දරුණු ලෙස පහර පිට පහර එල්ල කරමින් සිටින අවස්ථාවේ ශාන්ත මේරි රෝහලේ සියල්ලන් වෙනත් රෝහලකට මාරු කරයි. තම දියණියගේ දිවිය රැක ගැනීම උදෙසා සටන් වදින වීර පියෙකුගේ කතාව එලෙසින් ගලාගෙන යයි. The Safran Company යටතේ නිෂ්පාදනයක් ලෙස Southwest Film Festival දී 2013 මාර්තු 10 වැනි දින ලොව පුරා තිරගතවීම ඇරඹි Hours නොහොත් පැය අතර සටනෙහි නෝලන් හේලීස් ලෙසින් පෝල් වෝකර් ද, ඇබිගේල් ලෙසින් ජෙනසිස් රොඩ්රිගස් ද රංගනයෙන් දායක වේ. 2005 වසරේ ලොස් ඇන්ජලීස් නුවරට බරපතල හානි පමුණුවා, ගංවතුර සහ දින ගණනාවක් පුරාවට මුළු නගරයම අඳුරේ ගිල්වා තැබීමට සමත් වූ කුරිරු කැතරිනා සුළි කුණාටුව පාදක කරගනිමින් Hours හි තිරපිටපත සහ අධ්‍යක්ෂණය කලේ එරික් හෙයිසර් විසිනි. බේබි ඇබිගේල් ගේ හුස්මත්, පැයත් අතර සටන් වදින නෝලන් පිතෘ සෙනෙහස මේ යැයි ලොවට කියා පාන්නට සමත් වෙයිද, ඔහුට තම සිඟිති දියණිය රැක ගත හැකිවේද? සිත්මල්යායෙන්

Share This Article

ශූරයන් ඕනෑම තැනකින් මතුවිය හැකිය McFarland USA

සත්‍ය කතා ඕනෑ තරම් සිනමාවට නැඟී තිබේ. ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ සත්‍ය කතා ද තිරයට නැඟී ඇති අතර හොලිවුඩයෙන් ලබන 20 වැනිදා...

The Mist

මෙය 7.1/10 IMDB අගයක් ලැබූ 2007 වර්ෂයේ නිකුත් කල Horror/Sci-fi වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි හතක් වේ." ගිගුරුම්...

A Tale of Two Sisters

මෙය 7.2/10 IMDB අගයක් ලැබූ 2003 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකක් වේ."යෞවනියක් වන සුමි මානසික...

Constantine

මෙය 7.0/10 IMDB අගයක් ලැබූ 2005 වර්ෂයේ නිකුත් කල Horror/Fantasy වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩියක් වේ." මෙක්සිකානු ගම්බද...

Pet Sematary

මෙය 5.7/10 IMDB අගයක් ලැබූ 2019 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකක් වේ." මැසචුසෙට්ස් හි බොස්ටන්හි...

The Host

මෙය 7.1/10 IMDB අගයක් ලැබූ 2006 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි 01ක් වේ."වර්ෂ 2000...