TOP TEN
ගොඩ්සිලා තිරයට අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට පෙළෙහි මෙවර පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ග්‍රේත් එඩ්වර්ඩ්ස් අධ්‍යක්ෂණය කළ Godzilla චිත්‍රපටය යි. කිහිප වරක්ම නිර්මාණය වූ ගොඩ්සිලා කතා පුවත නව ආරක අත්දැකීම් සහිතව තිරයට නැගෙන විටදී ආරොන් ටේලර්, එළිසබෙත් ඔල්සෙන්, බ්‍රයන් ක්‍රාන්ස්ටන් ප්‍රධාන චරිත රඟති. මෙහි අමෙරිකානු ප්‍රදර්ශනය පසුගිය 16 වැනිදා සිට ආරම්භ කෙරිණි. පළමු සති අන්තයේදී එය ඉපැයූ ආදායම ඩොලර් මිලියන 93.2කි. නිකොලස් ස්ටෝලර් අධ්‍යක්ෂණය කළ හාස්‍යමය චිත්‍රපටයක් වන Neighbors දෙවැනි ස්ථානයට පත්ව සිටියි. සෙත් රෝගන්, රෝස් බ්‍රයන්, සැක් එෆෝර්න් ප්‍රධාන චරිත රඟන හාස්‍යමය චිත්‍රපටයක් වන එය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 26ක්. තෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ මාර්ක් වෙබ් අධ්‍යක්ෂණය කළ The Amazing Spider – Man 2 චිත්‍රපටය යි. අමෙරිකානු ප්‍රදර්ශනයේ තෙවැනි සති අන්තයේදී එය ලද ආදායම ඩොලර් මිලියන 16.8කි. Million Dollar Arm අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ මෙම සතියේ සිව්වැනි ස්ථානය හිමිකර ගෙන ඇති චිත්‍රපටය යි. ඉන්දීය බේස් බෝල් ක්‍රීඩකයන් දෙදෙනෙකු වූ රින්කු සිං සහ දිනේෂ් පටේල්ගේ ජීවිත කතාව ඇසුරින් ගොඩනැගුණු මෙහි අධ්‍යක්ෂණය ක්‍රෙග් ගිලෙස්පී විසිනි. මධුර් මිත්තල්, සුරාජ් ෂර්මා සහ ජෝන් හාම් මෙහි ප්‍රධාන චරිත රඟති. පසුගිය 16 වැනිදා අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ Million Dollar Arm පළමු සති අන්තයේදී ඩොලර් මිලියන 10.5ක් වාර්තා කළේය. නික් කැසවේට්ස් අධ්‍යක්ෂණය කළ The Other Woman ඩොලර් මිලියන 6.3ක ආදායමක් ලබමින් පස්වැනි ස්ථානයේ සහ රැන්ඩෙල් වෙලාස් අධ්‍යක්ෂණය කළ Hevan Is For Real ඩොලර් මිලියන 4.4ක ආදායමක් ලබමින් හයවැනි ස්ථානයටත් පැමිණ ඇති චිත්‍රපට වේ. හාස්‍යමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක්වන Rio 2 චිත්‍රපටයට මෙම සති අන්තයේදී හිමි වූයේ හත්වැනි ස්ථානය යි. අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දර්ශකයේ අටවැනි ස්ථානය හිමි වන්නේ විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Captain America : The Winter Soldier හටයි. පරිගණක සජීවකරණ සංගීතමය පවුලේ චිත්‍රපටයක් වන Legends Of Oz : Dorthy’s Return හට නමවැනි ස්ථානය හිමිවී ඇත. පසුගිය මැයි 09 වැනිදා සිට අමෙරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ Moms’ Night Out චිත්‍රපටය දසවැනි ස්ථානය හිමිකර ගෙන තිබේ.
යතේජා උපුටා ගැනීම සිළුමිණ
මෙය 6.2/10 IMDB අගයක් ලැබූ 2011 වර්ෂයේ නිකුත් කල Horror/Sci-fi වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 43ක් වේ."1982 ශීත...
මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2015 වර්ෂයේ නිකුත් කල Horror/Mystery වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 59ක් වේ."1887 දී නිව්...
මෙය 7.2/10 IMDB අගයක් ලැබූ 2013 වර්ෂයේ නිකුත් කල Horror/ Drama/ Sci-fi වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 29ක් වේ."එක්...
මෙය 6.5/10 IMDB අගයක් ලැබූ 2005 වර්ෂයේ නිකුත් කල Horror/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 45"ආගන්තුක සත්කාර සහායකවරියක වන...
මෙය 7.1/10 IMDB අගයක් ලැබූ 2006 වර්ෂයේ නිකුත් කල Horror/Drama වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැය දෙකකුත් විනාඩි 01ක් වේ."වර්ෂ 2000...
මෙය 5.7/10 IMDB අගයක් ලැබූ 2018 වර්ෂයේ නිකුත් කල Horror/Sci-fi/Thriller වර්ගයේ චිත්‍රපටියකි. මෙහි ධාවන කාලය පැයකුත් විනාඩි 45ක් වේ."එලිසබෙත් නම් නව...