This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
විශ්වාස කළ නොහැකි ආදරයක්....

විශ්වාස කළ නොහැකි ආදරයක්....

ඉන්දියාවේ නවදිල්ලි නුවර පදිංචි කාරියක වන ලක්ෂ්මිගේ ජීවිතය උඩුයටිකුරු වුනේ ඇය පහළොස් හැවිරිදි යුවතියකව සිටියදීය. ඒ, විවාහ යෝජනාවක් ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඇය හා උරණ වූවෙකුගේ ඇසිඩ් ප්‍රහාරයකට ඇය ලක්වූ පසුවය. එම සිදුවීමෙන් පසු ගෙවුණු මුළු කාලයම ඇගේ ගතට මෙන්ම සිතටද වේදනාකාරී විය. එහෙත් කලකට පසු ඇයට දැන් සතුටු වීමට කාරණයක් ඇත. එනම් ඇයට දැන් පෙම්වතෙකු සිටින අතර ඇය ළඟදීම ඔහු හා විවාහ වීමට නියමිතය. ලක්ෂ්මිගේ පෙම්වතා සමාජ ක්‍රියාකාරිකයකුවන ආලෝක් ඩික්සිත්ය. 28 හැවිරිදි ඔහු ඇසිඩ් ප්‍රහාරයන්ට ලක්වූවන්ට යුක්තිය ඉටුකර දීම වෙනුවෙන් හඬ නගන්නෙකි. ඉකුත් වසරේ මැයි මාසයේදී ඔහුට ලක්ෂ්මි මුණගැසී ඇත්තේ ද එකී කටයුත්තක නිරතව සිටියදීය. ඔහු පවසන්නේ තමන් ලක්ෂ්මි වෙත ආකර්ෂණය වූයේ ඇය සතුව තිබූ ධෛර්ය නිසා බවය.

“අප හා එක්වන විටත් ඇය ඉතා ධෛර්ය සම්පන්නව සිටියා. ඇසිඩ් ප්‍රහාරයන්ට ලක්වූ වෙනත් යුවතියන් මෙන් සමාජයට මුහුණදීමට ලැජ්ජාවෙන් මුහුණ ආවරණය කරගෙන ඇය සිටියේ නැහැ. ඇය තුළින් මා දුටුවේ ඉතා සටන්කාමී තරුණියක්.” ඔහු එසේ පවසයි.

වේදනාකාරී ශල්‍යකර්ම හතකට ලක්ව වසර අටක් සමාජයෙන් වසංවී සිටි ලක්ෂ්මි තමා සහ තමා මෙන්ම අසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් සටන් වැදීමට පෙරට පැමිණියේ ඉකුත් වසරේදීය. ඇය පවසන්නේ ඇසිඩ් ප්‍රහාරයෙන් ලද ශාරීරික වේදනාවන්ට වඩා, එම ප්‍රහාරයෙන් පසු සමාජය දැක්වූ ප්‍රතිචාරවලින් ලද මානසික වේදනාව ඉතා ඉහළ බවයි. එබැවින් ඇය තම විවාහයද අමුත්තන්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට අදහස් කරගෙන සිටින්නීය. “විවාහ මංගල්‍යයකදී හැමෝටම වැඩිපුරම වැදගත් වන්නේ මනාලියගේ පෙනුම මොනවගේද කියන එකයි. මම කැමැති නැහැ අමුත්තන් මගේ විවාහයට ඇවිත් මගේ මුහුණේ පෙණුම විවේචනය කරනවාට. ඒ නිසා අපේ මංගල්‍යයට පිටස්තර කිසිවෙකුට ආරාධනා ලැබෙන්නේ නැහැ.” ලක්ෂ්මි එසේ කියන්නීය.

කිෂාන් කනංකෙ

උපුටා ගැනීම ලක්බිම පුවත්පත

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
හැටේදිත් කඩවසම්
බොලිවුඩයේ පරම්පරා පහක අභිමානය වෝග් කවරයට
ආක්ෂේ-ශිල්පා යළි එක්වෙලා
ප්‍රීති සින්ටා හා හිටපු පෙම්වතා අතර ආරවුලේ ඇත්තම කතාව.....
දරුවො නිසා දැන් රඟපාන්නෙ නැහැ - Kajol
තෝරා බේරා නොගෙන පෙම් කළ නළුවා
ප්‍රියංකා වර්ජනයක
ජැකලින් පිඹුරකු සමඟ රඟපායි
රිතික්ට ළංවූ නර්ගීස්