රියාට චෝදනා
සුෂාන්ත් සිං රාජ්පුත් කොවිඩ් - 19 නිසා ඉන්දියාව වසා දැමූ සමයේ අකාලයේ ජීවිතයෙන් සමුගත් දක්ෂ ජනප්‍රිය බොලිවුඩ් තරුවයි. ඉංජිනේරුවකු වීමට දිල්ලි ඉංජිනේරු කොලීජියට ඇතුළත් වුවද නර්තනයට හා රංගනයට ඇති උමතුව නිසාම ඔහු ඉගෙනීම අත්හළේ ය. බොලිවුඩයේ අති සාර්ථක ජනප්‍රිය නළුවකු ලෙසින් සුබ අනාගතයකට මුලපුරා තිබියදී හදිසියේම ජූනි 14 වැනිදා ගෙල වැලලා ගෙන සියදිවි නසා ගැනීමත් සමඟ මරණය සම්බන්ධයෙන් ඇඟිල්ල කෙළින්ම දිගු වූයේ ඔහුගේ පෙම්වතිය රියා චක්‍රබෝර්ති කෙරෙහි ය. රියා වට්ස්ඇප් මඟින් මත්ද්‍රව්‍ය ගැන කළ කතා බහක් මේ වනවිට සැකයට ලක් වී තිබේ. මත් ද්‍රව්‍ය නිරෝධන අංශයේ නිලධාරීන් පස් දෙනකු ඇයගේ නිවෙසට පැමිණ විමර්ශනයක් කර තිබේ. රියාගේ නිෙවසට අමතරව ඔවුන් ඔහුගේ මිතුරකුගේ නිවසක් ද පරීක්ෂා කර ඇත.
රියා තමන්ට එරෙහි නඩුවේදී තෝරා ගෙන ඇත්තේ සල්මන් ඛාන් සහ සංජය දත් වෙනුවෙන් කතා කළ නීතිඥයා ය. මේ නිසා දැන් සල්මන්ට කෙරෙන චෝදනා ද බරපතළ ය. සල්මන්ගේ ‘මුව දඩයම‘නඩුවට කතා කළ රියාගේ නීතිඥයා පවසන්නේ රියා කිසි දිනක මත්ද්‍රව්‍ය භාවිත නොකරන බවයි. සුසාන්ත්ගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ රියා රහසිගතව සුසාන්ත්ට මත්ද්‍රව්‍ය දුන් බවයි. සල්මන් රියාට හොර රහසේ උපකාර කරන්නේ ඇයිද සහ ඇය ඔහුගේ නිවෙසේ සැඟව සිටියාද යන්න තවමත් සුසාන්ත්ගේ මරණය මෙන්ම අබිරහස් ය.දිනමින
ආදිත්‍ය - රාණි කතන්දරය පටන් ගත්තේ මීට අවුරුදු කිහිපයකට කලින්. ජනප්‍රිය චිත්‍රපට අධ්යක්ෂ ආදිත්‍ය චොප්රා සහ ජනප්‍රිය නිළි රාණි මුඛර්ජි අතර...
සුපිරි තරුවක් නොවුණ ද, උදේ චොප්රා බොලිවුඩ් සිනමා රසික පිරිවර අතර බෙහෙවින් ජනප්‍රියයි. සිනමා රංගනයේදී ඔහු වෙතින් මතුවන හාස්‍ය රසය මේ...
අමාරුවෙන් ලබා ගත් දේ අමාරුවෙන් ලබා ගන්නා දේවල්වල වටිනාකම වැඩි කියලා කියනවානේ. බොලිවුඩ් තරුවකුත් අද එහෙම කියන්නේ තමන්ගේම ජීවිතය දෙස ආපසු හැරී...
59 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට ''බාග් මීකා බාග්'' චිත්‍රපටියේ රංගනයෙන් දායක වූ ෆර්හාන් අක්තාර්...
පසුගිය දිනවල බොලිවුඩය පුරා වේගයෙන් පැතිරගියේ ප්‍රීති සින්ටා තමාට අතවර කිරීමේ චෝදනාව මත හිටපු පෙම්වතා වන නෙස් වාඩියාට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක්...
බොලිවුඩ් පුරයේ ඇතිවන සැබෑ පෙම් බැඳුම් බිඳී විසිරී යන අවස්ථා අනන්තයි. එහෙම වෙන්වීම් සිදුවුණායින් පස්සෙ පෙම්වතා සහ පෙම්වතිය අතර කිසිදු කතාබහක්...