Biz Log
Classifields
Biz Log
Classifields

සන්ජේ දත්ට පෙනහලු පිළිකාවක්

සන්ජේ දත්ට පෙනහලු පිළිකාවක්

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළුවකු වන සන්ජේ දත්,

පෙනහලු ආශ්‍රිත පිළිකා තත්ත්වයකින් පීඩා විඳින බව ඉන්දීය මාධ්‍ය වාර්තා

කරයි. 

සන්ජේ දත්ට පෙනහළු පිළිකාවක් ඇති බව අනාවරණය වී ඇත්තේ ඊයේ (2020.08.11) වන අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මානයා දත් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

‘‘අපේ පවුලට තවත් අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙලා. අපි මේ පරීක්ෂණයටත් සාර්ථකව මුහුණ දෙනවා’’ යැයි ඇය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

‘‘සන්ජේ දත්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළ සියලු දෙනාට බෙහෙවින් ස්තූතියි. අපට මේ අවස්ථාවේදී සියලු ශක්තිය සහ ආශීර්වාද අවශ්‍යයි.  පසුගිය වසර කිහිපයේදීම අපේ පවුල ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. මේ ප්‍රශ්නයත් අපි සාර්ථකව විසඳා ගන්නා බව මට විශ්වාසයි’’ යැයි ද ඇය සඳහන් කළාය. කටකතා සහ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ද ඇය සන්ජේ දත්ගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලීමක් ද කළාය. හුස්ම ගැනීමේ අපහසුවක් හේතුවෙන් සන්ජේ දත්, පෙරේදා රෝහල් ගත කර ඇති අතර ඔහුට පෙනහලු පිළිකාවක් ඇති බව අනාවරණය කරගෙන ඇත්තේ එහිදීය. ඔහු කෝවිඩ්-19’ පරීක්ෂණයකට ද යොමු කර ඇති අතර ඔහුට වයිරසය ආසාධනය වී නැතැයි එහිදි තහවුරු වී ඇත. සන්ජේ දත් මේ වනවිට 61 වැනි වියේ පසුවෙයි. ඔහුගේ පිළිකා රෝගී තත්ත්වය ඔඩුදුවා ඇතැයිද ඔහුට ඇත්තේ සිවුවැනි අදියරේ පෙනහලු පිළිකා තත්ත්වයක් යැයි ද වෛද්‍යවරු පවසති. සන්ජේ දත්ගේ මීළඟ චිත්‍රපටය වනු ඇත්තේ, කන්නඩ චිත්‍රපටියක් වන කේ.එෆ්.ජී. චැප්ටර් 2 චිත්‍රපටයයි. ජනප්‍රිය නළුවකු වන යෂ් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර සන්ජේ දත් එම චිත්‍රපටයේ දුෂ්ඨයාගේ චරිතයට පණ පොවයි.

ලංකාදීප

Share This Article

මම්තා දැන් දෙවියන් යදී

මම්තා දැන් දෙවියන් යදී අනූව දශකයේ දී ගිනි සිළුවක් ලෙස තම රංගන රටාවන් මුදා හළ මම්තා කුල්කර්නි ඔබට මතකද? 1992 දී තිරගත...

ගී ගයන්නත් දක්ෂ සොනාක්ෂි

නිතරම දකින බොලිවුඩ් තරුවක් නොවුණත් සොනක්ෂි සිංහ නම් වූ මේ රූපවන්තිය වත්මන් යොවුන් පරපුර අතර වඩාත්ම ජනප්‍රියයි. ඇය රංගනයට මෙන්ම නර්තනයටත්...

බොලිවුඩ් සිනමාවේ සාර්ථකම ගැහැනිය ඓශ්වර්යා රායි

1994 අවුරුද්දෙ මිස් වර්ල්ඩ් වුණු ඓශ්වර්යා මේ වෙද්දී එක්දරු මවක්. ඓශ්වර්යාගේ රසිකයන් ඓශ්වර්යා ගැන නොදන්න කරුණු කීපයක් ගැන තමයි මේ කියන්න...

බොලිවුඩයේ තොරතුරු

අමීර් හිටිගමන් ගණන් උස්සයි ෆර්හාන් අක්තාර්, ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු ළඟදීම අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න සැලසුම් කරමින් සිටිනවා. මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ...

නඩු දෙකකට ප්‍රීටිට වරෙන්තු

තාත්තා නිසා රිතික් දෙලොවක් අතර රුපියල් කෝටි ගණනින් මුදල් වියදම් කරමින් ප්‍රචාරක වැඩ සටහන් දියත් කරන්න බොලිවුඩ් පුරයේ චිත්‍රපට නිෂ්පාදකවරු පැකිලෙන්නෙ නැහැ....

ටැක්ස් මාෆියාවට අහුවුණු බොලිවුඩ් සුපිරි තරු…

අපි අමාරුවෙන් හම්බකරපු සල්ලි මේ…ඉන්කම් ටැක්ස් ප්‍රශ්න යනු සුපිරි බොලිවුඩ් තරුවලට අලුත් දේවල් නොවේය. සෑම වසර කිහිපයක් පාසාම වාගේ සුපිරි තාරකාවන්...