Biz Log
Classifields
Biz Log
Classifields

නිවැරැදිව බෝධි පූජාවක් කරන්නේ මෙහෙමයි

නිවැරැදිව බෝධි පූජාවක් කරන්නේ මෙහෙමයි

අද සමාජයේ බොහෝ දෙනා අපලවලට තමන්ට සෙතක් ශාන්තියක් ලබා ගැනීමේ අටියෙන් බෝධිපූජාවන් කරනූ ලබනවා. මෙසේ කරනූ ලබන බෝධි පූජාවක් නිවැරැදිව තමන්ට සෙතක් ශාන්තියක් ලැබෙන ආකාරයට සිදු කරනවාද යන්න පිළිබඳව ඔබ මදකටවත් සිතා බැලුවාද? නිවැරැදි ආකාරයට බෝධි පූජාවක් කරන්නේ කොහොමද යන්න. පිළිබඳව ජ්‍යොතිෂ්‍ය විමසීමකි මේ.

අද බොහෝ විට අපලවලට බෝධි පූජා කරනූ ලබනවා. එම බෝධිපූජාව ඔබ කරනූ ලබන්නේ පන්සලට ගිහින් මල් පහන් පූජා කරලා. හාමූදුරුවන් ගෙන්වා හාමූදුරුවන් කියන ගාථා ටික කීමයි. මෙලෙස කරනූ ලබන බෝධිපූජාවෙන් ඔබට සෙතක් ශාන්තියක් ලැබේ කියා ඔබ සිතනවාද? නැහැ හාමූදුරුවන් කියන ගාථා ටික ගිරවූ වගේ කියන්නන් වාලේ කරන්නන් වාලේ බෝධිපූජා කිරීමෙන් කිසිදු සෙතක් ඔබට සිදුවන්නේ නැහැ.

එසේම ඔබට අපල තිබේ නම් ඔබට සෙතක් ශාන්තියක්,අත් කර ගැනීමට අවශ්‍ය නම් ඒ වෙනූවට වෙනකෙකු ගොස් බෝධිපූජා පැවැත්වීමෙන් ඔබට සෙතක් සිදු කර ගැනීමටද හැකියාව ලැබෙන්නේ නැහැ. නිවැරැදි ආකාරයට බෝධි පූජා පවත්වා නිවැරැදි ප්‍රතිඵල ලබා ගන්නේ කෙසේදෑයි අපි බලමූ.

ඔබට නිවැරදි ආකාරයට බෝධිපූජාවක් කර ගැනීමට නම් ඔබ පන්සලට කල් ඇතිව ගොස් වටපිටාව පිරිසිදු කර ගන්න. බෝමළුව අමැදලා මල් ආසන පිරිසිදු කරන්න. එසේ බෝධීන් වහන්සේට සත්කාර සම්මාන කිරීමෙන් පසූව අවශ්‍ය ග්‍රහයාට යෙදිලා තිබෙන පාට අනූව එම ග්‍රහයාට තිබෙන අපලවලට අනූව අවශ්‍ය බෝධිපූජා ද්‍රව්‍ය පූජා කළ යූතුවි. එසේ නිවැරැදි ආකාරයට කරනූ ලබන බෝධි පූජාවකින් තමයි තමන්ට සාර්ථක ඵල ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. බෝධිපූජාව පැවැත්වෙද්දී තමන්ට මෙයින් සෙතක් ශාන්තියක් සිදුවේවායි කියා චේතනාවෙන් එයට සහභාගි විය යූතුයි. එමෙන්ම එක එක ග්‍රහයන්ට එක එක දසා කාල අනූව පූද්ගලයන් හට තියෙන බෝධිපූජාවන් වෙනස් වෙනවා. අපි බලමූ එක් එක් ග්‍රහයන් හට බෝධිපූජා කිරීමේදී අවශ්‍ය ද්‍රව්‍ය තෝරා ගන්නේ කෙසේද කියලා.

රවීගේ අපලය තිබෙන කෙනෙකු හට බෝධිපූජාවක් කරනූ ලබනවා නම් ඒ සඳහා රත් නෙළුම්, රතුපාට මල්, කහපාට මල්, රතු පාට කොඩි, එළඟි තෙල්, මූණ මල්, තල තෙල් විශේෂයෙන් ගත යූතුයි. එසේම ඉඹූල් පත්‍ර මත පහන් දෑල්වීමද ඉතා හොඳයි. පත්ම රාග කියන මැණික රවිගෙ අපලයට පැළඳීම වඩා ප්‍රතිඵල ගෙන දෙයි.

සඳුගේ අපලයට :

සූදු පාට මල්, පිච්ච මල් වර්ග ගොඩක් හොඳයි. කුමූදු මල්, සූදු ඕලු සහ දිඹූූල් ශාක පත්‍ර මත පහන් දෑල්වීමද කරනූ ලබනවා නම් ඉතා සූබය.

අඟහරුගේ අපලයට :

කනේරුමල්, රත් මල් සහ කොලොන් කොළ මත පහන් දෑල්වීම හොඳයි.

බූධගේ අපලයට :

නාමල්, පූවක්මල්, තල් මල් සහ කොහොඹ පත්‍ර මත පහන් දෑල්වීම කළ යූතුයි.

ගුරුගේ අපලයට :

පිච්ච මල්, කහ පාට මල්වර්ග බෙලි මල් සහ බෙලි මල්වලින් සකස් කරගත් ගිලන්පස ගන්න වා නම් ඉතා හොඳයි. බෝකොළ මත පහන් දෑල්වීම සූබ පල ගෙන දෙනවා.

සිකුරුගේ අපලයට :

සූවඳ මල් වර්ග පාට පාට මල් වර්ග සහ කරඳ පත්‍ර මත පහන් දෑල්වීම සූබයි.

සෙනසූරුගේ අපලයට :

නිල් පාට මල් වර්ග (නිල් කටරොඩූ, නිල් මානෙල් වඩා හොඳයි) නූග පත්‍ර මත පහන් තබා දෑල්වීම ඉතා හොඳයි.

රාහූගේ අපලයට :

වැටකෙයියා මල්ද වැටකෙයියා පත්‍ර මත පහන් දෑල්වීමද කළ යූතුයි.

කේතුගේ අපලයට :

විවිධ පාට වර්ග සහ කෙසෙල් කොළ මත පහන් දෑල්වීමද සූබ පල ගෙන දේ.

මේ විදිහට නිසියාකාරව අවශ්‍ය ද්‍රව්‍ය ගෙන බෝධිපූජා පැවැත්විය යූතුය. එසේම බෝධිය නහවා, දුන් අල්ලා ගිලන් පස පූජා කර බොහොම භක්තියෙන් පිරිසිදුව කරන බෝධිපූජාවෙන් ඔබ පතන ලෙස ඔබට සෙතක් ශාන්තියක් උදා කර ගැනීමට හැකියාව ලැබෙනූ ඇත. එසේම දින හතක් පූරා නොකඩවා බෝධිපූජාව කිරීමද කළ යූතු වේ.

ජ්‍යොතිෂ්‍යචාරිනී හසන්තා සිරිමති

Share This Article

ටිකක් හෝ අතහරින්න

භාවනාව පුහුණු වන්නකුට අවශ්‍ය, ඉතා අවශ්‍ය උපදෙස් කීපයක් මේ ලිපියෙන් ලැබේ. සිතේ මැළිකම හා නොසන්සුන් බව එතරම් ගැටලුවක් නො වේ. සියුම් ලෙස...

බෝධි වන්දනාව තුළින් අපල සඵල  වන්නේ කෙසේද ?

කේන්ද්‍ර පරීක්ෂා කිරීම්වලදී ද බාර වීම හා බාර කිරීම් ගැන ඇසෙන අවස්ථා ද බොහෝය. ඇතමුන් බොහෝදුරට භාර වීම හා බාරකිරීම කරනුයේ...

සිහි බූද්ධියෙන් පිරිත් අහන්න. සැළකිලිමත් විය යූතු කාරණා

පිරිත අපේ බෞද්ධ සම්ප්‍රදායේ ඈත අතීතයේ සිට පැවත එන සිරිතකි. බූදුන්වහන්සේ පළමූවෙන්ම පිරිත් දේශනා කළේ විසාලා මහනූවර තුන්බිය දුරු කිරමටය. උන්වහන්සේ...

නිවෙසක සාංඝික දානයක් පූජා කිරීමේ නියම පිළිවෙළ කුමක්ද?

අනුශාසනාව පූජණීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ මිණිපුර අමාශාන්ති තපෝවනය, පැල්වාඩිය, රත්නපුර.නිවෙසක ස්වාමීන් වහන්සේලා උදෙසා සාංඝික දානයක් පූජා කිරීමේ නියම පිළිවෙළ...

මනසට දිව ඔසුවක් වන සක්මන් භාවනාව

ඒ භාග්‍යවත් වූ අසම සම වූ අසරණ සරණ වූ මටම ස්වාමි වූ, මාගේ ස්වාමි වූ පාරමිතා 30 ක් පුරන ලද මනු...

නවග්‍රහ අපල සඳහා නිවැරදිව බෝධි පූජා තබන්නේ මෙහෙමයි

ලෝකයේ පළමු බෝධි පූජාව ලෙස අනිමිස ලෝචන පූජාව ඉතිහාසයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට බුද්ධත්වයට ලැබීම සඳහා උපකාරී වූ බෝධි...