බුදු පහන තැබීමේ දෝෂ නිසා අමනුෂ්‍ය කරදර
වැඳීම, පිදීම මිනිසුන් අතරද දිව්‍ය බ්‍රහ්ම ආදීන් අතරද පවත්නා උතුම් ක්‍රියාවයි. සමහරුන් මෙලොව පරලොව යන දෙලොවෙහිම සෙත පතාද බොහෝ අය ලෞකික සහ සදාකාලික සැප පතාද, ඇතැමකු ඒ කිසිවක් නිසා නොව දැයෙහි කුලයෙහි සමාජයෙහි දේශයෙහි සිරිත් ගරු කිරීමට ද වැඳුම් පිදුම් කරති.
තම නිවෙසේ වඳින පුදන තැන ගැන ඉතාම සැලකිලිමත් විය යුතුය. ඇතැමුන් බුදු පිළිමයක් ගෙන්වා අඩි 6ක් 7ක් උසින් අසුන සාදා තෙල්, මල්, පහන්, සුවඳ එක ගොඩක් ගසා වැඳුම් පිදුම් කරති. එය අන්ධ භක්තියයි.
පැන් බඳුන පවා පුරවා තබයි නම් එය අමනුෂ්‍ය පූජාවකි. එය අඩක් අඩුවිය යුතුය. එමෙන්ම සුවඳ කූරු දල්වා අස්න අළු වලින් අපිරිසුදු කිරීම, බාර පඬුරු, පැන් බෝතල්, තබා යන්ත්‍ර, සුර ආදිය ඒ මත තබා අපිරිසුදු කිරීමෙන් අමනුෂ්‍ය කරදර ඇති වෙයි.බුදු පහනේ ආලෝකය බුදු පිළිමය දෙසට නොව අප දෙසට හරවා ත්‍රිවිධ රත්නයට සහ සතර දෙවිවරුන්ට පූජා කරන්න. අසුන උස් වීමෙන් එහි අපිරිසුදු භාවය නොපෙනන අතර ඒ මත වැඳුම් පිදුම් කර පින් දීමෙන්ද එහි අමනුෂ්‍යයන් අරක් ගෙන නිවෙසට විවිධ කරදර එල්ල වෙයි.පවුලේ අසමඟියද, නිතර ඈනුම් යෑම හා අලස වීමද, ගමනක් යෑමට ගොස් බොහෝ දේ අමතක වී නැවැත පැමිණීමට සිදුවීමද, ගේ අවට හා ගේ තුළ කූඹින් ගැවසීමද, කෑම බීම පවා රස නැති වීමද, ධනය හානි වීමද, ඉදිරි දොර අරින වසන විට ශබ්ද ඇතිවීමද මෙම අගුණ දෝෂ අතරින් කීපයකි.
මල් අසුන උස් වැඩි වීම සුදුසු නැත. බුදුන් වහන්සේ තෙවරක් ලක්දිවට වැඩම වූ මහියංගණය, නාගදීපය, කැලණිය ආදී අති පූජනීය ස්ථානවලද, ඉදිකර ඇති මල් අසුන් අඩි 3, 4ක් උසින් සාදා වැඳුම් පිදුම් කරයි. උතුම් දන්ත ධාතුන් වහන්සේ උදෙසා මල් පූජා කරන අසුන සාදා ඇත්තේ අඩි 4ක් පමණ උසිනි. එබැවින් තම නිවෙසේ බුදුන් උදෙසා වතාවත් කරන පුදසුන තම නෙතට පෙනෙන සේ පිරිසුදු කළ හැකි අඩි 4ක් පමණ උසින් පූජා තබා අඟල් 9ක් පමණ උසැති පංච වර්ණ බුද්ධ ප්‍රතිමාවක් තබා ඒ මත වන්දනා නොකරන බෝධියකින් බෝ පත් 9ක් තබා බෝ පත මත "ඕං ශ්‍රී බුද්ධ ලෝක නාථ නාරායනේ ශ්‍රද්ධි වාය නම--"
යන බුද්ධ දැහැනද ඒ මැද නිවැසියන්ගේ නම්ද ලියා බුදු පිළිමය මත තබා "කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම"
යන සතර බුදුවරුන් වහන්සේට මල්, පහන්, සුවඳ, දැහැත්, ගිලන්පස 4 බැගින් පූජා තබා පළමුව බුදුන් වැඳ පංචෝපචාර පූජා කර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේද, අෂ්ටපල බෝධින් වහන්සේගේද පිහිට ආරක්ෂාව ඉල්ලා බෝධි වන්දනා කරන්න.
ඉන් පසු "සබ්බේ සත්තා සුඛිතා හොත්තු, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා"
යන බුද්ධ දැහැන් පාඨය 21 වර භාවනා කර සම්‍යක්දෘෂ්ටික දෙවියන්ට පින් දීමෙන් මෙත් වැඩීමෙන් නිවෙසට ද නිවැසියන්ටද දෙවියන්ගේ පිහිටද සෙත ශාන්තිය ද උදාවනු ඇත.
විශේෂ ගෞරව ස්වර්ණ පත්ම සම්මානලාභී ගුප්ත විද්‍යා මන්ත්‍රාචාර්ය කරුණාදාස මාරඹමව්බිම
දානය පිළිබඳව සදහම් සිතුවිල්ලක් ඔබට ඉදිරිපත් කරමි. දානය උතුම් මංගල කරුණක් මෙන්ම යමක් නිතර ඉල්ලීමද අප්‍රසන්න කරුණකි. බෝධිසත්ව උතුමන් මෙන්ම අපද...
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට බුද්ධත්වය ලැබීම සඳහා උපකාරී වූ බෝධිවෘක්ෂය ඇසුරු කරමින් සතිහතක් නොයෙක් පුද පූජා පවත්වමින් ඒ ඇසතු වෘක්ෂයට සිය...
ලෝකයේ පළමු බෝධි පූජාව ලෙස අනිමිස ලෝචන පූජාව ඉතිහාසයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට බුද්ධත්වයට ලැබීම සඳහා උපකාරී වූ බෝධි...
පිරිත අපේ බෞද්ධ සම්ප්‍රදායේ ඈත අතීතයේ සිට පැවත එන සිරිතකි. බූදුන්වහන්සේ පළමූවෙන්ම පිරිත් දේශනා කළේ විසාලා මහනූවර තුන්බිය දුරු කිරමටය. උන්වහන්සේ...
කේන්ද්‍ර පරීක්ෂා කිරීම්වලදී ද බාර වීම හා බාර කිරීම් ගැන ඇසෙන අවස්ථා ද බොහෝය. ඇතමුන් බොහෝදුරට භාර වීම හා බාරකිරීම කරනුයේ...
මළ සිරුරු දැවීම පුරාතනයේ පටන්ම ලොව පැවැති සිරිතකි. සක්විති රජවරුන් මියගිය පසු ආදාහන කරවූ ආකාරය දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි විස්තර...