Biz Log
Classifields
Biz Log
Classifields

සීලය යනු සංවරයයි

සීලය යනු සංවරයයි

සීලය සහ පංච ශීලය යන්න කෙටියෙන් පැහැදිලි කරමු හාමුදුරුවනේ.

කය වචනය දෙකේ සංවරය සීලයයි. එය පැහැදිලිව අටුවා වල දක්වා තිඛෙනවා. සීලය යනු අනිවාර්යෙන්ම සිත මුල්ව කෙරෙන සංවරයක්. පංචශීලය නැතහොත් පන්සිල් යනු ඉතාම පැරණි ශික්ෂණ දේශනයක්. දීඝ නිකායේ චක්කවත්ති, කූටදන්ත සූත්‍රවල සක්විති ධර්මය ලෙස පංචශීලය දක්වා තිඛෙනවා. එය ඉපැරණිව තිබුණු බුදුරජාණන් වහන්සේ අනුමත තළ ශික්ෂණ පාඨමාලාවක්. මෙය ඕනෑම ආගමිකයෙකුට වඩන්න හැකියාව තිඛෙනවා. කෙනෙක් බෞද්ධ වන්නේ ත්‍රිවිධ රත්නයේ සරණ යාමෙනුයි. සරණය යනු දැන හැඳින අචල විශ්වාසයට පත් වීමයි. ක්‍රිස්තු ආගමිකයෙකු බෞද්ධයෙකු නොවෙයි. ඒත් ඔහුට පන්සිල් රකින්න පුළුවන්.

බෞද්ධයා හා පන්සිල් අතර ඇත්තේ නොබිදෙන සබැදියාවක් නේද හාමුදුරුවනේ?

බෞද්ධයකු උපාසක වන්නේ තෙරුවන් සරණ යාමෙන් කියා කලින් සිහිපත් කළානේ. ඒ උපාසකයා උපාසක පුංඩරික හෙවත් බෞද්ධ නෙලුම බවට පත්වන්නේ තෙරුවන් සහිතව පන්සිල් සමාදන් වීමෙනුයි. ඒ නිසා සම්භාවනීය බෞද්ධයෙකු වීමට පන්සිල් අත්‍යවශ්‍යයි.

බෞද්ධ දර්ශනයට පන්සිල් අයිතියී නේද හාමුදුරුවනේ?

බෞද්ධ දර්ශනයට අයිති නැති කිසිම චාරිත්‍රයක් හෝ වාරිත්‍රයක් බෞද්ධ සමාජයේ නැහැ. බුදු දහමට අනුව සසර දුකට හේතුව සසර ගමනේ බලවේගය තණ්හාවයි. ලෝභ, දෝෂ, මෝහ හෙවත් කෙලෙස් නිසයි සියලු අකුසල් ඇති වෙන්නේ. දුක දුක ඇති වීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය මේ ලෝකයේ යථා තත්ත්වයි. බොහෝ බුදුවරු පහලව අනාදිමත් කාලයක් බුදුදහම පවතිනවා. අපි පිළිගන්නා බෞද්ධ ඉතිහාසයේ දීපංකර පාද මූලයේ සිට බුදුදහමේ චර්යාව තියෙනවා. එක කාලයකට වෙන් කරන්න බැහැ. අපි නිතර පන්සිල් සමාදන් වෙනවා මොකක්ද මේ පන්සිල්. කෙටියෙන් එය පහදා දුන්නොත්, බෞද්ධයන් විදිහට පන්සිල් පද පහ අපි සියලු දෙනාම හොඳින් දන්නවනේ. "වේරමණී" කියන්නේ වෙන්වීමයි. එනම් කරන්න එපා කියන එකයි. ඒත් මේ ශික්ෂා කරන්න එපා. එපා කියලා කියනවා විතරක් නමෛයි. දීඝ නිකායේ සූත්‍ර ඇතුළු වෙනත් සූත්‍ර දේශනා වල මේ ශික්ෂා පදය විස්තර කරලා තියෙනවා සතුන්ට හිංසා,පීඩා, ජීවිත හරණ ආදියයි එපා කියන්නේ. මෛත්‍රියෙන් යුක්ත විය යුතු බවයි. ප්‍රාණ ඝාතය කියන්නේ සතෙකුගේ ප්‍රාණය නිරුද්ධ කිරීමයි. පාණාතිපාතය කියන්නේ පිරිසිදු බෞද්ධ චින්තනයයි. කෙනෙකුව කෙනෙත්තීම, ගැසීම, අවමන් කිරීම, චරිත ඝාතනය, කායික දඬුවම් දීම සියල්ලෙන්ම වෙන්නේ ප්‍රාණය පහළට දැමීමයි. සතුන් මැරීමෙන් වැළැකීමේ සික්ඛා පදය සමාදන් වෙමි කියලා මෙය සිංහලයට කියනවා. නුදුන් දෙය ගන්න එපා. දුන් දෙය ගන්න. කාමේසු කියන්නේ කාමයෝගී කියන බහු වචනය. කාම යනු චක්ඛු කාම, සෝත කාම, ඝාන කාම, ජීවුහා කාම, කාය කාම, මනෝ කාම, කියන කාම අවස්ථා හයක්. ස්ත්‍රී පුරුෂ අනාචාරය මේ අතර ප්‍රධාන බව පේත වත්ථු වල හා සමහර අපදාන විග්‍රහ වල දැක්වෙනවා. මුසාවාදය යනු බොරු කීමයි. එය අත් හල යුතුයි. ලොව නොරවටන කතා වල යෙදීමත් සීලයයි. එය චාරිත්‍ර සීලයයි. මේ කා‍ලේ මාධ්‍ය වල කතා කරන ඇතැම් දේශපාලනඥයෝ දැක්කම ඔවුන් එක්කෝ මේ සිල්පදය සමාදන් වෙන්න හොඳ නැහැ. නැත්නම් කතා කරන්න හොඳ නැහැ කියලා හිතෙනවා. පමාව හෙවත් ප්‍රමාදයට හේතු වන රා මෙර (පෙරන දේ) හෝ මත්ද්‍රව්‍ය (මජ්ජ) පරිහරණයෙන් වැළැකීම පස්වැන්නයි. පංචශීලය සමාදන් වුණාට සමාදන් වන්නන් එය කොතරම් දුරට රකිනවාද යන කාරණය ඉතා වැදගත් ලංකාවේ හුඟාක් පන්සිල් රකිනවා. පන්සිල් තරම් අපේ සමාජයට බද්ධ වෙච්ච වෙනත් චර්යාවක් නැහැ. අපේ සම්භාවනීය සාමාජිකයෝ, වෘත්තිකයෝ, දේශපාලනඥයෝ හික්මෙන්නේ පංචශීලයෙන්. එම නිසා අපි සැම දෙනාම ආදර්ශමත් ලෙස පන්සිල් ආරක්ෂා කරන්නට කටයුතු කළ යුතුයි.

තරුණි

Share This Article

ආදාහන උත්සව ඇතිවුණේ මෙහෙමයි

මළ සිරුරු දැවීම පුරාතනයේ පටන්ම ලොව පැවැති සිරිතකි. සක්විති රජවරුන් මියගිය පසු ආදාහන කරවූ ආකාරය දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි විස්තර...

බුදු පහන තැබීමේ දෝෂ නිසා අමනුෂ්‍ය කරදර

වැඳීම, පිදීම මිනිසුන් අතරද දිව්‍ය බ්‍රහ්ම ආදීන් අතරද පවත්නා උතුම් ක්‍රියාවයි. සමහරුන් මෙලොව පරලොව යන දෙලොවෙහිම සෙත පතාද බොහෝ අය ලෞකික...

බෝධි වන්දනාව තුළින් අපල සඵල  වන්නේ කෙසේද ?

කේන්ද්‍ර පරීක්ෂා කිරීම්වලදී ද බාර වීම හා බාර කිරීම් ගැන ඇසෙන අවස්ථා ද බොහෝය. ඇතමුන් බොහෝදුරට භාර වීම හා බාරකිරීම කරනුයේ...

දානයක් උයනකොට ලුණු ඇඹුල් බැලුවට පව් නෑ....

අද අපේ සාකච්ඡාවට යොමුවන්නේ ශ්‍රද්ධාව. ‘ශ්‍රද්ධාව’ කියන්නේ තෙරුවන් කෙරෙහි පැහැදීමයි. මෙහි කොටස් දෙකක් තිබෙනවා. එකක් අමූලිකා ශ්‍රද්ධාව, අනික ආකාරවතී ශ්‍රද්ධාව. අමූලිකා...

නිවැරදි පිළිවෙලට සාංඝික දානයක් දෙන්නේ මෙහෙමයි

බෞද්ධයන් ලෙස අපි අපගේ පවු‍ලේ ඥාතියකු මිය ගිය විට පින් අනුමෝදන් කිරීම සඳහා සාංඝික දාන පිරිනමමු. මේ හැරුණු විට විවාහ මංගල්‍යයකට...

දානය පුරුදු කරන්න ඉල්ලීම අඩුකරන්න

දානය පිළිබඳව සදහම් සිතුවිල්ලක්‌ ඔබට ඉදිරිපත් කරමි. දානය උතුම් මංගල කරුණක්‌ මෙන්ම යමක්‌ නිතර ඉල්ලීමද අප්‍රසන්න කරුණකි. බෝධිසත්ව උතුමන් මෙන්ම අපද...