භූතයන් හැදෙන විද්‍යාත්මක සත්‍යය මෙන්න
ගමේ අප්පුහාමිගෙ ඉඳන් නගරෙ ජීවත් වන ප්‍රනාන්දු වෙනකන් හැම කෙනෙක්ටම නොපෙනෙන ලෝකය ගැන තියෙන්නෙ ඉහවහා ගියපු කුතුහලයක්. භූතයන්, ප්‍රේතයන් ඉන්නවද? ඇත්තටම ඔවුන් අපේ සිරුර අතික්‍රමණය කරනවද? කියන දේ කාට කාටත් සැක සංකා උපදවන කරුණුනේ. යානීධ භූතානි සමාගතානි භුම්මා නිවා යානි ව අන්තලික්ඛෙ සබ්බේව භූතා සුමනා භවන්තු අථෝපි ස¿ඛච්ච සුනතු භාසිතං
මේ කියන්නෙ භූතයන් පිළිබඳ රතන සූත්‍රයේ බුද්ධ දේශනාව. ඒ වගේම ආයුර්වේදය නිර්මාණය වෙලා තියෙන අංග අටෙන් එක අංගයක් වෙන්නෙත් භූත විද්‍යාව. ආයුර්වේදයෙන් භූතයන්ගෙ වගතුග කියල තියෙන නිසා අපි තේරුම් ගන්න ඕන මිනිසුන්ගෙ කායික, මානසික සුවතාවට භූතයො බලපෑම් කරනවා කියන දේ. භූතාත්ම හැදිල තියෙන්නෙ පරමාණු වගේ ඉතාමත් සූක්‍ෂ්ම අංශුවලින්. ඒ නිසා භූතයන්ගෙ භ්‍රමණ වේගය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් අපේ ඇස්වලට භූතයන් පේන්නෙ නැතිව යනව. ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝනය පියවි ඇසින් හෝ උපකරණයක් තුළින් ඔබ නිරීක්ෂණය කරල තියෙනවද? කැතෝඩ කිරණ නළයක් ඇතුළෙදි ඉලෙක්ට්‍රෝනය කියන නාම මාත්‍රයේ රේඛීය ගමනක් පෙන්නුවත්, ආරෝපණය කිරණය කර ගත්තත් ඉලෙක්ට්‍රෝනය බලන්න බැහැ.
භූතාත්ම සූක්ෂ්ම අංශුවලින් හැදිල තියෙන නිසා ශක්තියක් බවට පරිවර්තනය වෙන්නත් එයාලට පුළුවන් බව අයින්ස්ටයින්ගෙ E=MC2 සමීකරණයෙන් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔබේ මොළය ඇතුළෙ සත්ත්ව, රජස්, තමස් කියල මානසික ගුණ තුනක් ක්‍රියාත්මක වෙනව. මේ මනෝ ගුණවල ප්‍රබලතාවට අනුව ඔබේ සිරුර වටා ශක්ති වළල්ලක් ගොඩනැඟෙනව. මේ බව මුලින්ම දේශනා කළෙත් අපේ බුදු හාමුදුරුවොනේ. කොහොම වුණත් බටහිර විද්‍යාව මේ ශක්ති වළල්ල Magnatic Aura කියල හඳුන්වනවා. භූතාත්මයක් ශරීරයට ඇතුළු වෙන්නෙ Aura එක හරහායි. Aura එකේ ශක්තිමත් බව වැඩිනම් භූතාත්මවලට සිරුරට රිංගන්න බැරි වෙනව. මනසේ ශක්තිමත් බව මත ඉහත කරුණු රදා පවතින බව ඔබ තේරුම් ගත යුතුයි.
කෙනෙක් බයවෙලා ඉන්නව නම්, නිතර නිතර ලෙඩ රෝග හැදෙනවා නම්, එයාගෙ මනෝ ශක්තිය දුර්වල වෙන නිසා ශරීරය වටේට තියෙන Aura එකත් දුර්වල වෙනව. ඒ වගේ වෙලාවක භූතාත්ම ඇඟට ඇතුළු වෙලා ස්නායු මාර්ග හරහා ගමන් කරල ඉන්ද්‍රියයන්ට කොටුවෙලා රෝග ජනනය කරනවා. මෙහිදී තුන් දොස් අතුරින් වාතය කෝප වීම ප්‍රධානව සිද්ධ වෙන නිසා මනෝ රෝග පහළ වීම නිරායාසයෙන්ම සිදුවන දෙයක්. එවැනි රෝගියකුගේ නින්ද අඩුවීම, මතකය දුර්වල වීම, දරාගැනීම, අඩුවීම, සියදිවි තොර කරගැනීමට උත්සාහ කිරීම වගේ මනෝ විකාරයන් ඉස්මතු වීම දැකගන්න පුළුවන්. අසනීප වීම නිසා Aura ප්‍රබලතාව අඩු වීමත් එනිසා භූතයන්ට ඔබව අතික්‍රමණය කිරීම වඩා පහසු වීමත් පිළිබඳ අපේ වැඩිහිටියන් කීවේ අත්දැකීමෙන් විතරයි. වත්මන් ලෝකයේ සිදු කළ පර්යේෂණවලින් මතුවන්නේද ඉහත ගැමි කියමන් ඔප්පු කිරීමෙන් යුතුව තහවුරු කිරීමයි. (වර්ෂ 1972දී ස්නායු විද්‍යාව පිළිබඳ මහාචාර්ය හැරල්ඩ් සැකස්මන් බුර් මහතා කළ පර්යේෂණ මඟින් Magnatic Aura නම් රශ්මි මාලාවක් නිකුත් වන බව පෙන්වාදී ඇත.)
භූතයන් ඔබගේ සිරුරට ඇතුළුවන්නේ ඇයි?
- භූතයන් තමා මියගිය බව නොදැන සිටීම.
- ඔබගේ චුම්බක වළල්ල දුර්වලව තිබීම.
- භූතයන් පළිගැනීමට හෝ කාමාශාවන් සපුරා ගැනීමට උනන්දු වීම.
- වර්තමානයේ භූතාත්මයක් වුවත් පෙර මනුෂ්‍යයකු බැවින් එලෙස සිතා ක්‍රියා කිරීම.
එම කරුණු මත පදනම්ව භූතයන් ඔබ කරා ළඟා වනු ඇත. ඒ වගේම කුඩා ළමයින්ට, කාන්තාවන්ට, මහලු අයට මෙම අවදානම උච්ච තත්ත්වයක ඇත. ඔබට භූතයන්ගෙන් හිරිහැර ඇත්නම් මුදල් දහස් ගණනින් වියදම් නොකරන්න. ගෙවීමකින් තොරව ධර්මානුකූලව ඔබගේ සිතේ ඒකාග්‍රතාව වර්ධනය කරගන්න. එකල්හි භූතාත්ම ඔබගේ ස්පර්ශය වේදනාත්මකව අත්විඳිනු ඇත.
වෛද්‍ය ශිෂ්‍ය හර්ෂ සමරසේකර
දේශීය වෛද්‍ය අංශය, කොළඹ විශ්වවිද්‍යාලය.
උපුටා ගැනීම මව්බිම පුවත්පත
පෙර බුදුවරයන් වහන්සේගෙන් ලබන ලද විවරණ ඇතිව සසර බොහෝ කාලයක් පින් දහම් රැස්කොට දෙව් – මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ...
“පහන්” සිතින් “පහන්” දැල්වීම ඉතාම බලවත් පුණ්‍යකර්මයකි. පන්සලට, පල්ලියට, කෝවිලට ගොස් පහනක් දැල්වීම අපගේ පුරුද්දකි. මේ අප දල්වන “පහන” පිළිබඳ විමසීමේදී...
ඇසළ මාසයේ දී ශ්‍රී ලංකාවේ ජාතික, සංස්කෘතික සම්ප්‍රදායික ප්‍රෞඪත්වයේ කැඩපත බඳු වූ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්ලය මහනුවරදී පැවැත්වෙයි. ඇසළ පෙරහර දළදා...
පිරිත් දේශනාව පිළිබඳ තොරතුරු විවිධ සූත්‍රවල දී මෙන් ම ජාතක කතා, ධම්මපද ගාථා යනාදියෙ හි ද දක්නට ලැබේ. බෝධිසත්ව චරිතය ගැන...
බෝධි පූජාව බොහෝ දෙනා අතර ජනප්‍රිය ශාන්ති කර්මයක් බවට පත්ව තිබේ. බෝධි පූජාව බෞද්ධ ශාන්තිකර්මයන් වුවද එය මෙතරම් ව්‍යාප්ත වීමට ප්‍රධාන...