Biz Log
Classifields
Biz Log
Classifields

අවතාර ගැන වැඩි දෙනෙක් නොදන්න කතා

Ghost

සමූහ අවතාර

සාමාන්‍යයෙන් අවතාර ස්ථානය හෝ වේලාව සම්බන්ධයෙන් තැකීමක් නොකරන බවට සැලකුණද සමූහ අවතාර පෙනී සිටින්නේ ඔවුන්ගේ නමින්ම ඇඟවෙන පරිදි පිරිසක් හෝ ජන සමූහයක් රැස්ව සිටින ස්ථානවලය. මෙම අවතාර එලෙස ජන සමූහයක් වෙතට ආකර්ෂණය වන්නේ ඇයිද යන්නට නිශ්චිත හේතුවක් හෙළිවී නොතිබුණද ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති උපකල්පනයන් කිහිපයකි. යම් ස්ථානයකින් නිකුත් වන ශක්ති විශේෂයකට ඇතිවන ආකර්ෂණය, පිරිසක් ඡායාරූපයට නගන ඡායාරූප ශිල්පියා කෙරෙහි ඇතිවන ආකර්ෂණය, පිරිසේ සිටින යම් එක් නිශ්චිත පුද්ගයෙකු කෙරෙහි ඇතිවන ආකර්ෂණය මෙන්ම එලෙස සමූහ වශයෙන් පෙනී සිටීමේදී පහසුවෙන් අවධානයට ලක් වීමට හැකි වීම යනාදී වශයෙන් මෙම උපකල්පන විවිධාකාරවේ. එසේම සමූහ අවතාරවල සතු තවත් විශේෂත්වයක් වන්නේ මොවුන් එකවර සමූහ වශයෙන් පෙනී සිටීමයි. මෙහිදී ඔවුන් මිනිස් ඇසට හඳුනා ගත නොහැකි පරිදි විවිධ විකාරරූපී හැඩවලින් පෙනී සිටිය හැකිය. සත්ව අවතාර

මිනිස් පවුල්වල ළබැඳි සාමාජිකයින්ව සිටි සත්ව සුරතලුන්ගේ අවතාර පිළිබඳ වාර්තාද ඉතිහාසයෙන් ඕනෑතරම් සොයා ගත හැකි අතර 1800 වකවානුවේදී ඇමරිකාවේ විසූ ජෝන් බෙල්ගේ පවුලට මුහුණ දීමට සිදුවූ අවතාර සම්බන්ධ සිදුවීම් මාලාව නොහොත් සුප්‍රකට ‘බෙල් විච් හොල්මන් අබිරහස’ එවැන්නකි. භූත කුරුල්ලන් හා එකවරම පෙනී නොපෙනී යන සුනඛයන් එහිදී වාර්තාවී තිබුණි. මෙහිදී සත්ව අවතාර සම්බන්ධයෙන් වන වැදගත් කරුණක් වන්නේ සෙසු සාමාන්‍ය අවතාර මෙන් නොව මොවුන් රුව නොපෙනී ගන්ධයක් හෝ ඇතැම් විට ශබ්දයක්ද සමග පෙනී සිටීමයි. සත්ව අවතාරය හතිලන හඬ, බිරුම් හඬ හා ඇතැම් විට පහුරු ගාන ශබ්දයද අසන්නට ලැබෙන බව වාර්තා වෙයි. සුළං අවතාර

සාමාන්‍යයෙන් හොල්මන් අවතාර කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස් වුවද සුළං අවතාර පිළිබඳව අසා නොතිබිමට ඇති ඉඩකඩ වැඩිය. මිනිස් ඇසට නොපෙනෙන සුළං අවතාර බොහෝ විට දිගු කම්බි කූරක හෝ සුරුට්ටුවක හැඩ ගනිමින් හිස් අවකාශයේ ඇඹරෙමින් පවතින ආකාරයෙන් දිස් වන අතර ඒවා එලෙස දැක ගත හැක්කේ ඡායාරූප ඔස්සේ පමණක් වීමද විශේෂත්වයකි. ඌෂ්ණත්වයේ සිදුවන අඩුවීමක් හරහා සුළං අවතාර තමන්ගේ ආගමනය දැනුම් දෙන අතර මේවා බොහෝ විට නිවෙස් හෝ ගොඩනැගිලි වැනි සංවෘත අවකාශ තුළ අත්දැකිය හැක. ඒ පදනම් කර ගනිමින් සුළං අවතාර සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති එක් උපකල්පනයක් වන්නේ ඒවා එම නිවෙස්වල විසුවන්ගේ අවතාර විය හැකි බවයි. නමුත් තවත් ඇතැම් භූත විද්‍යාඥයින්ගේ විශ්වාසය වන්නේ ඒවා අවතාරවලට ඔවුන්ගේ පරිමාණවල සිට මිනිස් පරිමාණ වෙත පැමිණීමට ආධාර වන එක්තරා මාධ්‍යයක් පමණක් බවය.  අජීවී අවතාර

අජීවී අවතාර සම්බන්ධයෙන් ඉදිරිපත් වන හොඳම නිදසුන නම් දාහත්වන සියවසේදී නාවිකයින් අතර භීතිකාවක් බවට පත්ව තිබූ අත්දැකීමකි. ෆ්ලයින් ඩච්මන් නැමැති භූත නැවේ සංසිද්ධියයි. එය කෙතරම් බියකරු අත්දැකීමක් බවට පත්ව තිබුණේද යත් එම නැව දකින්නට ලැබිම පවා මුහුදු ගමන විනාශය කරා ගෙන යනු ඇති බවට තදබල විශ්වාසයක් එකල නැවියන් තුළ පැවතිණි. කෙසේ වුවද අජීවී අවතාර නැව්වලට පමණක් සීමා වූවක් නොවේ. මෝටර් රථ, දුම්රිය එන්ජින් මෙන්ම ඇතැම් විට කැඩීබිඳී ගිය බඩු භාණ්ඩවලටද එලෙස අවතාර අරක් ගත හැක. සියලුම අජීවී අවතාරවලට ‍පොදු වූ එක් කරුණක් වන්නේ ඔවුන් හැමවිටම පුරුද්දක් ලෙස එකම ස්ථානයකදී, එකම වේලාවකදී වාහනයක් හෝ යාත්‍රාවක් නම් එකම මාර්ගයක් ඔස්සේ ගමන් කරන අයුරින්, එනම් ඒවා විනාශයට ලක්වූ අවස්ථාව ප්‍රතිනිර්මාණය වන අයුරින් දර්ශනය වීමයි. ද්විත්ව කාය අවතාර (ඩොපල්ගැන්ගර්)

ද්විත්ව චරිත නිරූපණයක් කරන්නෙකු හැඳින්වීමට යොදන ජර්මානු වචනයෙන් අරුත් ගැන්වෙන මෙම අවතාර සතු සුවිශේෂී හැකියාව වන්නේ එකවර තැන් දෙකකදී පෙනී සිටීමට ඇති හැකියාවයි. එයිනුත් වඩාත්ම සුවිශේෂී වන්නේ ජීවත්ව සිටින්නවුන්ගේ වුවද රූපකායන් ගැනීමට ඒවාට ඇති හැකියාවයි. බොහෝ විට එලෙස දකින පුද්ගලයා ඊට ටික වේලාවකට පසුව මිය ගිය බව දැන ගැනීමට ලැබිමද ද්විත්ව කාය අවතාර සම්බන්ධයෙන් අත්දැකීමට ලැබෙන තවත් සංසිද්ධියකි. ද්විත්ව කාය අවතාර සම්බන්ධයෙන් ඇති තවත් විශ්වාසයක් වන්නේ ඒවා කිසියම් ඛිෙදවාචකයක පෙරනිමිති බවය. හිටපු සුප්‍රකට ඇමරිකානු ජනපතිවරයෙකු වන ඒබ්‍රහම් ලින්කන් හා සුප්‍රකට කවියෙකු වන පර්සි බයිෂි ෂෙලි යන දෙදෙනාම සිය මරණවලට පෙර තමන්ගේ ද්විත්ව කාය අවතාර දුටු බවට ඉතිහාසයෙන් වාර්තාවේ. මේ නිසාම මේවා ජීවත් වන පුද්ගලයෙකුගේ මනෝකාය හෝ මිය ගිය පුද්ගලයෙකුගේ ආත්මය බවට පළ වන මත මුලුමනින්ම බැහැර කළ නොහැක. කොබෝල්ඩ්

‍පෝටර්ගයිස්ට් (ඝෝෂා නගන අවතාර) මෙන්ම කොබෝල්ඩ් අවතාරද විනෝදයට බරය. අවස්ථාවට අනුව මිනිසුන්ට වාසිදායක මෙන්ම ඇතැම් විට හානිදායකද විය හැකි මොවුන් සත්වයෙකු ලෙස මෙන්ම තවත් විටක ගින්දර වැනි දෙයක් ලෙසද පෙනී සිටිය හැක. කොබෝල්ඩ් අවතාර සම්බන්ධයෙන් වන හොඳම නිදසුන ජෙෆ්ගේ කතාවයි. ජෙෆ් නැමැති මුගටියා කොබෝල්ඩ් අවතාරයකි. සතෙකු ලෙස මෙන්ම තවත් විටක ළදරුවෙකු ලෙසද විවිධ ශබ්ද නිකුත් කළ ජෙෆ්ව සියැසින් දැක ගැනීමට ලැබුණේ 1931 වසරේදී අයිල් ඔෆ් මාන් හි විසූ අර්වින් පවු‍ලේ දියණිය වන වොයිරේට පමණි. කහ පැහැති සිරුරක් හා ලොමින් පිරුණු වල්ගයක් තිබූ ජෙෆ්, අර්වින් පවු‍ලේ සාමාජිකයින් කෙරෙහි මිත්‍රශීලීව හැසිරුණු බව කියැවේ. උණහපුලු අවතාර

මොවුන්ගේ සම්භවය රෝමානු ශිෂ්ටාචාරය පැවති සමය දක්වා වූ අතීතයකට විහිදෙන්නෙකි. හානිකර වූ අවතාර විශේෂයක් ලෙස සැලකෙන මොවුන් මෙලොව ගත කළ ජීවිතය අකාලයේ අවසන් වීම නිසාත්, පවුලෙන් නිසි සැලකිල්ලක් නොලැබ මිය යාම නිසාත් තමන්ට නිසි ලෙස අවමංගල්‍ය චාරිත්‍ර ඉටු නොවීම නිසාත් උපන් කෝපයෙන් යුතුව මෙලොව සැරිසරන අවතාර විශේෂයකි. උණහපුළුවෙකු ලෙස එන ඔවුන්ගේ දර්ශනයද කිසියම් බිහිසුණු සිදුවීමක පෙර නිමිත්තක් ලෙසට දැඩිව විශ්වාස කළ අතීත රෝමානුවන් මෙම උණහපුලු අවතාර වෙනුවෙන් පුද පූජා පැවැත්වීමට මාසයකට දින කීපයක් වෙන් කොට තැබුණු බව කියැවේ. ඓතිහාසික සිදුවීම් ප්‍රතිනිර්මාණය කරන අවතාර

අතීතයේ සිදුවූ සිදුවීමක් හා බැඳුණු මේ අවතාර ඉතා විරලය. නැවත නැවතත් ක්‍රියාත්මක වන පටිගත කළ සිදුවීමක් බඳු මෙබඳු අවතාර ඉතිහාසය නැවත නැවතත් සිදු වන ආකාරයක් අත්විඳීමට සලස්වයි. මේ සම්බන්ධ හොඳම නිදසුන වන්නේ 1901 දී ප්‍රංශයේ වර්සෙල්ස් නුවරදී සංචාරයේ යෙදුණු චාර්ලට් ඈන් මොබර්ලි හා එලිනොර් ජෝර්ඩේන්ට අත්විඳීමට ලැබුණු සිදුවීමකි. වර්සේල්ස් ටයිම් ස්ලිප් ලෙස හැඳින්වෙන මෙම සිදුවීමේදී මොවුන් දෙදෙනාට එක්වරම තමන් දහඅට වන සියවසේදී පැරිස් නුවර ඇවිදිමින් සිටින බවක් හැඟී ගොස් තිබේ. තමන් එකලට අයත් ඇඳුම්වලින් සැරසී සිටි බව පමණක් නොව මාරි ඇන්ටනට් රැජිනද තමන්ට දැක ගැනීමට ලැබුණු බව පසුව ඔවුන් කියා සිටියෝය. උපුටා ගැනීම ලක්බිම

Share This Article

බුදුරදුන්ගේ පළමුවන ලංකා ගමනය

"දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකා බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. උන්වහන්සේ මෙරට බුදුදහම ස්ථාපිත...

සතියේ සෙත්කවිය

සරස්වතී ලක්ෂ්මිය ගේතුළ ඔබට සීදේවියම වේවා සිතට සහනය සදන පිළිවෙත ඔබේ සහජීවනය...

සිනහවේ ප්‍රභේද

සිනහව හදවතේ කැඩපතයි. ඒ නිසා සිනහව තුළින් ගතිගුණ අනාවරණය කර ගත හැක. යමෙකුගේ සිනහවෙන් ආදරය, සෙනෙහස, අවඥව, රැවටීම, කපටිකම, මෝඩකම, අහිංසක...

දඟකාර පූතාට, සූරතල් දියණියට දහම් අධ්‍යාපනය අවශ්‍යමයි

පූතා සූදු ඇඳුමක් ඇඳගෙන අම්මගෙ අතේ එල්ලිලා දහම් පාසල් යනවා. අතේ මල් වටිටයකුත් තියෙනවා. පූතා දහම් පාසල් යනවද?ඔව්..... මම දහම් පාසල්...

දෙවියන් ඇදහීම බෞද්ධකමට හානියක්‌ද?

තම සේවාදායකයකුට කේන්ද්‍රය අනුව අපලදායක කාල සීමාවක්‌ උදා වී ඇති විටෙක එම ගැටලුවලට කළ යුතු පිළියම් පෙන්වාදීම සෑම ජ්‍යොතිෂ්ශාස්‌ත්‍රඥයකුගේම සේවයේ එක්‌...

පොළොව පෙරලෙනවාට බයේ දුවපු හාවා වගේ

ජේතවනාරාමය නුදුරෙහි එවක තීර්ථකාරාමයක් ද විය. එහි වාසය කළ පරිබ්‍රාජකවරු ශරීරයට දුක දෙන දුෂ්කර තාපස වෘත අනුගමනය කරමින් හුන්හ. මේ පිළිවෙත්වලින්...