Biz Log
Classifields
Biz Log
Classifields

නයෙක් දුටුවොත් තදබල අපල

නයෙක් දුටුවොත් තදබල අපල

සිහින මඟින් යම් යම් අසුබ පලද උදාවේ. සමහරවිට කෙතරම් සුබ සිහින දුටුවද, ඉන් අසුබ පල උදාකරන අවස්ථාද තිබේ.

  1. දැව පිලිස්සීම, වනාන්තර තුළ ගිනි ගැනීමක් හෝ දැවුණු අඟුරු දැකීම, විවාහ වීමට සිටින අයට අසුබ කාලයකි. විවාහ වීමට සුදුසු වයසේ දරුවන් සිටී නම් දරුවන්ට අනතුරු වන බව කියැවේ.
  2. සිහිනෙන් නයෙක් වැනි විෂඝෝර සර්පයන්ද දකීනම් හෝ තමන් පසුපස එළවාගෙන එයි නම්, ඉතාමත් තදබල ග්‍රහ අපල ඇත. විශේෂයෙන් රාහු අපල ඇති කාලයකි.
  3. අලි ඇතුන්, ගවයන්, මොනරුන් තමන් පසුපස එළවනවා දකීනම්, එහිදී තමන් වැටෙනවා දකීනම්, දෙවියන්ගෙන් දෝෂ ඇතිවන කාලයක් වන අතර එම දෝෂය තදබල වේ.
  4. මුහුදේ නැවක, ඔරුවක යනවා දැකීම හෝ මුහුදු දියේ මාළුන් එක පේළියට පිහිනනවා දැකීම, සුබපල දෙන සිහිනයකි. අන් සතු වස්තුවක් හෝ තමන්ට උරුම යම්කිසි වස්තුවක් ලැබේ.
  5. සුනඛයන්, කළු පූසන්, වඳුරන් කෑගහනවා දකීනම්, එම කාලය තුළ මොනයම් හෝ කරුණක් මත නින්දා අපහාසයකට මුහුණ දීමට සිදුවේ.
  6. කුණාටු සහිත මහා වර්ෂාවකට තෙමීම හෝ ගංවතුර දැකීම, එය සුබපල සිහිනයකි. එවිට විදේශගත යෝග ඇති වෙයි. විදේශ ගතවීමට සුබ කාලයකි.
  7. තමාගේ යහළුවකු හෝ හිතවතකු හදිසි අනතුරකින් මිය යයි නම්, සිහිනය දුටු පුද්ගලයාට අසුබ පල උදාවේ. සිහිනයෙන් දුටු පුද්ගලයාට සුබපල හිමි වේ.
  8. තමා ආදරය කරන කෙනකු හෝ තම හිතවතකු වර්ණවත් සමනලුන් සමඟ පියඹා යනවා දුටුවොත් හෝ මල් උයන් තුළ සිටිනවා දුටුවොත්, එම පුද්ගලයා පරෙස්සමෙන් ඇසුරු කරන්න. අසුබ පල සිහිනයකි.
  9. ගසක අත්තක් කැඩී වැටෙනවා දැකීම, තමන්ට යමක් හිමිවීමට තිබූ මාර්ගයක් ගිලිහී යෑම හෝ හිතවතකු අමනාප වීම සිදුවෙයි.
  10. මහා සෙනඟක් තම නිවෙසේ පිරී ඉතිරී සිටිනවා දැකීම, හිතවතකු හෝ ඥාතියකු වියෝ වේ.

උපුටා ගැනීම මව්බිම Save

Share This Article

ලෝකයම දිනන මඟ කා ළඟද? කොතැනකද?

මනස  යනු  ලොවෙහි ඇති ශක්තිමත්ම බලවේගයයි. ඒ නිසා එය සරල ක‍්‍රමවේදයක් තුළ විශ්ලේෂණය කිරීම අපහසු වේ. සත්ත්වයන් අතර ලොව දියුණුතම සත්ත්වයා...

පිරිතේ බලය ලැබිමට.....

රට පුරා පිරිත් කියන පමණින් ශාන්තියක් සිදුවේද? එසේ නොවේ නම් ඊට හේතු කවරේද? පිරිතෙන් ශාන්තියක් උදාකර ගත හැක්කේ කෙසේද යන්න මෙම...

සැමට සෙත ලැබිය හැකි නව අරහාදී පහන් පූජාව

බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කිරීම ඉතා උසස්‌ කුසල කර්මයකි. සැදැහැ සිතින් බුද්ධ ගෞරවය පෙරදැරිව බුදුගුණ මෙනෙහි කරමින් වන්දනා මාන කරන්නා යම්...

අභය දානය දීමෙන් ග්‍රහ අපල දුරු කර ගත හැකියි

ග්‍රහ අපල යනු අසුබත්වයයි. අසුබ වූ ග්‍රහයන්ගෙන් උදාවන අපල පෙර කළ අකුසලයන් පලදීමක්‌ ලෙස හැඳින්විය හැකිය. අකුසල් හා කර්ම ශක්‌තිය අනුව...

ඔබ මේ යන්නේ කොහෙද?

ඔබ මේ කොහේද යන්නේ? කවුරුන් හෝ ඔබෙන් ප්‍රශ්න කළොත් ඔබේ පිළිතුර කුමක්‌ වේවිද? මම වැඩට යනවා. මම පාසල් යනවා හෝ මම...