මිතුරන් හඳුනා ගනිමු
බුද්ධ දේශනාවන්හි සදහන් වන පිරිදි මිත්‍රයා යනු පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තීරණය කරන එක් සාධකයකි. අපට මිතුරන් තෝරා ගැනීමේදී බුදුරදුන් යම් කිසි පිලිවෙතක් වදාල සේක. එය නම් මිතුරෙකු තෝරා ගැනීමේදී මුලින්ම අපට වඩා ගුණයෙන් ඉහල අයෙකු තෝරා ගැනීමයි. එසේත් නැත්නම් අපට ගුණයෙන් සමාන හෝ මිතුරෙකු තෝරා ගැනීමයි. අප බලාපොරොත්තු වන මිතුරාගේ එම ගතිගුණ නොමැති නම් තනිව වාසය කිරීම වඩාත් සුදුසු යැයි බුදුරදුන් පෙන්වා දුන් සේක.
මිතුරන් ප්‍රධාන කොටස් 2කි. ඒ කළ්‍යාණ මිතුරන් (යහපත් මිතුරන්) හා පවිටු මිතුරන්ය (පාප මිත්‍රයන්). බුදුරජාණන් වහන්සේ කළ්‍යාණ මිතුරන් සිව් දෙනෙකුත් පවිටු මිතුරන් සිව් දෙනෙකුත් බැගින් වදාලහ. මෙතැන් සිට අපි ඔබට පෙන්වා දෙන්නේ ඒ ඒ මිතුරා තුළ ඇති ලක්ෂණයන්ය.
පාප මිතුරන් :
- අඤ්ඤදත්තුහර
– කිසියම් දෙයක් රැගෙන යාමට කඩාවඩා ගැනීමටම තැත් කරයි.
- වචීපරම
– අතීතයෙන්,අනාගතයෙන් තේරුමක් නොමැති වචන වලින් සංග්‍රහ කරයි.
- අනුප්පියභාණි
– හොද දේත්,නරක දේත් බොරුවට වර්ණනා කරයි.
- අපායසහායක
– සුරාවට ආදී පව් කම් වලට උදව් කර අපායගාමී කරවීමට තැත් කරයි.
කළණ මිතුරන් :
- උපකාරක
– අපට සැමවිටම උදව් කරයි.ආරක්ෂා කරයි.
- සමාන සුඛදුක්ඛ
– දුකේදීත් සැපේදීත් එකට සිටී.මිතුරාගේ රහස් රකී.
- අත්ථක්කායි
– පවින් වළක්වයි.යහපතෙහි යොදවයි.
- අනුකම්පක
– අනුකම්පා සහගතව දියුණුවේදී උදව් කර ආශිර්වාද කරයි.(ප්‍රශංසා කරයි)
සැබෑ මිතුරෙක් නම් තම හිතවතාගේ වැරදි පෙන්වා දිය යුතුය. නිවැරදි මග පෙන්වා දිය යුතුය. ඔබට තිසරණයේ පිහිටීමට, ධර්මය ඉගෙන ගැනීමට, ධර්ම මාර්ගයේ ගමන් කිරිමට යම් මිතුරෙක් උපකාර කලේද ඔහුට දිවා රෑ වැද වැටුනද කලගුණ සලකා නිමා කල නොහැකි බව ධර්මයේ සදහන් වේ. අපට නිර්වාණය පිණිස ශ්‍රද්ධාව ඇතිකල ගත යුතු වේ. එම ශ්‍රද්ධාව ඇති කර ගැනීමට නම් ධර්ම ශ්‍රවණය කළ යුතු වේ. ධර්ම ශ්‍රවණයට නම් ධර්මය කියා දෙන කළණ මිතුරන් සිටිය යුතුය.
උපුටා ගැනීමකි.
"අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ" යනුවෙන් මෙලොව පහළ වූ බුදුවරුන්ගේ සංඛ්‍යාව අප්‍රමාණ වන අතර උන්වහන්සේ විසින් මෙලොවට දේශනා කළා වූ...
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සඅසාරෙ සාරමතිනොසාරෙ චාසාර දස්සිනොතෙ සාරං නාධිගච්ඡන්තිමිච්ඡා සංකප්ප ගෝචරාසාරං ච සාරතෝ ඤත්වාඅසාරං ච අසාරතෝතේ සාරං අධිගච්ඡන්තීසම්මා සංකප්ප...
තමා සතු දෙයක් තවත් කෙනෙකු වෙනුවෙන් හෝ කෙනෙකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් ලබාදීම, පූජා කිරීම හෝ අත්හැරීම බුද්ධ දේශනාවේ "දානය" ලෙස සලකනු ලබයි....
නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සපරේසං විලෝමානිනපරේසං කතා කතංඅත්තනොව අවෙ ක්කෙය්යකථානි අකථානිචපින්වත්නි, අනුන්ගේ අඩු පාඩු නොසොයා නොබලා කතා නොකොට තමාගේ අඩුපාඩු සොයා...
තමන්ගේ ජීවිතය තමන්ට පි‍්‍රය නම්, බාල, තරුණ, මහලු යන අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදීවත් නුවණින් යුතුව කුසලයට නැඹුරු විය යුතු ය. කුසලයෙන්...
පිංවත වැස්ස නැති නිසාම පිංවත් ගොවි මහත්වරුන් ඇළෙන් ලැබෙන වතුර අරපරිස්සමින් පරිහරණය කරලා තම ගොයම ආරක්ෂාකොට ගන්නවා. බලාපොරොත්තු පොදි බැඳගෙන හෙට...