Biz Log
Classifields
Biz Log
Classifields

හෘදය රේඛාව සහ දෛව රේඛාව

අද හෘද රේඛාව මඟින් පැවැසෙන තොරතුරු විමසමු. බුධ මණ්ඩලයේ සිට ගුරු මණ්ඩලය මැදින් දිගු ගමනක් හෘද රේඛාව ගමන් කළහොත් එය ආදරය ජයගන්නා ප්‍රේමාන්විත චරිතයක් පිළිබඳ පවසයි. මේ රේඛාව ශනි මණ්ඩලය වෙතට දිගුවේ නම් ආදරය, ප්‍රේමය වෙනුවට රාගයට මුල්තැන දෙන අතර ලිංගික තෘප්තිය පරම සතුට බවට පත් කරගන්නෝ එමඟින් කියැවෙයි.

ඇතැමුන්ගේ අත්ලේ හෘද රේඛාව නොමැතිවීමටද ඉඩ ඇත. එසේ නම් ඔවුන් 'හදවතක් නැත්තෝ ලෙසම' කිව හැකියි. කිසිදු අනුකම්පාවක් නොමැති අනුන් රැවටීමට කැමැති පුද්ගලයන් මෙසේ වෙයි. හෘද රේඛාව පැහැදිලි නම් ඍජුව ගමන්කරයි නම් ඔහු හෝ ඇය පරිත්‍යාගශීලීය. අනුන්ගේ යහපත වෙනුවෙන් කැප කිරීම් සිදු කරයි. හෘද රේඛාව ඇඟිලි ආසන්නයෙන් ගමන් කරයි නම් ඔහු හෝ ඇය රාගික හැඟීම්වලට මුල් තැන දෙන බව පැහැදිලිය. එහෙත් ඇඟිලිවලින් ඇතිවන තරමට ආත්මාර්ථකාමී පුද්ගලයකුගේ චරිතයක් පෙන්වයි.

ප්‍රේම සබඳතා බිඳවැටීම් සිදුවන්නේ නම් හෘද රේඛාව බිඳීම්වලට ලක්වෙයි. රවි මණ්ඩලය අසලදී බිඳීයෑමෙන් රැකියා හෝ තනතුරු අහිමිවීම් පෙන්නුම් කරයි. බුධ මණ්ඩලය මඟදී බිඳී ගියේ නම් බලාපොරොත්තු ප්‍රාර්ථනා බිඳවැටෙනසුලු ගතියක් ඒ මඟින් පැහැදිලි වෙයි. හෘද රේඛාව කෙළවර ත්‍රිශූල සලකුණක් හෝ (දෙකට බෙදුණු) තරුවක සලකුණක් පවතී නම් ඔහු හෝ ඇය ආගම දහමට ළැදිය. දේවාශීර්වාදය ලැබීමට සුදුසුය. කුමන හෝ ලෙසකින් දෙවියන් සමඟ සම්බන්ධතාවකට පත්වෙයි. ජේ‍යාතිෂය, ගුප්ත විද්‍යාව, දේවරූඪය, නැතහොත් දෙවියන්ගේ බැල්ම ලැබේ.

හෘද රේඛාව කෙළවර රේඛා සමූහයක් සහිතව බිඳීයන්නේ නම් ස්ථිර අරමුණක් නොමැති, ආදරය ප්‍රේමය ගැන කිසිදු හැඟීමක් නොමැති විකෘති කාමාශාවන්ට පෙලඹෙන පුද්ගලයෙකි.

හෘද රේඛාව ශීර්ෂ රේඛාව කපාගෙන යයි නම් නොගැළපෙන විවාහයක් පිළිබඳ සටහන් කරයි. ශීර්ෂ රේඛාව සහ ජීවන රේඛාවද දෙකම කපාගෙන යයි නම් දික්කසාදය උරුමයි. හෘද රේඛාව සහ ශීර්ෂ රේඛාව එකම තැනකින් කෙළවර වේනම් දරුවකු ගැන දුකක් වේදනාවක් ඇති කරනු නොඅනුමානය. හෘද රේඛාව කුජ මණ්ඩලයට ගමන් කරයි නම් ඔහු සටන්කාමීය. ජනප්‍රියය. සමාජයේ පිළිගැනීමට ලක්වෙයි. මේ හෘද රේඛාව දම්වැල් ලකුණු, තරු සලකුණු, චතුරශ්‍ර සහ ත්‍රිකෝණ දූපත් ඇති නම් එය අසුබය. හෘදය වස්තු ආශ්‍රිත විවිධ රෝග මෙන්ම හදවත් නපුරු බව පෙන්වන සාධකය.

මේ හෘද රේඛාව ගැන බොහෝ දේ ලිවිය හැකිවුවත් සාමාන්‍ය ජීවන පලාපලයක් දැනගැනීමට ඉහත සඳහන් කරුණු ප්‍රමාණවත්ය. එනිසා ඊළඟට අප වෙනත් රේඛාවක් හඳුනා ගනිමු.

පාණිතලය හෙවත් අත්ලේ පහත කෙළවරින් ආරම්භ වී ශනි මණ්ඩලය හෙවත් මැදඇඟිල්ල දක්වා විහිදෙන රේඛාවය. මෙය ඇතැම් විට වෙද ඇඟිල්ල වෙතටද නැඹුරු විය හැකි අවස්ථා පවතී. මේ රේඛාව බොහෝ දුරට ධනය පිළිබඳ විමසා බැලීමට උපකාරී වෙයි. මැණික් කටුවෙන් ආරම්භ වී ශනි මණ්ඩලය වෙත ඍජුව ගමන් කරයි නම් කැඩීම් බිඳීම්වලින් තොර නම් එය බොහෝ සැප සම්පත් උරුම කරදෙන්නක් බව කිවයුතුය. අන්‍යයන්ගේ ගෞරවය ආදරය දිනාගන්න පැහැදිලි රේඛාව උපකාරී වෙයි.

දෛව රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වී කිසිදු බාධාවකින් තොරව ගමන් කරයි නම් (එය ශනි මණ්ඩලය දක්වා) විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශණය දිනාගන්න සමත් වෙයි. කුජ මණ්ඩලයෙන් ආරම්භ වී ශනි මණ්ඩලය වෙත ගමන් කරයි නම් බාධා අතරින් ජයග්‍රහණ ලබා ගැනීම පෙන්වයි.

ජීවන රේඛාවෙන් ආරම්භ වී ඉහළට ගමන් කරයි නම් උත්සාහය මතම ජයග්‍රහණ ලැබීමත් පෙන්වයි. ඔහුට දියුණුව ලබාගත හැක්කේ මැදි වයසේදීය. ජීවන රේඛාවෙන් ආරම්භ වී ඉහළට විහිදී යන්නේ නම් මවුපිය ඥාති හිතවතුන්ගෙන් ජීවිතය සාර්ථක කරගත හැකිය. මේ රේඛාවෙන් යම් රේඛාවක් රවි මණ්ඩලය වෙතට විහිදී යන්නේ නම් එය ධනය සහ සැප සම්පත් උරුම කරදීමකි. මැදඇඟිල්ලේ ඉහළට මේ රේඛාව විහිදී යෑම ඉතාම සුබය. ඔහු හෝ ඇය හොඳ ධනය ලබන්නෙකි. මේ රේඛාව රවි මණ්ඩලය වෙතට කෙළින්ම ගමන් කරයි නම් ව්‍යාපාර - කර්මාන්ත ආදියෙන් උසස් ධනයක් උරුම කරගන්නෙකි. දෛව රේඛාව කතිර දූපත් කුරුස ලකුණු යෙදී තිබීම සුබදායක නැත. ඇතැමුන්ගේ හස්තයේ මේ රේඛාව දැකීමට නැත. එහෙත් එය ගැටලුවක් නොවෙයි. අනෙක් රේඛාවන් මඟින් මේ විස්තරය විමසා දැනගත හැකියි. දෛව රේඛාව සමාන්තරව තවත් රේඛාවක් ඇත්නම් ඔහු ප්‍රධාන ආදායම් මාර්ගයට අමතර තවත් ක්‍රමවලින් ආදායම උපයන්නෙකි. රේඛාව තරු සලකුණකින් අවසන්වේ නම් ඉතා සුබයි. ත්‍රිශූල ලක්‍ෂණයකින් කෙළවර වූයේ නම් ජනප්‍රිය බව සහ ප්‍රසිද්ධිය කෙසේ හෝ ලබන්නෙකි.

මව්බිම

Share This Article

ප්‍රේමයේ ආශ්වාදය හෙළිකරන සිකුරු මණ්‌ඩලය

සිකුරු ග්‍රහයාගෙන් නිකුත් කරන තරංග චලන ශක්‌තින් ගබඩා වී ඇත්තේ සිකුරු මණ්‌ඩලයේ යයි කීවොත් එය වැරදි නොවේ. එම සිකුරු මණ්‌ඩලය පිළිබඳවයි...

තාරකා ලකුණෙන් හෙළිවන පලාපල

කිසියම් අයෙකුගේ අත්ලෙහි පිහිටන විවිධ සලකුණු ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්‍ෂණ හා ජීවන තත්ත්වයන් හෙළිකරන බැව් සාමුද්‍රික ශාස්‌ත්‍රයේ සඳහන් වෙයි. මේ...

ධනය, බලය,සටන්කාමීබව හෙළිකරන කුජ රේඛාව

අද ඔබට හඳුන්වාදීමට යන්නේ අත්ලක පිහිටන තවත් අප්‍රධාන රේඛාවක්‌ වන කුජ රේඛාව පිළිබඳවයි. දිබරගිල්ලටත්, මහපට ඇඟිල්ලටත් අතර පහළ කුජ මණ්‌ඩලයෙන් ආරම්භ...

අත බලා දෛවය කියන හැටි

අද අපි විස්තර කරන්නේ ඒ කුමන වර්ගයක අතක වුවත් අල්ලේ වර්ණය හා පිහිටීම අනුව හෙළිවන ඔහුගේ හෝ ඇයගේ ජීවන තොරතුරු පිළිබඳවයි.ඔබ...

සියල්ලෙන් සපිරි සුපිරි පෙම්වතෙක්‌ හෝ පෙම්වතියක්‌ හිමිවෙයි

ගුරු මණ්‌ඩලයේ කතිර සලකුණක්‌ තිබේද? අද අපි විස්‌තර කරන්නේ අතේ එම ඇඟිලිවලට මුල්වන ග්‍රහ මංඩල පිළිබඳවයි. සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අල්ලේ පිහිටි...

විචාර බුද්ධිය කලාකාමිත්වය ජයග්‍රහණය ලියෑවී ඇති වෙදැගිල්ල

මෙවර අප කතාකරන්නේ වෙදඇගිල්ල පිළිබඳවයි. වෛද්‍යවරුන් හා අක්ෂි වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂාකරන විටදී මෙම ඇගිල්ල වැඩි වශයෙන්ම භාවිත කරන නිසා එම නම...