මැණික්‌කටු රේඛා සහ ගුප්ත කතිරය
![මැණික්‌කටු රේඛා සහ ගුප්ත කතිරය](https://www.sithmalyaya.com/images/astrology/astrology-290/larges/nekatha-atha.jpg)
අත්ලක පිහිටි අප්‍රධාන රේඛාවන් අතර මැණික්‌කටු රේඛාද වැදගත් වෙයි. "මණිබන්ධන රේඛා" වළලුකර රේඛා යන නම් වලිනුත් මෙම රේඛා හඳුන්වනු ලබයි. ජීවන රේඛාවද බොහෝ විට අවසන් වන්නේ මැණික් කටු රේඛා ආශ්‍රයෙන්මයි. ඒ වගේම දෛව රේඛාව, සුඛ රේඛාව, දේශාටන රේඛාව මෙන්ම කීර්ති රේඛාවද ආරම්භ වන්නේ මැණික් කටු ආශ්‍රයෙන්මයි. මේ අනුව හස්‌ත රේඛා විද්‍යාවේදී මැණික්‌කටු රේඛාවලට වැදගත් ස්‌ථානයක් හිමිවී ඇති බව ඔබට හිතාගත හැකිය. අල්ල බාහුවට සම්බන්ධ කරන මැණික්‌කටුව මත වැටෙන මැණික්‌කටු රේඛා පිහිටා ඇති බව මෙහි පළවෙන රූපසටහනින් ඔබට හඳුනාගත හැකි වෙයි.
පළමුවෙන් අංක 1 න් දක්‌වා ඇති රේඛාව දෙස බලන්න අල්ල පැත්තෙන් මුලටම පිහිටා ඇති රේඛාව පළමුව විස්‌තර කරන්නම්. තෘණ වළල්ල යනුවෙන් තමයි එම වළල්ල හඳුන් වන්නේ. එම රේඛා වළල්ල බලපාන්නේ පුද්ගලයාගේ කුඩා කාලයටයි. එම රේඛාව පැහැදිලිව ලා රතු පාටට හුරුව ලස්‌සනට වැටී ඇත්තේ නම් ඔහු හෝ ඇය ළමා කාලයේදී සැප සම්පත් භුක්‌ති විඳි අයෙක් විය හැක. කැපී කැඩී හෝ විකෘති ලෙස පිහිටා ඇති තෘණ වළල්ලෙන් එම අය ළමා කාලයේ දුක් කරදර වින්ද අයෙක් ලෙස පෙන්නුම් කරයි.
දෙවැන්නෙන් දක්‌වා ඇති රේඛා වළල්ල ධන වළල්ල ලෙස හඳුන්වනු ලබයි. එය පුද්ගලයාගේ තරුණ කාලය තුළ පැවති ජීවන තත්ත්වය පෙන්නුම් කරයි. පැහැදිලි ලස්‌සන ධන වළල්ලක් ඇති අය තරුණ කාලයේ අනේකවිධ සැප සම්පත් ලබන බව හස්‌ත රේඛා විද්‍යාව නිගමනය කරයි. එම රේඛාව කැපී කැඩී හෝ දුර්වර්ණ වී පිහිටා තිබීම අසුභය. තරුණ කාලයේ නොයෙකුත් දුක් කම්කටොලුවලට මුහුණ පෑමට සිදුවන බව එමගින් ප්‍රකට කරයි.
රූපසටහනේ තුන්වෙනුව සටහන් කර රේඛා වළල්ල සම්පත් වළල්ල ලෙස හඳුන්වයි. සම්පත් වළල්ල බලපානුයේ කිසියම් අයකුගේ මහලු කාලයටයි. මෙම සම්පත් වළල්ල පැහැදිලි ලෙස දර්ශනය වේ නම් මහලු වයසේ සතුටින් සැපෙන් දිවි ඇතිතෙක් ඉන්නට අවස්‌ථාව හිමි වෙයි. මෙම රේඛාව කැපී, කැඩී හෝ විකෘති ලෙස පිහිටියේ නම් මහලු කාලයේ දුක්‌බරව දිවි ගෙවීමට සිදුවේ. මැණික් කටු රේඛාවලින් මතුවූ රේඛාවක් බුද්ධ මණ්‌ඩලය කරා විහිද ගියේ නම් විශාල හදිසි ධන ලාභයක් හිමි වන බව කියෑවේ. එම රේඛාව බොහෝ විට බුධ රේඛාවේ නැතහොත් සුඛ රේඛාවේ පිහිටීමට සමානයි. ඒ වුණත් එය සුඛ රේඛාව නොවේ. චන්ද්‍ර මණ්‌ඩලය හා දෙවැනි කුජ මණ්‌ඩලය හරහා පිට අල්ල පැත්තට වඩාත්ම නැඹුරු වෙලායි මෙම රේඛාව විහිදෙන්නේ. රූපසටහනින් ඔබට එය පැහැදිලි වනු ඇත.
දබරඇඟිල්ලත් මහපටඇඟිල්ලත් අතරින් ආරම්භ වුණ රේඛා දෙකක් හෝ කීපයක් අල්ල මැදදී විහිදිලා ගොස් මැණික්‌කටු රේඛාවලට සම්බන්ධ වීම ස්‌ත්‍රී පක්‍ෂයට අශුභ පිහිටීමක් වෙයි. ගණිකාවන්ගේ අත්වල පිහිටන රේඛා ලක්‍ෂණයක් වශයෙනුයි මෙය හඳුන්වන්නේ.
කෙනකුගේ පරමායුෂ ගණනය කරන ප්‍රධාන ලෙස තමයි ජීවන රේඛාව හඳුන්වනුයේ. නමුත් පරමායුෂ නිගමනය කරන්නට පළමු මැණික් කටු රේඛාත් විශේෂයෙන් පරීක්‍ෂා කළ යුතුයි. හොඳින් දර්ශනය වන මැණික්‌කටු රේඛාවක සාමාන්‍ය ආයුෂ අවුරුදු 30 ක් වශයෙන් සැලකෙයි. ඒ අනුව මැණික්‌කටු රේඛා දෙකක් පැහැදිලි ලෙස තිබේ නම් අවුරුදු 60 ක් වශයෙන්ද රේඛා තුනක් පැහැදිලි ලෙස ඇති නම් ඔහුගේ හෝ ඇයගේ පරමායුෂ අවු. 90 ක් වශයෙන් ද නිගමනය කරනු ලබයි. කාගෙ හෝ අතක මැණික්‌කටු රේඛා හතරක් පිහිටියේ නම් ඔහුගේ හෝ ඇයගේ පරමායුෂ අවු. 120 ක් ලෙස සැලකෙයි.
වී ඇට මාලයක් ලෙසින් වැටෙන මැණික් කටු රේඛාවලින් ධනවත් පුද්ගලයෙක් හඳුන්වා දෙයි. පැහැදිලි ලස්‌සන මැණික්‌කටු රේඛා තුනක් පිහිටි අත හිමි කාන්තාව රාජ මහේෂිකාවක් වීමට තරම් පින් බල ඇති තැනැත්තියක් බවයි සමුද්‍ර ඍෂිවරයන් කියා ඇත්තේ. මැණික්‌කටු රේඛා මත වැටෙන ත්‍රිකෝණ ලකුණ ද සුබ පිහිටීමක් වෙයි. පිය සන්තක සියලු ධනය ඇයට හිමිවෙන බව එමගින් ප්‍රකට කරයි. භූමිගත මැණික් වැනි සම්පත් ද උරුම විය හැකිය. මැණික්‌කටු රේඛා දෙකක් අතර කතිර වැටී තිබේ නම් එයින් පෙන්නුම් කරන්නේ සදාකාලික සැපවත් ගෘහ ජීවිතයකි. යම්කිසි අතක මැණික්‌කටු රේඛා තුනක් පිහිටා එම රේඛා තුනම එකම ස්‌ථානයකින් කැපිලා හෝ කැඩී තිබේනම් එම අය සියදිවි නසා ගැනීමට පෙළඹෙන බව කියෑවේ.
අත්ලක පිහිටන තවත් විශේෂ ලක්‍ෂණයක් ගැන දැන් හඳුන ගන්න. ගුප්ත කතිරය හෘදය රේඛාවත්, ශීර්ෂ රේඛාවත් අතර ප්‍රදේශයෙහි මෙම සලකුණ පෙන්නුම් කර ඇත. මෙය ගුප්ත කතිරය ලෙස හඳුන්වයි. සමහරවිට ගුප්ත කතිරය හෘදය රේඛාව ශීර්ෂ රේඛාව හෝ දෛව රේඛාවට සම්බන්ධවෙලා පිහිටන අතර සමහර විටෙක එම රේඛාවලට සම්බන්ධ නොවීත් පිහිටිය හැක. ගුප්ත විද්‍යාවන් කෙරෙහි දක්‌වන කැමැත්ත හා විශ්වාසය එමගින් ප්‍රකාශ වෙයි. ගුප්ත විද්‍යාවන් හැදැරීමට එවැනි අයට සහජ දක්‍ෂතා ඇති අතර ලෝකෝත්තර හැඟීම්වලින් බරවූ හදවතක් ඔවුන් සතු වෙයි. ගුප්ත කතිරය දෛව රේඛාවට සම්බන්ධ වී තිබේ නම් ඔහු හෝ ඇය බොහෝවිට ගුප්ත විද්‍යාව ඉගෙන ගන්නේ මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් වන අතර එය ගුරු මණ්‌ඩලය පැත්තට බරවෙලා තිබේ නම් තමන්ගේම ප්‍රයෝජනය සඳහා එවැනි දේවල් ඉගෙන ගන්නා බව පැහැදිලි වෙයි.
හිඹුටානේ පියතිලක ද අල්විස් උපුටා ගැනීම දිවයින
කිසියම් අයෙකුගේ අත්ලෙහි පිහිටන විවිධ සලකුණු ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්‍ෂණ හා ජීවන තත්ත්වයන් හෙළිකරන බැව් සාමුද්‍රික ශාස්‌ත්‍රයේ සඳහන් වෙයි. මේ...
අත්ලක පිහිටි අප්‍රධාන රේඛාවන් අතර මැණික්‌කටු රේඛාද වැදගත් වෙයි. "මණිබන්ධන රේඛා" වළලුකර රේඛා යන නම් වලිනුත් මෙම රේඛා හඳුන්වනු ලබයි. ජීවන...
එක් එක් පුද්ගලයින්ගේ අත්ල මත සුවිශේෂවූ ලක්ෂණ දැකිය හැකි අතර තම උපතේ සිට ගෙන එන ලද පිං පව් සේම මෙම සුවිශේෂ...
අද අපි විස්තර කරන්නේ ඒ කුමන වර්ගයක අතක වුවත් අල්ලේ වර්ණය හා පිහිටීම අනුව හෙළිවන ඔහුගේ හෝ ඇයගේ ජීවන තොරතුරු පිළිබඳවයි.ඔබ...
මෙවර අප කතාකරන්නේ වෙදඇගිල්ල පිළිබඳවයි. වෛද්‍යවරුන් හා අක්ෂි වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂාකරන විටදී මෙම ඇගිල්ල වැඩි වශයෙන්ම භාවිත කරන නිසා එම නම...
සිකුරු ග්‍රහයාගෙන් නිකුත් කරන තරංග චලන ශක්‌තින් ගබඩා වී ඇත්තේ සිකුරු මණ්‌ඩලයේ යයි කීවොත් එය වැරදි නොවේ. එම සිකුරු මණ්‌ඩලය පිළිබඳවයි...