Biz Log
Classifields
Biz Log
Classifields

නිවසේ ඇස්වහ කටවහ දෝෂ දුරලන්න පිළියම්


මම බොහෝ ලිපිවලින් පෙන්වා දී තිබෙනවා වාස්තු දෝෂ පවතින නිවාසවල පැතිරෙන අශුභ ශක්තීන් ඍණ සංඛ්‍යාතයන් තුළින් එම නිවස අක්‍රිය තත්ත්වයට පත්වන ආකාරය හා ඒ තුළින් නිවසේ නොපෙනෙන බලවේගයන් ක්‍රියාකරන ආකාරය පිළිබඳව පෙන්වා දී ඇත. රජයේ පෞද්ගිලක ආයතනවල සේවය නියුතු බොහෝ දෙනෙකුගේ නිවාස විවෘතව පවතින්නේ නිවාඩු දිනයක හෝ ඉරිදාට පමණයි. අනෙක් සෑම දිනයකම නිවෙස්වල දොර ජනෙල් වහලා තමයි තියෙන්නේ. මේ ආකාරයට නිවෙස් අඳුරට පැවතීම අශුභ ශක්තීන් වර්ධනයට හේතුවක් වෙනවා. අඳුරට අමනුෂ්‍ය බලවේග ඇදී එනවා. නැඟෙනහිර දිශාව තුළ අවහිර වීම, විශාල ගස් කොළං ගෙයි මිදුල ඉදිරිපිට පැවතීම එම නිවසේ මිදුල නිවස අඳුරු ස්ථානයක් බවට පත් කරනවා. රාත්‍රී කාලයට වවුලන් වැනි ක්‍ෂීරපායින් පැමිණ එම ගස්වල එල්ලී කෑ ගසනවා. ඔවුන්ගේ කෑ ගැසීම් අමනුෂ්‍ය බලවේග නිවසට ඇතුළු වීමට හේතු වෙනවා.

ඒ වගේම නිවාස වර්ගීකරණයේ දී එම නිවසේ දිග × පළල අශුභව පවතිනවිට දී ලැබෙන ගෘහ පිණ්ඩය අශුභ වැරදි ගෘහ පිණ්ඩයක් වෙනවා. එසේ වූ විට ලැබෙන ආය අනුව අශුභ නිවස ආය වර්ගයකට නිවෙස පත්ව තිබුණොත් එම නිවස මනුෂ්‍ය වාසයට සුදුසු ස්ථානයක් වන්නේ නෑ. එම නිවස සුදුසු වන්නේ අමනුෂ්‍යයන්ට ඔවුන්ගේ පදිංචියට පැමිණි වලව් පන්නයේ නිවාස පවතිනවා. මේවායේ ඇති සොල්දර ඉතාම අඳුරු ස්වභාවයක් ගන්නවා. එවිට කල් යන්න යන්න මේ ස්ථාන නොපෙනෙන බලවේගවල අමනුෂ්‍යයන්ගේ තෝතැන්නක් බවට පත් වීම නොවැළැක් විය හැකිය.

නිවසේ සිවිලිම හා වහලය අතර විශාල වශයෙන් ඉඩකඩ ඉතිරිව පවතින කොටස් නිවසේ සැමදාම අඳුරුය. ගබඩා කාමර සදාකල් අඳුරේය. ඒවාගේම නිවසන්පිට ආගමික ශාස්තෲන් වෙනුවෙන්, සහ දෙවිවරුන්ට තබන පහන් ආලෝකය අපිළිවෙළකට තැබීමෙන් එම ස්ථාන අමනුෂ්‍යයන්ගේ වාසස්ථාන බවට පත්වේ.

නිවසේ ඇස්වහ කටවහ දෝෂ දුරලන්න පිළියම්

රාත්‍රී කාලයේ නිතර නිවසේ මස්, පුළුටු වර්ග බැදීම ද අසුබ වේ. ඒවාට ඇල්ම ගත් අමනුෂ්‍ය බලවේග වේගයෙන් ඇදී ඒමේ ප්‍රවණතාවක් පවතී. මට අවශ්‍ය වුණේ මෙවැනි කරුණු නිසා නිවස තුළ වෙසෙන අමනුෂ්‍ය ප්‍රේත කොට්ඨාස තුළින් ඇතිවන බලපෑම පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.

මේ ආකාරයට නොපෙනෙන බලවේගයන් නිවස තුළ මනුෂ්‍යයන් සමග රැඳෙන්න තවත් අමනුෂ්‍ය බලවේග මෙම ස්ථානයට ඇදී ඒ. ඒ තුළින් නිවසේ ගුප්ත දෝෂ බහුලවේ. පෙනෙන දෝෂ මෙන්ම නොපෙනෙ දෝෂයන් ද ඇතිවේ. දියුණුව ඇනහිටිනු ඇත. කොතරම් මුදල් සොයා නිවසට රැගෙන ආවද ඉක්මනින් එය විනාශ වේ, ධන හානි ඇතිවේ. නිවැසියන් නිතරම රෝගී තත්ත්වයට පත්වේ. නිවසේ සාමය සතුට අහිමිවේ. අඹු සැමියන්, දරුවන් වෙන් වෙන්ව හුදෙකලා වේ. නිවස පාළුවේ. ඒ වගේම මනුෂ්‍යයෙක් දියුණු වනවා තවත් කෙනෙකුට බලා සිටීමට බැරි බොහෝ දෙනා මේ සමාජයේ සිටී. ඔවුන් දියුණු වන පුද්ගලයන් දෙස බලන්නේ වෛරයෙන් හා ක්‍රෝධයෙන් යුක්තවයි. අවසානයේදී මේ වෛරය පළි ගැනීමකට පත්වේ. කෙඩිවිණ, හදි හූනියම්, මිනී අළු ඉසීම්, අමනුෂ්‍යයන් බන්ධනය කිරීම නොයෙක් ආකාරයේ ගුප්ත ක්‍රියාවන්ට පෙළඹේ. වාස්තු දෝෂ සහිත නිවෙසක පදිංචි නිවැසියන්හට මේ කරන ගුප්ත දෝෂ ඉක්මනින් ආකර්ෂණය වේ. නිවසේ පවතින දෝෂ, නිවැසියන්ගේ ජන්ම කේන්ද්‍රවල දෝෂ හා ගුප්ත දෝෂ ද එකට එකතුව නිවැසියන් පීඩාවලට, දුකට, වේදනාවට පත් කරනු ඇත.

තවත් බොහෝ දෙනෙකුගේ ඇස්වහ, කටවහ, හෝවහ, අඬවැඩියා නිතර නිතර පැතිරේ, මේ ඇස් වහ කට වහ හූනියම්වලට වඩා ප්‍රභලය. මේ ආකාරයට කෙරෙන්නා වූ කාර්යයන් තුළින් නිවාසවල සක්‍රීය බව අක්‍රීය බවට පත්වේ. ඒවා යථාතත්ත්වයට පත් කර ගැනීම ලේසි පහසු නොවේ. යමක් සිදුවුණාට කලින් වෙන්න යෑම වළක්වා ගැනීමටත් සිදුවී ඇති දේ බල රහිත වීමටත් කරගත හැකි වත් පිළිවෙතක් හෙවත් තමන්ටම තමන්ගේ නිවස ආරක්‍ෂා කර ගැනීම සඳහා බුදු ගුණයෙන් බුද්ධ මන්ත්‍රයක් හා ඒ තුළින් නිවසේ දියුණුව, සෞභාග්‍යය, නීරෝගිකම වර්ධනය කර ගැනීමට මෙය අත්හදා බලන සැමට හැකි වනු ඇත. මෙම බුද්ධ මන්ත්‍රයෙන් නියම ප්‍රතිඵල අත්විඳීමට නම් ඔබගේ නිවසේ වාස්තු දෝෂ හැකි තරම් අවමව පැවැතිය යුතුයි. ඒ වගේම මෙය හැබෑම බුද්ධ මන්ත්‍රයක් නිසා නිවසට ආරක්‍ෂාව සලසා ගැනීමට ඔබ විසින්ම භාවිත කර ගැනීමට බියවිය යුතු නොවේ.

මෙම බුද්ධ මන්ත්‍රය, දස දිසා පිරිත, චූලජිනපඤ්ජරය ආදී නම්වලින් හැඳින්වේ. නිවසක හතර කොණ ආරක්‍ෂා කිරීම සඳහා

පළමු ක්‍රමය :

නිධන් මුට්ටි 04ක්, තනා ගත් මල් යහනයක් ඒ සඳහා විවිධ මල් වර්ග, සුවඳ දුම්, සුවඳ හඳුන්කූරු, පොල්තෙල් පහනක්, බුද්ධ ප්‍රතිමාවක් අවශ්‍ය වේ.

ප්‍රථමයෙන් මල් තටුව මතින් මැටි මුට්ටි 04ක් තබා ඒ මත නිධන් වස්තු තබන්න. බුදුන්ට නමස්කාර කර ගාථා කියා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඉන් පසු සුවඳ දුම් කිලෝ එකක් පමණ ගෙන එයින් කොටසක් අඟුරු භාජනයකට දමමින් ජිනපඤ්ජරය පිරිතෙන් 108ක් හෝ එයට වැඩි වාර ගාණක් පිරිත් කරන්න. ඉන් පසු රාත්‍රි 11න් පසුව මෙම මුට්ටි 04 සතර කොණ එල්ලා මල් යහනේ ඇති සුවඳ ධූපයට ප්‍රථමයෙන් කහ වතුර ඉස නිවසේම සෑම මුල්ලකම එම ධුම් අල්ලන්න. උදේ සවස මෙම ධූපය සති 02ක් පමණ අල්ලන්න.

දෙවෙනි ක්‍රමය :

මේ සඳහා මුට්ටි (කුඩා ප්‍රමාණයේ 04ක් ගන්න) මුහුදු වැලි, ගංගාවේ වැලි, එල අබ, ඉඟිනි ඇට, ඇත් රූප 4ක්, පස්ලෝ ඇණ 4ක් යබොර, කඹුරු ඇට

මේවා මුට්ටි 04කට දමා මුහුදු වැල,ි ගඟේ වැලි හා එල අබ තැටියකට දමා ජිනපඤ්ජර පිරිතෙන් 108 වරක් මල් යහන මත මේවා තබා කලින් ක්‍රමය මෙන් සුවඳ දුම් දල්වා සජ්ක්‍ඨායනා කරන්න. ඉන් පසු අලුයම කපුටන් හැඬීමට ප්‍රථම අර කුටියේ තබන ලද මුහුදු වැලි, ගංගා වැලි, එල අබ මිශ්‍රණය ප්‍රථමයෙන් කහ වතුර ඉස නිවස ඇතුළට ඉසින්න. නිවස අවට භූමියට ඉසින්න. ඉන් පසු අර මුට්ටි 04 නිවසේ හතර කොණ එකම මොහොතකදී 04 දෙනෙකු වළ දමන්න. නිවස ඇතුළත ඉස දමා මුහුදු වැලි මිශ්‍රණය තුන්වරුවක් එලෙස තබන්න. සති 02ක් පුරා සකස් කර ගත් සුවඳ ධූපය නිවසේ අල්ලන්න.

මෙම සුවඳ ධූපය සඳහා සුදු හඳුන්, රත් හඳුන්, සැවැන්දරා, අගිල් ගුගුල්, විෂ්ණුක්‍රාන්ති, රත්මල්, දේවදාර, ගෝරෝචන ආදිය ගෙන සාම්බ්‍රාණිවලට මිශ්‍ර කරන්න.

මෙම ආරක්‍ෂා ක්‍රමය තුළින් නිවසේ පවතින සියලුම අමනුෂ්‍ය දෝෂ පලවා හැරේ. නිවසේ මූ දේවිය පැන ගොස් ශ්‍රී දේවිය නිවසට වැඩම වේ. මේ කාර්යන් සිදු කිරීමට ප්‍රථම සතියක් හා මෙම කාර්ය සිදුකර සතියක් ගත වන තුරු මස් මාංශයෙන් වැළකී සත්පවින් වැළකී, පවිත්‍රව සිදු කිරීමෙන් ඉක්මන් දියුණුව ළගා වෙනු ඇත.

සැමට බුදු සරණයි.!

චූල ජිනපඤ්ජර පිරිත හෙවත් දස දිසා පිරිත.

දිඝාසු දස භාගේසු ඨිතා බුද්ධානු භාවතෝ

වේරාපි අත්තරායාපී – විනස්සත්තු අසේසතෝ

ඒව මාදී ගුණෝපේතං – පරිත්තං තං භණාමහේ

පදුමුත්තරෝ පුරත්ථි මායාං – අග්ගි ම්හිවේච රේවතෝ

දක්ඛිණෝ කස්සපෝ බුද්ධෝ – නිරිතේච සුමංගලෝ

පච්ජිමේ ච සිඛී බුද්ධෝ – වාය ව්‍යා මේධංකරෝ

උත්තරෝ පියදස්සී ච – ඊශානේ දීපංකරෝ

පඨවියන් කකුසන් දෝච – ආකාසේ සරණංකරෝ

අච්චන්තරයා සබ්බේ තේ – සෝක රෝග භයා පී ච

විනස්සත්තු සදා තුය්හං – සබ්බේරියා පථේසුච

යක්ඛාදි දේවතාහිච – රාජා චෝරාදි අග්ගිහි

අමනුස්සේහි සබ්බේහි – තිරිච්ජාන ගතේහිච

ජාතා උපද්දවා සබ්බේ – චිනස්සත්තු අසේසතෝ

සිරස්මිං තේ බුද්ධ සෙට්ඨෝ- සාරිපුත්තෝ ච දක්ඛිණෝ

පච්චිමේ තව ආනන්දෝ – චතුද්දිසා බිණාසවා

සමන්තා ලෝකපාලා ච- ඉන්ද දේවෝච බ්‍රහ්ම චා

ඒතේසං ආනුභාවේන – සම්බුපද්ද මුපපද්දවා

අනේකා අන්තරා යාපී -විනස්සන්තු අසේසතෝ

ඒතේන සච්ච වජ්ජේන – සොත්තිතේ හෝතු සබ්බදා

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති වාස්තු විද්‍යා විශාරද, ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි, සෙන්දිරියාමුල්ල – සඳලංකාව. 0777856649.
උපුටා ගැනීම දිවයින