Biz Log
Classifields
Biz Log
Classifields

විභාග සමත්වෙන්න බලගතු උපක්‍රමයක්…

විභාගය, දරුවකුගේ බුද්ධිමත් බව මැන බලන ප්‍රධාන කාරණාවකි. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ වේවා එය එලෙසමය. එහෙයින් ඉදිරියේදී යෙදෙන විභාග කටයුතු සඳහා ඔබට ඉතා පහසුවෙන් ප්‍රයෝජන ගත හැකි සරල උපක්‍රමයක් හඳුන්වා දීමටයි මේ සූදානම. මෙය උපක්‍රමයක් ලෙස සඳහන් කළද මුළුමනින්ම බුදු ගුණ බලයේ ආශීර්වාදය ලබාගන්නා ක්‍රමවේදයකි. මෙම ක්‍රමය භාවිත කර සුවිශේෂ ප්‍රතිඵල ලබාගත් දරුවන් රාශියක් ගැන අපට අත්දැකීම් තිබේ. විශේෂත්වය වනුයේ එම දරුවන් අතර ප්‍රතිඵල ගැන කිසිදු විශ්වාසයක් නොවූ දෙගිඩියාවෙන් යුතුව අධ්‍යයනයේ යෙදුණු දරුවන් විශාල පිරිසක්ද සිටීමයි. එවැනි දරුවන්ද මේ ආකාරයට බුදුගුණයේ පිහිට ආශීර්වාදය ලබා සිය විභාග කටයුතුවලින් උපරිම ප්‍රතිඵල ලබාගන්නට සමත්ව ඇත. එනිසා මෙය සමස්ත දරු පරපුරටම වැදගත් වනු ඇත.

අවශ්‍ය වනුයේ විශ්වාසයෙන් යුතුව මෙම ගාථාව කටපාඩම් කරගෙන, අවශ්‍ය දිනයේ එනම් ඔබගේ ඕනෑම විභාග කටයුත්තක් යෙදෙන දිනයේ සුබ වේලාවට නිවෙසින් පිටව යෑමට ප්‍රථම බුදුන් වැඳ, මවුපිය වැඩිහිටියන් වැඳ නමස්කාර කර ආශීර්වාද ලබාගෙන මෙම ගාථාව තුන් වරක් කියා නියමිත වෙලාවට නියමිත දිශාවට දකුණු පය පෙරට තබා ගමන පිටත් වීමයි. එම මොහොතේ බුද්ධ, ධම්ම, සංඝ බලයෙන් මට නැණ නුවණ පහළ වේවායි සිතා, ජයෙන් ජයම වේවායි අධිෂ්ඨාන කොට ගමන පිටත් වන්න. ඔබේ ජය ඒකාන්තයි. ස්ථිරයි.

ගාථාව

බුද්ධො තිලොක සරණො – බුද්ධො සුරියො තමොනුදෝඒවං තං සරණං ඛේමං – බුද්ධො මේ සරණං වරංගච්ඡාමි සරණං බුද්ධං – නත්ථි මයිහං භයං සදාධම්මො තිලොක සරණො – ධම්මො සුරියෝ තමොනුදේඒවං තං සරණං ඛේමං – ධම්මො මේ සරණං වරංගච්ඡාමි සරණං ධම්මං – නත්ථි මයිහං භයං සදාසංඝෝ තිලොක සරණො – සංඝෝ සුරියෝ තමොනුදෝඒවං තං සරණං ඛේමං – සංඝෝ මේ සරණං වරං

ගච්ඡාමි සරණං සංඝං – නත්ථි මයිහං භයං සදා

උපුටා ගැනීම මව් රට

Share This Article

දරු පිළිසිඳ ගැනීමකදී පත්තිනි මෑණියන්ට බාරයක් වෙන හැටි...

පත්තිනි මෑණියන් කුඩා දරුවන්ට මහත් සේ ආදරය කරන දෙවඟනකි. අම්මා කෙනකු තම දරුවන්ට කොතෙක් ආදරේ කරන්නා සේ පත්තිනි මෑණියන්ද දරුවන් කෙරෙහි...

ගජකේශරී යෝගය හිමි අය ඇතුන් මැද සිටින සිංහයෙක් වගේ

 අපි හැමෝටම කේන්ද්‍ර සටහනක් තිබුණාට ඒ අතරින් සමහර අයගේ කේන්ද්‍ර වඩාත් බලවත් වෙනවා. බලවත් කේන්ද්‍රයක් තිබෙන අය අනෙක් අයට වඩා ඉහළට...

බලු කපුටු දානය නසයි සෙනසුරු දොසය

වින රැඳි ග්‍රහ අපල ලෝදන හද රිදවා පින මද බැවින් පව්කම් ලොව පලදෙනවා දෙන බලු කපුටු දානය මත බල හිඳුවා සෙනුසරු...

ඔබත් මෙයින් විපුල ඵල ලබාගන්න

අග්ගෝ හමස්‌මි ලෝකස්‌සජෙට්‌ටෝ හමස්‌මි ලෝකස්‌සසෙට්‌ටෝ හමස්‌මි ලෝකස්‌ස අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්භවෝමෙම ඉහත සඳහන් ගාථාවෙන් සුදු හඳුන් තෙල් හෝ නෑඹුල් පොල් හෝ...

හෙළ ගොවිතැනේදී පැරැන්නන් යොදාගත් නැකැත්, තිථි සහ වෙනත් ක්‍රමවේද

හෙළ ගොවියන් ගොවිතැන් කටයුතු සඳහා ගුප්ත ක්‍රමද යොදාගෙන ඇත. සමහර ගුප්ත ක්‍රම විද්‍යාත්මකව විස්තර කළ නොහැකි අතර සමස්තයක් හැටියට වගා බිම්වල...

ශරීරයේ පිහිටන ඉන්නන් හා ලප තුළින් ඇය හඳුනා ගනිමු

ස්‌ත්‍රිය වූ කලී බොහෝ සෙයින් වර්ණනාවට භාජන වූ මාතෘකාවකි. සුන්දරත්වයෙන් මන දොල පිනවන වස්‌තුවක්‌ ලෙස ස්‌ත්‍රියල අතීතයේ කවීන්ගේ කවි සිතුවිලි වලද,...