එයා මල්වරවූයේ මැයිද?
යුවතියක මැයි මාසය හෙවත් වෙසක් මාසයේ මල්වර වූයේනම් ඇය ඉතා වාසනාවන්තියක ලෙස සැලකේ. ජීවිතයේ කුඩා කල නොලද සියලු සැප සම්පත් තරුණ වියේදී ලබන්නට වාසනාව ලබන්නීය. ශරීර සොබාව දිනෙන් දින වැඩෙන්නේය. උපන් ස්වභාවයට වඩා හාත්පසින් වෙනස් සුන්දර රූසපුවක් හිමිකර ගන්නට වාසනාව ඇත්තියක වෙයි. සමාජය තුළ කැපීපෙනීමත්, සමාජයේ අන් අය අභිභවා පෙරට ඒමට හැකි වීමත් සමාජයට බියෙන් සැකයකින් තොරව මුහුණ දීමට හැකි වීමත් ඇයගෙන් දක්නට ලැබේ. කිසිදු අවස්ථාවක පසුබට නොවන්නීය. ඉදිරියට තැබූ පියවර පසුපසට ගැනීමේ පුරුද්දක් ඇයට නැත. එක අරමුණකට යෑමට කටයුතු කරන අතර නිතරම සිය වගකීම ගැන සිතයි.
තරුණ වියට එළඹෙත්ම නිසි කලවයසේදී විවාහයකට හිමිකම් කියයි. ධනය, බලය ඇති සුදුසු සහකරුවකු හිමිවේ. සහකරුට සියලු සැප සතුට ලබාදෙන්නියක ලෙස ආදර ගෞරවයට පාත්‍ර වන්නීය. කිසිදු තැනකදී ඔහුගේ ඉල්ලීම් පැහැර නොහරින්නීය. එසේ විවාහයෙන් පසුව ජීවිතයේ එතෙක් නොලැබුණු සියලු සැප සම්පත් ලබන්නට වාසනාව ඇත. විශේෂයෙන්ම රටට දැයට වැඩදායී දරුවන් ලබන්නීය. එමගින් නිසි කීර්ති ප්‍රශංසා ලබන්නට වාසනාව ඇත්තීය. ජීවිතයේ අවසන් භාගය දක්වා ඉතා වාසනාවන්ත කාලයක් ගතකරන්නට හැකි වන අතරම දරුවන්ගේ ආදර ගෞරවයද නොඅඩුව ලබන්නට පින් ඇත්තීය.
උපුටා ගැනීම මව් රට
අං දෙකක් සහිත එළුවකුගේ රුව මේෂ රාශියේ ස්‌වරූපය වන අතර පාලක ග්‍රහයා කුජ ග්‍රහයාය. මාර්තු 21 වැනිදාත්, පෙබරවාරි 19 වැනිදාත් අතර...
ස්‌ත්‍රිය වූ කලී බොහෝ සෙයින් වර්ණනාවට භාජන වූ මාතෘකාවකි. සුන්දරත්වයෙන් මන දොල පිනවන වස්‌තුවක් ලෙස ස්‌ත්‍රියල අතීතයේ කවීන්ගේ කවි සිතුවිලි වලද,...
අප ජීවත්වන පෘථිවිය හිරු වටා ගමන් ගන්නා ග්‍රහලෝක අතරින් එකකි. පෘථිවියට තමන්ගේ අක්‍ෂය වටා කරකැවීමට පැය 23 මිනිත්තු 56 තත්පර 4ක්...
මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාවන් අතුරෙන් ජලයද අද්විතීය ස්ථානයක් හිමිකර ගනී. දැන් දැන් නාගරික පෙදෙස්වල නිවාසවලට ජල නළ මඟින් ජලය ලබාගත...
කාන්තාවක් විවාහවී දරු පිළිසිඳ ගැනීමෙන් පසූ නිවසක් ඉදිකිරීම සූදුසූද නූසූදුසූද යන්න අද අපි කතා කරන්නට සූදානම් වෙන මාතෘකාවයි. මෙම කාරණාව බොහෝ...
බුද්ධිමත් කාන්තාවකි. ඔබ කොතෙකුත් වෘෂභ ලග්න කාන්තාවන් ආශ්‍රය කර යම් යම් සිද්ධාන්තයන් අත්විඳ ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ දන්නවාද වෘෂභ ලග්න...