හොයන සල්ලි ඉතුරුවක් නැද්ද මෙන්න ආදායම් දෙගුණ කරන ක්‍රමයක්…
එදා ජීවන වියදමත් අද ජීවන වියදමත් අහස පොළොව මෙන් වෙනස් වෙමින් තිබේ. එහෙයින් සියලු ජනයාට ඉතිරි කිරීමට නොව ලැබෙන මුදල අවශ්‍යතා සඳහා කළමනාකරණය කරගැනීමද ගැටලුකාරී වී ඇත. මෙය සරල සාමාන්‍ය තත්ත්වයක් සේ පෙනුණද ඉතා බුද්ධිමත්ව හඳුනාගත යුතු කාරණාවක් වෙයි. එනම් ඔබගේ වියදම වැඩි වීම සාමාන්‍ය වන විට ඔබට නොදැනීම ඔබගේ ආදායම අඩුවීම හෝ ඔබට ලැබෙන මුදල අනවශ්‍ය ආකාරයට වියදම් වීම විනාශ වීම හෝ අවමී යෑම සිදුවීමයි. මෙය විවිධාකාරයෙන් සිදුවේ. ඒ ඒ කාලවකවානුවල යෙදෙන ග්‍රහචාරය අනුවත් ලැබීම් අඩුවී වියදම් වැඩිවේ. ඇතැම් විට පුද්ගලයන්ගේ ධනාත්මක ලැබීම් විවිධ හේතු මත අභියෝගයට ලක්වීමෙන්ද මෙය සිදුවේ. එනිසා ඒ කුමන හේතුවකින් ඔබගේ ආදායම අඩු වුවද එසේ වීම පාලනය කළ හැකි ක්‍රමයක් ඔබට භාවිත කළ හැකි නම් මෙම අයහපත් තත්ත්වය වෙනස් කර ඉතා සුබවාදී තැනකට ආර්ථිකය ගෙන එන්නට හැකිවනු ඇත. වියදම ඉහළ යද්දී ඊට සරිලන ලෙස ඔබේ ආදායම වර්ධනය කරගන්නට ඔබට හැකිවනු ඇත.
ඒ සඳහා මුලින්ම ඔබ ජීවත් වන නිවෙසත් නිවාස අවටත් හොඳින් පිරිසිදු කරන්න. නිවෙසේ ඇති අනවශ්‍ය ලට්ට ලොට්ට සියල්ල නිවෙසින් ඉවත් කර ඉතා පිරිසිදු සහ නිදහස් පරිසරයක් සකසන්න. නිවෙස තුළ ඇති අයහපත් වාතය ඉවත්ව ගොස් නිවෙසේ සියලු ස්ථානවල ඉතා හොඳ වාතාශ්‍රයක් පැතිර යන ආකාරයට නිවෙස සකසන්න.
නිවෙසේ බඩුමුට්ටු නිසි පරිදි ස්ථානගත කරන්න. කාමරවල අති අනවශ්‍ය ගෘහ උපකරණ ඉවත් කරන්න. අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් කාමර තුළ තබන්න. ඇඳන් යට මේස යට අල්මාරි කබඩ් උඩ කිසිවක් තියන්න එපා. එවැනි තැන්වල බඩු ගොඩගැසීමෙන් අද්භූත බලවේග ඒ තැන්වල වර්ධනය වේ. එමෙන්ම එවැනි අයහපත් බලවේග ඔබගේ ධනාත්මක මාර්ග අවහිරයට පියවර ගන්නා අතර ඔබට ලැබීම් යෙදෙන මාර්ග වෙනතකට හරවන්නටද සමත් වේ. එනිසා මුලින්ම නිවෙසත් බාහිර පරිසරයත් නිසි ලෙස සකසාගෙන ඉන් පසු නිවෙසට සෞභාග්‍යය ගෙනෙන ආකාරයට පහත මන්ත්‍රය භාවිත කර ප්‍රතිඵල ලබාගත හැකි බව පුරාණ පොතපතෙහි පහදා දී තිබේ.
විශේෂයෙන්ම තම ආගමානුකූලව දිනපතා උදේ සවස ආගම අදහන්න. බෞද්ධයකු නම් උදේ සවස මල් පහන් පූජාකර තමාගේ ධනය ලැබීමේ මාර්ග ශක්තිමත් වේවායි පතන්න. ඒ සඳහා අභියෝග වේ නම් ඒවා මඟහැරී යන්න යැයි පතන්න. ඒ අතරතුර පහත ආකාරයට සුවඳ ධූපයක් සකසාගෙන නිවෙස සුවඳවත් කරන්න. ඔබගේ ධනාත්මක ලැබීම් බලාසිටියදී වර්ධනය වනු ඇත.
මේ සඳහා සාම්බ්‍රානි අවශ්‍ය තරම් රැගෙන පහත මන්ත්‍රයෙන් 108 වරක් මතුර තබාගෙන උදේ සවස දුම් අල්ලන්න. නිවෙසේ ශ්‍රියාව වර්ධනය වී ධන සම්පත් අවදි වනු ඇත.
මන්ත්‍රය :
ඕං බුද්ධ ගුරුබුද්ධ ජය ජයසරස්වතී දේවි නමෝ ශ්‍රීත්‍රලාය සර්ව සිද්ධි ශ්‍රීයාදේවිදිෂ්ඨි දිෂ්ඨි ඕං නමෝ සරස්වතීමේඝ ශ්‍රීයා දේවිදිෂ්ඨි දිෂ්ඨි නමෝ නමඃ
උපුටා ගැනීම මව්රට
විවාහයේ දී විශේෂයෙන් යෝජිත විවාහයකදී පොරොන්දම් ගැළපීම බොහෝ දෙනකු අවශ්‍යයෙන්ම සලකන කාරණයකි. එය අපේ සංස්කෘතිය සමග ද බැඳී තිඛෙන දෙයකි. මෙම...
සක්වළ යනු ගිනිය නොහැකි දෙයකැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත. අප ජීවත්වන චක්‍රාවාටයට එපිටින් දහසක් සක්වළ තල පිහිටා තිබේ. යන්ත්‍රයට, මන්ත්‍රයට,...
උපදින හැම සත්වයකුම මරණයට පත්වීම ස්වභාවිකය. එය කෙසේ කවදා කොහොම සිදුවේද යන්න නියත වශයෙන්ම කිවහැකි කෙනෙකු මෙලොව නොමැත. එහෙත් එය ඡ්‍යොතිෂයට...
ජේයාතිෂය ශාස්ත්‍රයකි. නැතිනම් විද්‍යාවකි. මෙය තරමක් ගුප්තය. මෙහි දක්ෂයකු වීමට නම් මහත් වූ ස්මරණ ශක්තියක් සැබැවින්ම අවශ්‍ය වේ. ජේයාතිෂ න්‍යායන් මතකයේ...
මෙහිදී ප්‍රධානම අනාවැකි පවසන්නේ අප ළඟම සිටින සත්ත්වයන්ය. එනම් කපුටා, සුනඛයා, සූනා, වේයා, කූඹියා වැනි අප අවට සිටින සතුන්ය. මේ ගැන...
සතියට දින හතක් තිබේ. දින හත හඳුන්වන්නේ ග්‍රහයන් හත්දෙනකුගේ නමිනි. සඳුට හිමි දවස සඳුදා ආදී වශයෙනි. රාහු හා කේතුට හිමි දවස්...
![කාන්තාවන් විවාහ විය යුත්තේ හැදිච්ච පිරිමියෙක් සමගද? විවාහ වීමෙන් පසුව හැදෙයි කියා සිතෙන පිරිමියෙක්ද? කාන්තාවන් විවාහ විය යුත්තේ හැදිච්ච පිරිමියෙක් සමගද? විවාහ වීමෙන් පසුව හැදෙයි කියා සිතෙන පිරිමියෙක්ද?](https://www.sithmalyaya.lk/images/wedding/wedding-103/thumbs/634.jpg)