Biz Log
Classifields
Biz Log
Classifields

උපන්දිනේ මැයි නම් වාසනාවන්තයෝ…

ඕනෑම වසරක මැයි මාසය තුළ ජන්ම ලාභය ලැබූවන් ඉතා වාසනාවන්තයන් බවට පත්වන බව කියැවේ. මේ අය තරමක් නිවුණු අදහස් හා ගතිගුණ ඇති, කිසි කෙනකුට කරදරයක් කරන්නට අකැමැති පිරිසක් ලෙස සාමාජය තුළ කැපීපෙනෙයි. කුඩාකල සිටම අනුන්ගේ දේවල් නොසොයන මොවුන් වරදකරුවකුට වුවද අනුකම්පා කරන්නට දෙවරක් නොසිතයි. අතිශ්‍ය සංවේදී හදවතක් අති නිසාම තමන්ට අවශ්‍ය දේ පවා වෙනත් අයගේ ප්‍රයෝජනයට දීමට අකැමැති නොවේ. ප්‍රියමනාප පෙනුම නිසාම කාගේත් ආකර්ෂණය දිනාගන්නට වාසනාව ලබන්නේය.

ඕනෑම වෘත්තියකට හැඩගැසීමට සහජ හැකියාවක් මේ අය සතු වෙයි. එසේම නිතරම කඩිසරව සහ උනන්දුවෙන් කටයුතු කරන ස්වභාවය නිසා කාගේත් සිත් දිනාගන්නේය. උත්පත්ති තත්ත්වයට වඩා ඉතා ඉහළ තැනකට යන්නට ගතවන්නේ කෙටි කාලයකි. නිසි කල සියලු දේ ලබන්නට පින් බලය සහ වාසනාව ලබන අතර තරුණ වියට එළැඹෙත්ම ගැළපෙන විවාහයකටද උරුමකම් කියයි. බොහෝ දුරට සැප්තැම්බර් දෙසැම්බර් මාසවල උපන් කෙනකු හා විවාහ වන්නට අවස්ථාව හිමිවනු ඇත. විවාහයෙන් පසු ජීවිතය තවත් සාර්ථක වනු ඇත. තරමක් කේන්ති යන ස්වභාවයක් තිබුණද මේ අය කාගේත් අප්‍රසාදයට පත් නොවෙයි. මැදි වියට එළැඹෙන විට බොහෝ සෙයින් දියුණු තියුණු වී සිටීමට තරම් භාග්‍ය ඇත්තන් මැයි මාසයේ උපදින බවද කියැවේ.

උපුටා ගැනීම මව්රට

Share This Article

දෙතොල් වලින් හෙළිවන ඔබේ පෞරුෂය ගැනයි මේ....

පිරිපුන් තොල් සඟලක් :ඇතැම් කාන්තාවන්ගේ දෙතොල් පිරිපුන් වක්‍රාකාරව පිහිටා තිබෙන්නේ සරාගී බවක් ඊට එකතු කරමින්. ඇන්ජලිනා ජොලි, ස්කාලට් ජෙහෑන්සන් වැනි ප්‍රවීණ...

සිහිනවල දැවටී එන ජීවිතයට බලපාන දේ

එදිනෙදා ජීවිතයේදී නින්ද සමඟ අපට ලැබෙන සිහින ගැන අප දක්‌වන්නේ අඩු උනන්දුවක්‌. මන්ද සිහිනයක්‌ යනු සිහිනයක්‌ම යෑයි අප අතර ඇති විශ්වාසය...

සුබපල දෙන ස්‌ත්‍රී දේහ ලක්‍ෂණ

දේහ ලක්‍ෂණයන් උපයෝගි කරගෙන අපේ පැරැන්නන්ට අනාවැකි කීමේ පුදුම හැකියාවක්‌ විය. එය එකල වූ සාමාන්‍ය ජනයා වුවද දැන සිටියාට සැක නැත....

මෙන්න නිමිති ශාස්‌තරේ

“නළ මුදු සුවඳ පිරිකුඹු මියුරු අඹ ගෙඩීපුල හෙළ කුසුම ලිය, පිය, තෙපළ රන් කෙසල සුදු සෙමෙර සේසත් ගිජිඳු ඔද වැඩී බල සුබ...

කටක ලග්නයෙන් උපන්  කාන්තාවන් ගැනයි මේ

මේෂ, වෘෂභ, මිථුන ලග්න කාන්තාවන් මෙන්ම කටක ලග්න කාන්තාවන් ද ලග්නය කටක වුවත් නවාංශක අනුව තුන්දෙනෙක්‌ ගත්තොත් ක්‍රියාකාරීත්වය තුන් ආකාරයට වේ....

උපන් මාසයට අනුව ඔබේ ගතිගුණ!

ඔබ උපන්නේ ජනවාරි මාසයේ නම්, කටයුතු පිළියෙල කිරීමෙහි දක්‍ෂ කඩිසර ගමන් ඇති, වාණිජ ව්‍යාපාර ගැන තම සිත යොදවා ක්‍රියා කිරීමෙන් දියුණු...