මුහුණ බලා චරිතය හඳුනාගන්න
ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට දර්ශන පරුෂ වූ මුහුණ පිහිටියේ නම් :
කෲර ගතිය ද මුහුණ හොඳින් පෙන්නා කෲර ක්‍රියා කිරීමට සමත් වන්නෝ ද වෙති. අවස්ථාවට අනුව මුහුණින් මවාපෑම් කරති. මෙවැන්නෝ අද බහුලය. පිරුණු වට මුහුණ නම් යහපත් බව ද විශ්වාස බව ද සෞභාග්‍ය භාවය ද ක්‍රීඩා ලෝලී බව ද යහපත් සිහි නුවණ ඇති බව ද සත්පුරුෂ බව ද වන්නේ ය. සිහින් කඩවසම් මුහුණ නම් කඩිසර බව ද තියුණු නුවණ ඇති බව ද මිහිරි කතාවට ප්‍රිය බව ද වෙයි. හකු ඇටය පෙනෙන සේ නම් සියලු කටයුතු සුපරීක්ෂාවෙන් කරති. කර්මාන්තකරුවන්ට මෙම පිහිටීම වෙති. සුදුමැලි මුහුණ නම් මාංෂ භක්ෂණයට ප්‍රිය තැති ගන්නා සුළු අයෙකි. පැල්ලම් සහිත මුහුණ නම් නපුරු කටයුතුවලට ආශා කරයි. සට කපට වේ.
ග්රීවය නොහොත් කුළල :
මයුර සුනඛ ආදීන්ගේ මෙන් දික් වූ බෙල්ල නම් ඉතා දිළිඳුය. සැඟවුන ඇට නහරින් හා මසින් පිරි බෙල්ල පිහිටියේ නම් ස්ත්‍රී පුරුෂයනට ඉතා වාසනාවන්තය. මිහිරි තෙපුල් ඇත්තෙකි. කථාවට දක්ෂය. මඳක් මහත වට වූ පිරුණා වූ බෙල්ල සම්පත් ගෙන දෙයි. ඉතා මහත් වූද, ඉතා කෘෂ වූද, බොහෝ දික්වූ ද, විශාල වූ උගුරු දණ්ඩය ද යන මේ ග්‍රීවා ලක්ෂණ අනිටි පල උදා කරයි. පියුම් පතකට සමාන ප්‍රිය ජනක කුලල ධන ලාභ ගෙන දේ. භාග්‍යවන්තයි. කලයක් සමාන පුෂ්ටිමත් කුලල නම් නොයෙක් දුක් දෙයි.
ස්ත්‍රී පුරුෂ නිකට :
වට වූ නිකට සහ තොල යට වල වැටුණු ආකාර නම් කාරුණිකය. යහපත් ගුණ දහම් අගයයි. ප්‍රඥාවන්තයි. අවංකයි. නිකට පැතලි නම් මෝඩ අදහස් දරයි. උමතුවෙන් කටයුතු කරයි. උඩට නෙරුනා වූ නිකට ඇත්තේ උපා යෙදීමෙහි සමතෙකි. කපටිය. අනුන්ගේ සිත් දිනා ගැනීමට දනී. සොර සිත වේ.
කම්මුල් :
එල්ලෙන ආකාර කම්මුල් අනුන් විසින් පිදුම් ලබන බව තීක්ෂණ කල්පනා හා නිත්‍යානුකූලව ක්‍රියා කරන බවද, මසුරු ගතිය ඇතත් පටන් ගත් දෙයක නිමාව දකින බව ද පැවසෙයි. පිරුණු කම්මුල් නම් අදහස් සඵල කර ගන්නට විනා අනුන් ගැන අනුකම්පාවක් නොකරති. රාගාධිකය. තමා යහපත් බව ලෝකයාට පෙන්වයි. මදක් පිරුණු කම්මුල් නම් තියුණු නුවණ ඇති බව ද දියුණුවන අදහස් ඇති බව ද ධනවත් බවද කියෑවේ.
නාසය :
නාසය ලොකු නම් ධනවත් බව ලබයි. ක්ෂණිකාවබෝධය ඇත. නාසය දිග නම් සාමදානයට ප්‍රිය වේ. දුබල සිරුර ඇත. ප්රඥවන්තය. නාසය කුඩා වී නම් පරෝපකාරයෙහි ඇලෙයි. උඬඟු සිත් ඇත. ක්ෂණික කෝපකාරියි. නාසා සිදුරු මහත් නම් තේජවන්තයි, නැණවත්ය.
දෑස :
ඇස සිත් ඇද ගන්නා දෙනෙත් නම් ඉතා වාසනාවන්තයි. බොර ඇස් බළල් ඇස්, වපර ඇස්, විකෘති නෙත් අශුභ ඵල උදා කරයි. මෘගයන් සේ සමාන වට වූ ඇස් උන්මාන්විතයි. කුඩා ඇස් ඇත්තෝ ඉවසිලිවන්තයි.
ඇසිපිය :
කාලවර්ණවත් වූ මහත් ඇසිපිය ඇතොත් තරමක් වාසනාවන්තයි. ගුප්ත අදහස් දරයි. ඝන වූ කාල වර්ණ වූ ඇසිපිය ඇත්තෝ භක්තිවන්තය. ධන සැප ලබති. දුඹුරුවන් ඇසිපිය නොයෙක් දුක් විපත් ගෙන දෙයි. දුසිරිතෙහි ගැලෙන්නේය.
ඇසිබැම :
යමෙකුගේ ඇසි බැම එකිනෙකට සම්බන්ධ වී නම් කෲර සිත් ඇත්තෙකි. රළු ලොම් සහිත ඇසි බැම සතුරු ක්‍රියා කරවයි. සියුම් රෝම සහිත නම් කාටත් උපකාර කරයි. සැර පරුෂ නැත.
නළල :
පටු නළල පුරුෂයින්ට අශුභ දායකයි. ස්ත්රීන්ට නම් ශුභයි. නළල මැදින් උස නම් ප්රධානත්වයට උරුමකම් කියයි. ස්ත්‍රී නළල පුරුෂයන්ගේ මෙන් එක පැත්තකට දික් වී නම් වැන්දඹු ලක්ෂණයකි. පුළුල් නළල ද ගැහැනියට ශුභ නැත. අඩ සඳට සමාන පටු නළල වාසනාව ගෙන දෙයි. කන් ලොකු නම් දිගාසිරි ලබයි. රෝම සහිත නම් සට කපටයි. කන් කුඩා නම් ප්‍රඥාවන්තයි.
උපුටා ගැනීම දිවයින
අශුභ ස්ත්‍රීන් අතර හස්තිනී ස්ත්‍රියට වඩා තරමක් හොඳ ස්ත්‍රියක් ලෙස සංනී ස්ත්‍රිය හැඳින්විය හැක. සංනී ස්ත්‍රිය හඳුනා ගැනීමේදී ද සෘෂිවරු බොහෝ...
මිනිසුන් බලවත් කරගන්නා නොපෙනෙන තවත් ප්‍රධාන බලයක් ඇත. එය ප්‍රේත බලවේගයයි. මිනිසුන් දෙවියන්ගෙන් පිහිට පතන්නා සේම ප්‍රේතයන්ගෙන් නිබඳවම පීඩා විඳියි. දෙවියන්...
යම් පුරුෂයකු උපත ලබන මොහොතේදී හිමිකර ගත් ලග්න රාශිය සහ එහි ග්‍රහ පිහිටීම් එම තැනැත්තාගේ ජීවිතයේ සිදුවන සෑම කරුණු කාරණා සඳහා...
වෘහත් පරාසර හෝරා ශාස්ත්‍ර ග්‍රන්ථයේ පරාශර මුනිතුමන් දරුපල ගැන සඳහන් කරමින් දරුවන් හිමි, දරුවන් අහිමි කලකින් දරුවන් ලබන සහ දේවතාරාධාරයෙන් දරුවන්...
ස්ත්‍රියක් යනු ස්වභාවයෙන්ම බොළඳ, සුකුමාල තැනැත්තියකි. උපතින්ම අනුන් වසඟ කර ගැනීමේ හැකියාවක් ඇය සතුව පවතී, ස්ත්‍රියකගේ සිනහව, බැල්ම. ඇවිදීම, කථාබහ, ආදී...
අලංකාරය සහ සෞභාග්‍ය පිණිස පැළඳිමත්, ධන සම්පතක් හෝ කෞතුක වස්තූන් වශයෙන් රැස් කර ගැනීමත්. මැණික් අරභයා කෙරෙන ප්‍රධාන භාවිතාවයි. ඊට අමතරව,...