Biz Log
Classifields
Biz Log
Classifields

ඒ ඒ මාස වල හා දවස්‌ වල ඉපදුනොතින් ඵල මෙලෙසින්

ඒ ඒ සහස්‍රක, ශත වර්ෂ, වර්ෂ, මාස, දින, පැය හා විනාඩිවලදී ඒ ඒ පුද්ගලයන් උපත ලබන අතර, “මානසාගරී” නමැති පෞරාණික මාහැඟි ජ්‍යෙතිෂ ග්‍රන්ථයේ සඳහන් වන අන්දමට, ඒ ඒ මාස වලදී උපත ලැබීමේ ඵල පහත සඳහන්ය.

ජනවාරි :

ශූරය, ඔද තෙද සහිතය, දෙවියනට හා දෙමව්පියනටද ගරු කිරීමට මැළිය, ධනය ඉපයීමේ හැකියාවක්‌ සහිතය.

පෙබරවාරි :

ශුරය, ධනවත්ය, රළු වචන කතා කරයි, සටන්වලට හපන්ය, කාමුකය.

මාර්තු :

ධනවත්ය, අනුනට උපකාර කිරීමට කැමතිය, සුව සම්පන්නය, සුදු පැහැතිය, උගත්කමක්‌ සහිතය, පිටරට සවාරිවල නිරතුරු යෙදීමට කැමතිය.

අප්‍රේල් :

සුන්දර සිරුරකින් සමන්විතය, දෙනෙත් රත් පැහැවිය හැකිය, කතුන්ට ලොල්ය, ජීවත් වන්නේ සතුටකින්ය.

මැයි :

යහපත් සිතකින් යුක්‌තය, සිත්ගන්නා දෙනෙතක්‌ද, ශෝභා සම්පන්න සිරුරක්‌ද සහිතය, කතුන් කෙරෙහි ඇල්මක්‌ දක්‌වන සුලුය, බව භෝග සහිතය, ධනවත්ය.

ජුනි :

සිත පිරිසිදුය, ධනවත්ය, ආයුෂ දීර්ඝය, නුවණැතිය, පිට රටවලට ඇල්මක්‌ දක්‌වන සුලුය.

ජූලි :

දැහැමි සිතක්‌ සහිතය, සිත් අදනා පැහැයකින් යුක්‌තය, දරු මුනුපුරන් සහිතය, පසු වන්නේ මද සුවයකිනි, ධනය විනාශ වීමෙන්, චිත්ත පීඩාවකට පත් විය හැකිය.

අගෝස්‌තු :

මනා රූසපුවකින් යුක්‌තය, සිරුර තරය, දුක සැප දෙකේදී මෙන්ම ලාභ අලාභ දෙකේදීද, නොසැලී එක සේ සිටිය හැකිය.

සැප්තැම්බර් :

සිල්වත්ය, කතාබහ මොලොක්‌ වුවද වාචාලය, දූ දරුවන් සහිතය, සුබ සනීපයකින් යුතුව, නිරතුරු සතුටකින් වාසය කළ හැකිය.

ඔක්‌තෝබර් :

රූමත්ය, සුව සනීපයකින් යුක්‌තය, කවියකු විය හැකිය, ගුණවත්ය, ධනවත්ය, කාමියකු විය හැකිය.

නොවැම්බර් :

අතමිට සරුය, ධනවත්ය, කාමුක ගතිද ඇත්තේය, දුෂ්ට ගතිද නපුරු සිත්ද සහිතය. ගනු දෙනුද කරයි. පාපී පුද්ගලයෙකි.

දෙසැම්බර් :

දැහැමි දිවිපෙවෙතක්‌ ගත කිරිමට කැමතිය, කතා බස්‌ කරන්නේ මුදු මොළොක්‌ වචනයෙන්ය, මිතුරු මිතුරියන් බොහෝ පිරිසක්‌ සිටිය හැකිය. අනුන් යටත් කර ගැනීමේ හැකියාවකින් යුක්‌තය, අනුන්ට ඇප උපකාර කිරීමට කැමතිය.

ඒ ඒ දිනවල ඉපදීමේ ඵල, පහත සඳහන්ය.

ඉරිදා :

ඉතා චතුර, තෙදැති කෙනකු විය හැකිය. සිරුරේ පිත් බහුලය, සටනට කැමතිය, අනුන්ට දීමට කැමැතිය, උත්සාවන්තය.

සඳුදා :

නුවණැතිය, කතාබස්‌ කරන්නේ ප්‍රියජනක බසින්නය, ජීවිතය සන්සුන්ය, දිවි ගෙන යන්නේ රාජ්‍ය සේවය තුළින්ය, සැප දුක සමසේ සැලකීමට කැමතිය, වාසනාවන්තය.

අඟහරුවාදා :

කුටිල බුද්ධියක්‌ සහිතය, පොළවට සම්බන්ධ කටයුතුවලින් දිවිපෙවෙත ගෙන යන්නේය, සටනට කැමැතිය, බලගතු සේනාධිපතියකු හෝ පාලකයකු හෝ විය හැකිය.

බදාදා :

කතාබස්‌ කරන්නේ ප්‍රිය ජනක වචනය, ජීවිතය ගෙන යන්නේ, ලිපි ලේඛන කටයුතුවලින්ය, දැනුම් තේරුම් සහිත පණ්‌ඩිතයා සත්පුරුෂ ස්‌වභාවයක්‌ සහිතය.

බ්‍රහස්‌පතින්දා :

ශිල්ප ශාස්‌ත්‍රය උගත් කෙනෙක්‌ය. ගුණවත්ය, විවේකයෙන් යුක්‌තය, ජනයාගේ ගරු සම්මානයට පාත්‍ර වන ආචාර්යවරයෙක්‌ හෝ මන්ත්‍රීවරයෙක්‌ හෝ විය හැකිය.

සිකුරාදා :

චංචල සිතැත්තේය, දෙවියන් පිදීමට අකමැතිය, ධනය උපයීමට මෙන්ම ක්‍රීඩාවලටද කැමතිය, නැණවත්ය, කතාවට දක්‌ෂය.

සෙනසුරාදා :

පවසන්නේ ස්‌ථිර බස්‌ය, අනුන් යටපත් කිරීමට සමත්ය, කෲර, දුෂ්ට ගති සහිතය, කෙස්‌ අධිකය, වයස්‌ගත ලියන්ට කැමතිය, පහත් දුස්‌ටි, මන්ද ගති සහිතය.

Share This Article

ඔබ කෝච්චියක යන්නෙක්ද...? විවාහයත් කෝච්චියක්

එසේ නම් කෝච්චිය ප්‍රමාද වීම, කෝච්චිය මිස්වීම, කෝච්චියේ පාපුවරුවේ එල්ලී යෑමට සිදුවීම ආදී දේවල් ඔබේ ජීවිතයට එල්ල විය හැකි සාමාන්‍ය පොදු...

මේෂ ලග්නයෙන් උපන් කාන්තාවක්‌ නම් මෙය කියවන්න

ඔබ තරුණියක්‌, කාන්තාවක්‌, හිතවතියක්‌, පෙම්වතියක්‌ බිරිඳක්‌ විය හැකියි. නමුත් ඔබ ලග්න නවාංශක අනුව දැනුමක්‌ අද්දැකීමක්‌ ඇත්තියක්‌ නොවන්නේ නම් ඔබ ඔබේ ගෞරුත්වය...

ලග්නය සිංහ නම් ඔබ...

රවි හිමි සිංහ ලග්නයෙන් උපන් අය ඉතා උසස් ආත්ම ශක්තියකින් යුත් දියුණු වීමේ ආශාව ඇති එඩිතර ගති ඇති අයෙක් කීවොත් ඉතාම...

අධ්‍යාපන දියුණුවට සරස්‌වති බන්ධනයෙන් පිහිට

උප්පත්තියෙන්ම කෙනකුට හීන බුද්ධියක්‌ ඇතිවාක්‌ මෙන්ම තවත් කෙනකුට උසස්‌ බුද්ධියක්‌ ඇත. බුද්ධියේ අර්ථ සීමා හතරකි. ස්‌ථානෝචිත ලෙස ක්‍රියාකිරීමේ පුළුවන්කම, 2 උසස්‌...

ඔබේ කනත් මේ වගේද? කනෙන් පෙනෙන ඔබ...

කන යනු මිනිසාට මහත් උපකාරී වන අවයවයකි. ඕනෑම පුද්ගලයකුට උපතින් කන් දෙකක්‌ ලැබී ඇත. තමා අවට ඇති ශබ්ද හොඳින් අසා හඳුනා...

හෙළ ගොවිතැනේදී පැරැන්නන් යොදාගත් නැකැත්, තිථි සහ වෙනත් ක්‍රමවේද

හෙළ ගොවියන් ගොවිතැන් කටයුතු සඳහා ගුප්ත ක්‍රමද යොදාගෙන ඇත. සමහර ගුප්ත ක්‍රම විද්‍යාත්මකව විස්තර කළ නොහැකි අතර සමස්තයක් හැටියට වගා බිම්වල...