Biz Log
Classifields
Biz Log
Classifields

අඹු-සැමි ආදරය ස්ථිර කරවන මහා බලගතු කුවේණි දැහැන

අඹු-සැමි ආදරය ස්ථිර කරවන මහා බලගතු කුවේණි දැහැන

වර්තමාන සමාජයේ යුග ජීවිතය, පවුල් ජීවිතය සතුටින් සාමදානයෙන් ගත කරන්නන් ඇත්තේ කීයෙන් කී දෙනාද? ප්‍රේම ලෝකය අතිශයින් සුන්දර වුවද යුග ජීවිතය ආරම්භ කර ටික කාලයක් ගතවූ පසු අඹු - සැමියන් විවිධ හේතූන් නිසා භේද භින්න වී අඬදබර හදාගෙන විවාහ ජීවිතය අවුල් ජාලාවක් කර ගනියි. තමන්ට කොතැනක හෝ වැරදුණු බව තේරුම් යයි. සමහරුන් වැරදුණු තැන් නිවැරදි කරගැනීමට දික්කසාදය පතයි. තවත් සමහරු මනසින් අනේක දුක් සෝ සුසුම් විඳිමින් විවාහ ජීවිතය විඳවති.

 අදහස්වලින් නොගැළපීම්, තෘප්තිමත් බවින් නොගැළපීම්, රූපයෙන් නොගැළපීම්, ආර්ථික තත්ත්වයෙන් නොගැළපීම්, රැකියා තත්ත්වයෙන් නොගැළපීම්, ආධ්‍යාත්මික තත්ත්වයෙන් නොගැළපීම් ආදී අනේකවිධ නොගැළපීම් නිසා සමාජයට සමඟි මුහුණක් පෙන්වාගෙන සිටියද එකිනෙකා කෙරෙහි වෛරයෙන්, තරහ අමනාපයෙන් සිටින අඹු-සැමියන් කොතරම් නම් සිටීද. 

පොරොන්දම් පරීක්ෂාවකදී දෙදෙනාගේ ගැළපීම් - නොගැළපීම් සියල්ල හෙළිවුවත් බොහෝ දෙනා ශුභ අශුභ පොරොන්දම් ගැන විමසනවා විනා පොරොන්දම් විස්සෙන්  හෙළිකරන ආධ්‍යාත්මික කරුණු කාරණා පිළිබඳව කිසිදු දැනුවත් බවක් ලබා ගන්නේ නැත. 

බොහෝ විට පොරොන්දම් පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන්නේ මවුපියන්ය. ඔවුන් කිසිදු විට පොරොන්දම් විස්සෙන් කියැවෙන ආධ්‍යාත්මික කරුණු කාරණා තම දුව - පුතාට කියා දෙන්නේ නැත. එබැවින් විවාහයට පෙර අදාළ මනාල යුවළ පොරොන්දම් පිළිබඳ අවබෝධය ලබා විවාහ ජීවිතයට ඇතුළු වන්නේ නම් විවාහ ජීවිතයේ ගැටලු අවම වනු ඇත.

නූතන දියුණුවත් සමඟ සංකීර්ණ වූ වර්තමාන සමාජයේ විවාහය, යුග ජීවිතය, පවුල් ජීවිතය අතිශය අවුල් සහගත සහ සංකීර්ණ ගැටලු මතු කරමින් වේගයෙන් ගමන් කරන අයුරු කොයි කාටත් තේරුම් ගත හැකිය. විවිධ රූපවාහිනි, පුවත්පත් මෙන්ම විශේෂයෙන් සයිබර් අවකාශයේ සිහින අතර අතරමං වූ බිරින්දෑවරුන් සැමියන් නිසා පීඩාවට, ළතැවුලට පත්ව සිටින සැමියන් බිරින්දෑවරුන් සහ දරුවන්ගේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙමින් පවතී.

 විවිධ රස හැඟීම් ඔස්සේ ආදරය මවාපාමින් හසරක් නොදැන කාම පාරාදීසේ තහනම් ගස් වෙත පියාඹන බිරින්දෑවරුන්ගේ, සැමියන්ගේ ජීවන ගමන කොහෙන් කොහොම කෙළවර වෙයිද?

 කිසිවකු සිතන්නේ නැත. වර්තමාන සංකර සමාජයේ නීතියෙන් එක් විවාහයකුත් සිතින් ගතින් තව විවාහ දෙක තුනකුත් රහසින් පවත්වාගෙන යන්නට මේ සමාජයේ ස්ත්‍රී - පුරුෂයන් කිසිදු විට මැළි වන්නේ නැත. ජංගම ස්මාට් දුරකථනය ඔවුන් පණ මෙන් සුරකින සන්දේශකරුවා වී ඇත. 

ඇතැම් විට මිස් කෝල් වලින් Hi වලින් sms වලින් වලින් ගොඩනැඟෙන සම්බන්ධතා කොතරම්ද? අවිවාහක තරුණ - තරුණියන්ටත් වඩා විවාහක ස්ත්‍රී පුරුෂයන් වැඩි වශයෙන් අන්‍යයන් හා සම්බන්ධතා ගොඩනඟා ගනිමින් ආදර දැල් එළන ප්‍රමාණය අතිශයින්ම වැඩිය. 

සැබෑවටම ජීවිතය වැරදී ආදරය සොයන්නන්ගේ සුළු පිරිසකි. අනෙක්වා හුදු ආස්වාදය, නොයෙක් ලාභ ප්‍රයෝජන, මුදල් හා කාම උන්මන්තකකම නැති කර ගැනීමට කරන හුදු අසම්මත ආදර සබඳතාය. මෙම තත්ත්වයන් දිනෙන් දින වැඩි වන්නා සේම වර්තමානයේ දික්කසාද වන ප්‍රමාණයද දිනෙන් දින වැඩි වේ. 

සුන්දර විවාහ ජීවිතයක්, යුග ජීවිතයක්, පවුල් ජීවිතයක් ගත කිරීමට කොයි කවුරුත් කැමැතිය. එහෙත් විවාහ ජීවිතය ගත කිරීමේදී නොයෙක් නොගැළපීම් මත අඹු - සැමි අරගල උග්‍ර විය හැකි බැවින් යුග ජීවිතය පිළිබඳව, පවුල් ජීවිතය පිළිබඳව දෙදෙනාට හොඳ අවබෝධයක් තිබිය යුතුය.

 එසේ නොවුණහොත් වර්තමාන සමාජය තුළ ඇසිල්ලකින් තම පවුල් ජීවිතය අවුල් වී යා හැකිය. එම අවදානම සිතේ තබාගෙන තම යුග ජීවිතය, පවුල් ජීවිතය ආරක්ෂා කර ගැනීම පිණිස එකිනෙකාගේ ආදර බන්ධනය තීව්‍ර කරදෙන මහඟු පල ලබා දෙන පැරණි මන්ත්‍ර දැහැනකි. මෙම බලගතු කුවේණි මන්ත්‍ර දැහැන.

මෙම මන්ත්‍ර දැහැනින් නොඉදුණු රන් තැඹිලි තෙල් 108 වතාවක් ජීවම් කර දිෂ්ටි කර තම අකීකරු ස්වාමිපුරුෂයාගේ හෝ අකීකරු බිරියගේ ගැල්වීමෙන් ඔවුන් එකිනෙකා කෙරෙහි ඇති ආදර බන්ධනය වැඩි වේ. ඒ තුළ යුග ජීවිතය රසවත් වෙයි. විවාහ ජීවිතය ආරක්ෂා වෙයි. 

ඇතැම් ගුප්ත විද්‍යාවේදීන් මෙම මන්ත්‍ර ශාස්ත්‍ර ප්‍රසිද්ධ කිරීමට අකැමැතිව ‍ෙදා්ෂාරෝපණය එල්ල කළත් ශාස්ත්‍ර උන්නතිය හා සමාජ යහපත පතා මෙවන් බලගතු මන්ත්‍ර දැහැන්, යන්ත්‍ර මන්ත්‍ර ඉදිරිපත් කරමි. බොරුව, අසත්‍ය, වංචාව, රැවටීම උග්‍රව පවතින වර්තමාන, සමාජයේ ඇත්ත සත්‍ය නිවැරදි මාවත සොයා ගැනීම බුද්ධිමත් අයගේ වගකීමකි.

උපුටා ගැනීම මවුබිම

Share This Article

කුජගේ අපලවලට නොවරදින පිළිවෙත්

ජන්මියකු මෙලොවට දායාද කළ දෙමව්පියන්ට පහරදීම ඔවුන් ඝාතනය කිරීමෙන් ආනන්තර්ය පාපකර්මයට ගොදුරුවීම සතුන් දඩයම් කිරීමෙන් ප්‍රාණගාත අකුසලය සිදුකිරීම පර අඹුවන් පර...

දණහිස පවසන ස්‌ත්‍රී රහස්‌

ස්‌ත්‍රීන්ගේ දණහිස පහසුවෙන් පිටතට නොපෙනෙන අංගයකි. එසේ වන්නේ අප රට ඉහළ සංස්‌කෘතියක්‌ පවතින රටක්‌ බැවිනි. නමුත් සුදු ජාතීන් වෙසෙන එංගලන්තය, ඇමරිකාව...

ව්‍යාපාරය සරුද තත්කාලායෙන් නිවැරදිව දැනගමු!

ශ්‍රී පද්මප්‍රභාශූරී පඬිවරයා භාරතයේ විසූ සුප්‍රකට ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රඥවරයෙකි. එතුමා විසින් රචිත “භූවන දීපිකාව” නමැති ග්‍රන්ථයේ තත්කාල ශාස්‌ත්‍රය පිළිබඳව ඉතා වටිනා කරුණු...

දරැවන්ට අකුරැ කියවීමේ නැකැත් ගැන ඔබ මේවා දන්නවාද?

සිය ආදරණීය දරුවාට අකුරු කියවීම නක්ෂත්‍රානුකූලව සුළු මංගල්‍යයක් ලෙස පැවැත්වීම අපේ සංස්කෘතිකාංගයක් ලෙස සැලකීමට බොහෝදෙනා පුරුදු වී සිටිති. සුරතල් ලෙස බස...

ඔබ රජ පුටුවේ හිඳුවන සිංහාසන යෝගය

ජ්‍යොතිෂය පිළිබඳ තරමක් හෝ උනන්දු පිරිස බොහෝ විට විමසන්නේ සිංහාසන යෝගය ගැනයි. සිංහාසන යන නමද බොහෝ අයට කුතුහලය ගෙන දෙන්නකි. මන්ද...

සුබපල දෙන ස්‌ත්‍රී දේහ ලක්‍ෂණ

දේහ ලක්‍ෂණයන් උපයෝගි කරගෙන අපේ පැරැන්නන්ට අනාවැකි කීමේ පුදුම හැකියාවක්‌ විය. එය එකල වූ සාමාන්‍ය ජනයා වුවද දැන සිටියාට සැක නැත....