Biz Log
Classifields
Biz Log
Classifields

ගොක් කොළෙන් අනවින සෙවීම

ගොක් කොළෙන් අනවින සෙවීම

අනවින, කොඩිවින, වශී ගුරුකම්, හදි හූනියම් ගැන අපට විවිධාකාර අදහස් පළකරනවා දකින්න පුළුවන්. මෙවැනි මතිමතාන්තර අවුරුදු දහස් ගණනක් සමාජයේ පවතින්නේ ඒවායේ සත්‍යතාවක් ඇති නිසයි. මිනිසුන්ට දිගටම කරදර ලෙඩදුක් ආදී නොයෙකුත් පීඩාවන් ඇතිවන විට ඔවුන් අසරණ වෙනවා. ඒ අවස්ථාවලදී බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේවාට අප කරන්නේ මොනවාද කියාය. කොතරම් මිල මුදල් හැකියාවන් තිබුණත් කුමන තරාතිරමේ කෙනෙක් වුවත් හදිහූනියන්, අනවින, කොඩිවින ඉදිරියේදී කළ යුත්තේ කුමක්දැයි නිවැරැදිව අවබෝධ කරගෙන නැත. ඈත අතීතයේ සිටම මිනිසුන් යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් පිහිට ලබාගෙන ඇත. වර්තමානයේදීද අසනීප තත්ත්වයක් පවතින විට බෙහෙත් ගෙන සුව නොවේ නම් යන්ත්‍ර මන්ත්‍රවල පිහිට පතති. ඉතිහාසය ගැන බලන විට මුල්ම හූනියම් දෝෂය ගැන කියැවෙන්නේ මහාසම්මත රජ දවසේ මහාසම්මත රජුගේ බිසව වන මැණික්පාල දේවියට වසවර්ති කුමාරයා කළ විනයයි. තවද ආනන්ද හිමියන්ගේ සිත ගැනීම සඳහා නීච කුල ස්ත්‍රියක් විසින් කළ විනයද අප දන්නා කරුණකි. ජල නන්දන පිරිතෙන් එහි බල බිඳුණු බව ඉතිහාසයේ දැක්වේ. එනිසා දීර්ඝ ඉතිහාසයක් අනවින, කොඩිවිනවලට ඇති බව නොරහසකි. මෙම දෝෂය ගැන දැනගැනීම සඳහා බොහෝ දෙනා සාස්තර ඇසීම, අඳුන් බැලීම, නිමිති ඇල්ලීම ආදී ක්‍රම භාවිත කරන අතර ඒ අනුව නොයෙකුත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්ද කරති. පහත සඳහන් වන්නේ මෙම දෝෂ තිබේදැයි ඔබ කාටත් දැක බලා ගත හැකි ක්‍රමයකි.

මුලින්ම ගොක් කොළයක් කඩාගන්න. එය පිහි කතුරු ආදියෙන් නොව අතින්ම කඩා ගත යුතුය. ආතුරයාගේ ඉණේ මට්ටම ගොක් කොළයෙන් මැනගෙන හරියටම ගොක්කොළය උදරය වටා ඔතා පෑනකින් ලකුණක් කරගත යුතුය. මෙසේ ලකුණු කරන්නේ ඊළඟ අවස්ථාවේදීත් ගොක් කොළය එම ස්ථානයේ තැබීම සඳහායි. ඉන්පසු මතුරාගත් මීතෙල් ආතුරයා අතට දී ඉණේ මට්ටම ගත් ගොක්කොළයේ ගෑමට ආතුරයාට පවසන්න. ආතුරයා කතා නොකර එම මීතෙල් ගාන ලද ගොක් කොළය අතේ තබාගෙන විනාඩි කීපයක් සිටිය යුතුයි. ඉන්පසු එම ගොක්කොළය පළමුව ලකුණු කරන ලද තැන තබා බැලිය යුතුයි. කිසියම් දෝෂයක් ඇත්නම් එම ගොක් කොළය කොට වී හෝ දික්වී ඇති අන්දම ඔබට බලාගත හැකිය. මෙම ගුරුකම කරන විටදී ආතුරයා පාවහන් පැලඳීම නොකළ යුතුයි. මෙය නිවෙස තුළදී නිවෙස ඉදිරිපස, පිටුපස ආදී ස්ථානවලදී කළ හැකිය. භූමියක දෝෂ බැලීමේදී එම භූමිය තුළම කළ යුතුයි. ඉනා බන්ධන, වස විෂ කැවී ඇත්නම් වෙනත් තැනකදී වුවද බලාගත හැකිය. නිවෙසේ සිටින සියලු දෙනාටම නිවෙසේ දෝෂයක් තිබේනම් මේ ක්‍රමයෙන් බලාගත හැක. ගොක් කොළය කොටවන හෝ දික්වන ප්‍රමාණය අනුව තිබෙන දෝෂය කුමක්දැයි තීරණය කළ හැකිය. අනවින කොඩිවින යක්ෂ දෝෂ, ප්‍රේත දෝෂ, ඉනා බන්ධන යන මේවායින් කුමක්දැයි තීරණය කිරීම ඇදුරුතුමාගේ දක්ෂතාව මත සිදුවේ. අනවින, කොඩිවින දෝෂවල ඇතුල් පන්තිය, පිටපන්තිය කියා කොටස් දෙකකි.

රීරි යකා, හූනියම් යකා, මහසෝනා ආදී යකුන්ගෙන් කරන හූනියම් ඇතුල් පන්තියේ ගණයටද වැටේ. මළගිය අය බඳවා එවීම, මිනී අළු ඉසීම, කපුටු තෙල් ඉසීම, මිනී ඇට මතුරා දැමීම ආදී ඒවා පිට පන්තියේ හූනියම් ගණයට වැටේ. එම නිසා මෙමඟින් දෝෂය කුමක්දැයි හරියාකාරව දැනගත හැකිවේ. හදි හූනියම් යනු ඉවත් කිරීමට හැකි දෝෂය. ඉවත් කිරීමට ප්‍රථමයෙන් දෝෂය හරියාකාරව හඳුනා ගැනීම වැදගත්ය. ඉන්පසු එයට අවශය පිළියම් කළ හැකිවේ. පිට පන්තියේ හූනියම් යනු මිනී අළු ජීවම් කර ගෙවතුවලට දැමීම, මිනී ඇට ජීවම් කර දැමීම, ඌරු මස් ඌරු තෙල් මතුරා ගෙවතුවලට දැමීම, මළගිය ප්‍රාණකාරයන් බන්ධන කර දැමීම ආදී වේ. මෙම පිට පන්තියේ හදි හූනියම් දෝෂ කපා ඉවත් කිරීමේදී ඒ සඳහා ගෙරි ඔළුව කැපීම, අළු කෙසෙල් අලයෙන් මිනී පෙට්ටිය කපා වත්ත කොන් සතරේ හා ගේ කොන් සතර පස් ගෙන එයට ලුණු පොල්කටුවේ වතුර දමා රූපය සාදා කැපීම ආදී බොහෝ වේ. ඇතුල් පන්තියේ හදි හූනියම් කැපීමේදී පුහුල් හොඬල, දෙහි, තැඹිලි, අත්තික්කා, වැල් වළලු, ඉටි රූප ආදී බොහෝ වේ. මේ කුමන දේ කිරීමටත් පළමුව දෝෂය කුමක්දැයි හඳුනා ගැනීම මූලිකය. හදි හූනියම් දෝෂ නිසාවෙන් පීඩා විඳින බොහෝ දෙනා ඇත. ඒ අතර එක්තැන් වීම, අතපය කොරවීම, ව්‍යාපාර නැතිවීම, රැකී රක්ෂා අහිමි වීම, ගේ දොර ඉඩකඩම් යාන වාහන නැතිවීම, ගේ ‍දොර පාළු වීම, මානසික ආතතිය, අත් පා දූවිල්ල, පවුල් කඩාකප්පල් වීම, හන්දි ගත රෝග ආදී බොහෝ වේ. යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය හරි හැටි උගත් ධාර්මික ජීවිකාවක් ගතකරන කිසිම අයකු මෙම හදිහූනියම් වැනි පහත් ක්‍රියා කරන්නේ නැත.

ගුප්ත ශාස්ත්‍රඥ රොෂාන් චානක තිසේරා ( 0716366175 )මව්බිම

Share This Article

ඔබගේ ලග්නය මේෂ නම් මෙය කියවා බලන්න

අං දෙකක්‌ සහිත එළුවකුගේ රුව මේෂ රාශියේ ස්‌වරූපය වන අතර පාලක ග්‍රහයා කුජ ග්‍රහයාය. මාර්තු 21 වැනිදාත්, පෙබරවාරි 19 වැනිදාත් අතර...

වාලම්පුරියේ වාසනාවෙන් පරෙස්සම් වන්න

වාලම්පුරි ගැන කතා කරන විට සියල්ලන්ටම පාහේ මතක් වෙන්නේ වාසනාවයි. මන්ද වාලම්පුරියක් ළඟ තබා ගැනීමෙන් වාසනාව සෞභාග්‍ය ඇති වන බව කාගේත්...

හයෙන් උපන්නෝ සක්විති කිරුළු දරන්නෝ

ඔබ උපන්නේ කුමන අවුරුද්දක වුවද මාසය කුමක් වුවද ඔබ උපන්දවස අංක 6ට නතු වේ නම් ඔබගේ ජිවන අංකය අංක 6වේ. ඒ...

ඔබ ලොකු ළමයකු වූ දවස මතකද?

ඉරිදා මල්වර වූ යුවතිය :මේ දවසේ දිනාධිපති ග්‍රහ ලොව රජු රවි ග්‍රහයාය. ඔබ මල්වර වූයේ ඉරිදා දිනෙක නම් රවි ග්‍රහයාගේ ගති...

විරුද්ධ ලිංගිකයන්ගේ සිත් ඇදගැනීමේ හැකියාව උපතින් උරුම සිංහ ලග්න හිමියන්

මෙලොව උපදින ඕනෑම කෙනකුට පළමුවෙන්ම හිමිවන්නේ ලග්නයයි. කෙනකු උපදින මොහොතේ නැඟෙනහිර ක්‍ෂිතිජයෙන් උදාවෙමින් පැවැති ලග්නය ඔහුගේ හෝ ඇයගේ ලග්නය වන බව ජේ‍යාතිෂයේ...

දැන දැන දින දින තොරතුරු මෙලෙස කරමු සතිය සොඳුරු

සතියේ දින හත ඒ ඒ ග්‍රහයාගේ නමින් හැඳින් වේ. රවි ග්‍රහයාට අයත් නිසා ඉරිදා රවි දින වශයෙන්ද සඳු ග්‍රහයාට අයත් නිසා,...