ෆෙංෂුයි නිවෙසකට උදා වූ ජයග්‍රහණය
ප්‍රධාන දොර දිග, පළල, එහි පාදය දොර ජනෙල් තිබෙන ප්‍රමාණය, නාන කාමරය තිබෙන දිශාව ආදී වැරැදි තැන් බොහොමයක් එහි තිබිණි. ඇගේ ව්‍යාපාරයේ දියුණුවක්ද නොතිබුණු නිසා සාගරිකාට සිතුණේ නිවෙසේ දෝෂ නිසා මෙම අවාසනාව උද්ගතව ඇති බවකි. නිවෙසේ අලංකාරය නිසාම එය යළි කඩන්නට බිඳින්නට සාගරිකාට කිසිදු කැමැත්තක් නොතිබිණි. ඒ අතර ඇයට ගැඹුරු ෆෙංෂුයි ශාස්ත්‍රය පිළිබඳ අසන්නට ලැබිණි. ඇය වහා ක්‍රියාත්මක වූවාය. ඇයගේ නිවෙසේ ප්‍රධාන දොර පිහිටි නැඟෙනහිර දිශාව ගැඹුරු ෆෙංෂුයි සංයුතිය අනුව වාසනාවන්ත එකකි. 2015 වසරේද නැඟෙනහිර දිශාව වාසනාවන්ත එකක් බැවින් එම දිශාවේ සෙලවෙන ජලය තැබීමට ඇයට උපදෙස් දුනි. ඒ සඳහා ඇයගේ නිවෙසේ තිබූ මාළු ටැංකියම භාවිත කළේය. තවද නිවෙසේ නැඟෙනහිර හා ගිනිකොන දිශාවන්වලට සැන්ඩ්‍රියානා ශාකය තැබීමට උපදෙස් දුනි. ගිනිකොන දිශාව මෙම වසරේ තරමක අසුබ බැවින් එම දිශාවේ නිවෙසේ තිබූ පිත්තල මල් වාස් තැබීම කළේ නිවෙසේ අය නිතර අසනීප වීම වැළැක්වීමටය. ඊට අමතරව එම දිශාවේ වුලු සංකේතයක්ද සවි කළේය. ඇයගේ සහ ස්වාමියාගේ උපන් දිනවලට අනුව ඔවුන්ට වාසනාව ගෙන දෙන කාමරයක් තෝරාදී ඔවුන්ගේ වාසනාව වැඩිවන අයුරින් නිදන ඇඳන් සකස් කළේය. නිරිත දිශාව කෑම කාමරයකට අයත්ව තිබුණේය. එම දිශාවේ නිවෙසේ ප්‍රධාන ධන නිලය පිහිටා තිබිණි. එහි කෘත්‍රිම දිය උල්පතක් තැබීමෙන් නිවෙසේ ධන වාසනාව වැඩි කළේය. තවද ආදර වාසනාව ශක්තිමත් කිරීමට මැන්ඩරීන් තාරා ජෝඩුවක් සහ මෘදු පළිඟු බෝල 6ක් එම දිශාවේ තැබුවේය. ඇය ඇඳුම් මැසීම සඳහා තෝරාගෙන තිබුණේ පඩි පෙළ යටට වන්නටය. කිසිදු අවස්ථාවක පඩි පෙළක් යට වාඩිවී වැඩ කිරිම කොහෙත්ම සුදුසු නැත. ඇයගේ මහන මැෂිම වෙනත් ස්ථානයක තබා එය සුබ දිශාවකට හැරවීය. වැසිකිළිය පිහිටා තිබුණේ නිවෙසේ වයඹ කොටසේය. නිවෙසක වයඹ දිශාවේ වැසිකිළිය තිබීමෙන් ඔවුන්ගේ අන්තර් සම්බන්ධතා බිඳ වැටී යයි. ඒ සඳහා පිළියමක් ලෙස වැසිකිළිය තුළ පැය 3ක් පමණ දීප්තිමත් බල්බයක් දැල්වීම කළ හැකිය. එමඟින් ඉන් සිදුවිය හැකි හානිය මඟ හැරී යයි. ඔබගේ නිවෙසේද, නිවෙස තුළ වයඹ දිශාවේ වැසිකිළිය පිහිටා ඇත්නම් එය තුළ පැය 3ක් පමණ දීප්තිමත් බල්බයක් දල්වන්න. තවද සෑම අවස්ථාවකම වැසිකිළිය තුළ කොමඩ් එකෙහි පියන වසා තබන්න. එහි දොර වසා තබන්න. එමඟින් වැසිකිළිය මඟින් ඇතිවිය හැකි හානි මඟහරවා ගත හැකිය. ඇයගේ නිවෙසේ ඊශාන දිශාවද සාලයට අයත්ව තිබිණි. එහි ජනේලයක බට 6ක වින්ඩ්චයීම් සීනුවක් සහ බිත්තියක කාසි 6ක වැලක් සවි කළේය. එමඟින් මෙම වසරේ අන් අයගේ සහයෝගය උපකාරය විශාල වශයෙන් ලැබේ. මේ අයුරින් නිවෙසේ සෑම දිශාවක්ම නිවෙසේ තිබූ ගෘහ උපකරණවලින් සහ ෆෙංෂුයි සංකේත මඟින් ෆෙංෂුයි නිවෙසක් කළේය. ඉන් නිවෙස තවත් අලංකාර විය. යම් යම් වාස්තු වැරැදි නිවෙස තුළ තිබුණද ඒවා අකර්මණ්‍ය වීමට කළ ෆෙංෂුයි උපක්‍රම නිසා දැන් සාගරිකා සාර්ථක ව්‍යාපාරිකාවක් වෙමින් සිටී.
ෆෙංෂුයි උපදේශක රිෂි නානායක්කාර 0776116229මව්බිම
ගෙල ප්‍රදේශයේ දිග, පළල, පැහැය සහ එහි පිහිටන රේඛා, ලප ආදියෙන් ස්ත්‍රියකගේ ගති ගුණ හා සිතැඟි මනාව විදහා දැක්වේ. දේහ ලක්ෂණ...
අද අප රටේ ජනතාව ඉසුරුමත් ජීවිතයක් පතා ලොතරැයි ආදී දිනුම් අවස්ථා ඉතා විශාල වශයෙන් උරගා බලන බව රහසක් නොවුණත් එසේ වාසනාව...
මිනිසුන් බලවත් කරගන්නා නොපෙනෙන තවත් ප්‍රධාන බලයක් ඇත. එය ප්‍රේත බලවේගයයි. මිනිසුන් දෙවියන්ගෙන් පිහිට පතන්නා සේම ප්‍රේතයන්ගෙන් නිබඳවම පීඩා විඳියි. දෙවියන්...
සිංහ ලග්න හිමි ඔබට ලග්නාධිපති රවි ග්‍රහයා වන අතර, රවිගේ දසා කාලය ඔබට ජීවිතයේ අති විශිෂ්ට ප්‍රතිඵල උදා කරන දසා කාලයකි....
කෙනකු උපන් දිනයට අනුකූලව ද ඔහුගේ හෝ ඇයගේ හෝ පලාඵල කිව හැකි අතර මුල් ලිපියෙන් විස්තර කෙරුණේ, ජනවාරි 21 ත්, පෙබරවාරි...
මවක විසින් දියණිය ඇස සේ රැකගත යුතුය. ඇයට “මියුලැසි කියන්නේ මුව දෙනකට සදිසි සසල නෙත් ඇති බැවිනි. ළඳුන්ගේ ඇස් විවිධ වර්ණවලින්...