Biz Log
Classifields
Biz Log
Classifields

වෘෂභ ලග්නයෙන් උපන් කාන්තාවන් ගැනයි මේ

වෘෂභ ලග්නයෙන් උපන් කාන්තාවන් ගැනයි මේ

බුද්ධිමත් කාන්තාවකි. ඔබ කොතෙකුත් වෘෂභ ලග්න කාන්තාවන් ආශ්‍රය කර යම් යම් සිද්ධාන්තයන් අත්විඳ ඇතුවාට සැකයක්‌ නැත. නමුත් ඔබ දන්නවාද වෘෂභ ලග්න කාන්තාවන් ආකාර තුනකට ක්‍රියාත්මක වන බව ඒ ඔවුන්ට හිමි නවාංශක අනුවයි. ඒ අනුව ඔවුන් වෘෂභ, කටක, කන්‍යා, මකර මීන යන නවාංශකවලට අනුව ඔවුන්ගේ ක්‍රියාකාරීත්ව වෙනස්‌ වන බව ඔබ තේරුම් ගත යුතුයි. මේ අනුවයි ඔබ ඒ, ඒ, කාන්තාවන් සමග මිත්‍ර සම්බන්ධතා ගොඩනඟා ගත යුත්තේ. විශේෂයෙන් වෘෂභ ලග්න කාන්තාවන්ගේ විශේෂතා විග්‍රහයේදී කුජ, ගුරු, සඳු, සිකුරු යන ග්‍රහයන් ස්‌ථානගත භාවයකින් සහ ඒ ඒ භාවයන්ට කෙතරම් ප්‍රබලත්වයක්‌ දක්‌වන්නේ ද යන්න සොයා බැලිය යුතුයි. ඒ මන්ද යත් සඳු, ගුරු, සිකුරු යන ග්‍රහයන් මේ ලග්න කාන්තාවන්ට පාප ග්‍රහයෝ වීමත් රවි සෙනසුරු සුබ ග්‍රහයන් ලෙස පෙන්වාදී ඇත්තේ පොදු ග්‍රහ තත්වයන් අනුවයි. නමුත් මේ කාන්තාවන්ගේ නවාංශකවලට අනුව ඔවුන්ගේ විශේෂතා විමසා බලමු. මේ අනුව ඔබේ මිතුරිය, පෙම්වතිය, පෙම්වතා, භාර්යාව කෙබඳු තැනැත්තියක්‌ද යන්න තේරුම් කරගෙන කටයුතු කරන්න.

වෘෂභ ලග්නයේ වෘෂභ නවාංශකයෙන් උපන් කාන්තාවන් පිළිබඳව විමසා බලමු :

සිය ඥති පරිසරය තුළ නායකත්වයක්‌ ප්‍රධානත්වයක්‌ උසුලයි. ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයා කර්මස්‌ථානයේ හෝ අයස්‌ථානයේ සිටී නම් ඉතාමත් වාසනාවන්ත වේ. එසේම සිය වැඩිමහල් ඥතීන්ගේ නොමඳ ආධාර උපකාර හිමි වේ. එසේම මේ ග්‍රහ බලයෙන් උපන් කාන්තාවන් සමාජයේ ගරු නම්බු ලබන වෘත්තීන්වල සේවයට වාසනාවන්ත වේ. මේ කාන්තාවන්ගේ බන්ධුස්‌ථානයේ ගුරු සිටී නම් එවැනි කාන්තාවන්ගේ මවුවරු ද වාසනාවන්තියන් වේ. මේ කාන්තාවන්ගේ කුජ මාරකස්‌ථානයේ සිටීම මාරක අනතරුවලට භාජනය වීම හෝ ශල්‍යකර්මයන්ට භාජනය වීමට හේතු වන අතර යම් යම් සුළු හේතූන් නිසා අඩදබර කලකෝලාහලයන්ට ගොදුරු වී අපකීර්තියට පත් වේ. එසේ මේ කාන්තාවන්ගේ ලග්නයේ 7, 2, 12, 4 රේ කුජ සිටීම විවාහ ජීවිතයට කරදර බාධා ඇති කරනා බව පෙනී යයි. සමහරවිට මාරක වීමට ද හැකි බව පෙනී යයි. මෙවැනි කාන්තාවන් පෙම් සබඳතා ගොඩනඟා ගත්තේ නම්, ඒ පිළිබඳව අවබෝධයෙන්ම කළ යුතුයි. මේ කාන්තාවන්ට කුජගේ මහ දශාව අතුරු දශා අසුභ බව විශේෂයෙන් මතක තබා ගන්න. ග්‍රහ තැන්පත් භාව අනුව මොවුන්ට ගුරු, ශනි, රවි දශාව සුබ වන බව පෙනී යයි.

මීන මකර නවාංශකවලින් උසස්‌ කාන්තාවන් පිළිබඳව විමසා බලමු :

ඔවුන් ඉතාමත් සුන්දර විසිතුරු විලාසිතා ඇඳුම් රසවත් ආහාර පානාදියට ගිජු බවක්‌ දක්‌වන කාන්තාවන්වේ. බොහෝ අවස්‌ථාවල මෙවැනි කාන්තාවන්ගේ ගුරු ග්‍රහයා අයස්‌ථානගත වූවොත් පවුලේ වැඩිමහල් කාන්තාවන් වේ. නමුත් මේ කාන්තාන්ට පවුල් පරිසරයේ වැඩිමහල් ඡාති සහෝදරාදීන්ගෙන් පල ප්‍රයෝජන අඩු බවක්‌ පෙන්නුම් කරයි. මේ කාන්තාවන්ගේ දුර්වල කමක්‌ හැටියට පෙනෙන්නේ සුළු කරුණක්‌ වුවත් විමසා බැලීමෙන් තොරව වහා කලබලයට පත්ව කටයුතු කිරීම අනුකම්පා ගතිය අඩුවීමයි. විශේෂයෙන් මේ කාන්තාවන්ගේ විවාහය ගැන කතා කරන කොට ගුරු ග්‍රහයා හත්වැන්නේ සිටින ආකාරය හා දෘෂ්ටි ගතවන ආකාරයට අනුව බොහෝ අවස්‌ථාවල විවාහ එකකට වඩා සිදුවීම, කුලය, ජාතිය වෙනස්‌ අය සමග විවාහ වීමට සිදුවීම විවාහ කඩා කප්පල් වීම සිදුවන බව මගේ අත්දැකීමයි.

වෘෂභ ලග්නයේ කන්‍යා, කටක නවාංශකවලින් උපන් කාන්තාවන් පිළිබඳව විමසා බලමු :

මේ කාන්තාවන් සමාජ පරිසරයේදී සිය කතාව නිසා අප්‍රසන්න භාවයකට පත්වේ. එසේම මොවුන් නිතරම ජීවිතයේ, වේදනාවෙන් කනස්‌සල්aලෙන් සිටින්නියන් වේ. එසේම මෙම කාන්තාවන්ගේ රැකියාව කුමක්‌ වුවත් කරදර මධ්‍යයේ කරගෙන යන්නට සිදු වේ. විශේෂයෙන් රවි කර්මස්‌ථානයේ සිටීමෙන් හා එම භාවයට අදාළ ග්‍රහ දෘෂ්ටීන් නිසා රැකියා අහිමි වීම පවා සිදුවන බව මගේ අත්දැකීමයි. මේ කාන්තාවන්ගේ රවිපස්‌වැන්නේ සිටීමෙන් අධ්‍යාපනයට බාධා ඇතිවීම දරුපල අහිමිවීම, දරුවන්ගේ ජීවිතවලට ද බාධා පැමිණීම ආදි පෙන්වයි. එසේම රවි ලග්නයේ සහ විවාහකස්‌ථානයේ සිටීමෙන් නිතරම ඇතිවන හිසේ අමාරු සහ ලිංගික රෝගවලට භාජනය වන බව පෙනී යයි. එසේම මේ කාන්තාවන්ගේ රවි, සිකුරු යෝගවීම නිසා ඇඟ උණුකරවා යැම නිසා ධාතු ශක්‌තිය හීන වෙයි. රවි 7 වැන්නේ සිටීම සිදුවුවහොත් විවාහ ප්‍රමාද වීම නොගැලපෙන විවාහ සිදුවීම ආදී පෙන්නුම් කරයි. ගුරු ග්‍රහයා මේ කාන්තාවන්ගේ කර්මස්‌ථානයේ යෝග අයස්‌ථානයේ සිටියේ නම් ඉතාමත් වාසනාවන්ත වේ. එසේම ගුරුගේ මහදසා අතුරු දසා කාලවලදී ග්‍රහ බලය අනුව සෞභාග්‍ය උදා කරයි.

මේ විශේෂ විස්‌තර අනුව ඔබ ඔබේ සහකරු සහකාරිය සොයා ගැනීමට මිත්‍ර සමාගම් පවත්වා ගැනීමට ඔබේ දියුණුවට අදාළ කාරණා ගොඩ නඟා ගැනීමට ඉවහල් කර ගන්න. ඔබට ජය හා සතුට උදා වේ.

උපුටා ගැනීම දිවයින

Share This Article

ඔබ කන්‍යා ලග්නයේ නම් මේ ඔබ ගැනමයි

විශ්ව කේන්ද්‍ර ක්‍රමයට අනුව කන්‍යා ලග්නය රාශි චක්‍රයේ හයවැනි රාශිය හැටියට සැලකෙයි. ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය. බුධ ග්‍රහයා මිථුන හා කන්‍යා...

තුලා ලග්නයට යෝග කාරක වන ශනි බුද සංයෝගය

තුලා ලග්න හිමියන්ගේ ජන්ම පතේ ලෝකයාගේ පැවැත්මට මුල්වන ආත්ම පාලන ශක්‌තිය පාලනය කරන ශනි ග්‍රහයාද මිනිසාගේ බුද්ධි මට්‌ටම පාලනය කරන බුද...

ඇස් දෙස බලා ඇය ගැන දැනගන්න

මවක විසින් දියණිය ඇස සේ රැකගත යුතුය. ඇයට “මියුලැසි කියන්නේ මුව දෙනකට සදිසි සසල නෙත් ඇති බැවිනි. ළඳුන්ගේ ඇස්‌ විවිධ වර්ණවලින්...

උපන් දවස හෙලි කරන ජීවිත රහස්

තාරකා විද්‍යාව පිළිබඳව පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් පවසන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයින්ගේ බලපෑම්, ගෙවී යන සෑම කාල පරාසයක්ම ආවරණය වන බවයි. නවීන...

දේහ ලක්‍ෂණ කියයි ඔබේ ගති ගුණ

ඉතා පුළුල් වූද ගැඹුරු වූද ශාස්‌ත්‍රයක්‌ වූ දේහ ලක්‍ෂණ විද්‍යාව අංශ කිහිපයකට ඛෙදී ඇත. හස්‌ත රේඛා ශාස්‌ත්‍රය, ධව්නි මුඛ ශාස්‌ත්‍රය, මේ...

ලග්නාධිපතිගේ භාව 4ක පලාපල

මේෂ ලග්නය වී කුජ ලග්නයේ සිටීම ස්ව තීරණ මත කටයුතු කරයි. දියුණු වීමට දැඩි ආශාවක් දක්වයි. ආරම්භ කරන වැඩ කටයුතු හොඳින් කරගෙන...