Biz Log
Classifields
Biz Log
Classifields

දෙතොල් වලින් හෙළිවන ඔබේ පෞරුෂය ගැනයි මේ....

දෙතොල් වලින් හෙළිවන ඔබේ පෞරුෂය ගැනයි මේ....පිරිපුන් තොල් සඟලක් :

ඇතැම් කාන්තාවන්ගේ දෙතොල් පිරිපුන් වක්‍රාකාරව පිහිටා තිබෙන්නේ සරාගී බවක් ඊට එකතු කරමින්. ඇන්ජලිනා ජොලි, ස්කාලට් ජෙහෑන්සන් වැනි ප්‍රවීණ නිළියන්ට තිබෙන්නේ එවැනි තොල් සඟලක් බව සඳහන් වී තිබෙනවා. පිරිපුන් තොල් සඟලකින් යුතු කාන්තාවන් දැඩි ආත්ම විශ්වාසයෙන් යුක්ත ධෛර්ය සම්පන්න අය ලෙසයි හැඳින්වෙන්නේ. මෙවැනි සම්පූර්ණ, සම්මිතික තොල් සඟලක් පිහිටා තිබිම කාන්තා රූ සපුවට මන බඳනා පෙනුමක්ද එකතු කරනවා.

පුළුල් තොල් සඟලක් :

ජූලියා රොබට්ස් වැනි රංගන ශිල්පිනියන් පුළුල් තොල් සඟලක් ඇති අය ලෙස දක්වන අතර එවැනි දෙතොල් පිහිටි අය විවිධ රුචිකත්වයන්ගෙන් සමන්විත මිතුරු මිතුරියන් රාශියක් ඇසුරු කරන බව සඳහන් වෙනවා. එමෙන්ම තමාගේ දෛවයට දැඩි අධිෂ්ඨානයකින් මුහුණදී දෛවය තමා විසින්ම සකසා ගන්නා පරිපූර්ණ අය බවද විවිධ කුසලතාවලින් පිරිපුන් ජයග්‍රාහී පිරිසක් බවද දැක්වෙනවා.

වටකුරු තොල් සඟලක් :

බොත්තමක හැඩයෙන් යුතු වටකුරු තොල් සඟල් පිහිටි ප්‍රකට නිළියන් ලෙස රේචල් බිල්සන් සහ ඩෲ බැරිමෝර් හඳුන්වාදිය හැකියි. මෙවැනි දෙතොල් පිහිටි අය ගවේෂණාත්මක කටයුතුවලට කැමැත්තක් දක්වන කැරලිකාර අදහස් ඇති කාන්තාවන් ලෙස හැඳින්වෙනවා. ඒ විතරක් නමෛයි ඔවුන් ඉඟිබිඟි පාමින් ආල බස් දෙඩීමේ හැකියාවක් ඇති බවද පැවසෙනවා. මෙවැනි කාන්තාවන් කෙරෙහි දැඩි ආකර්ෂණයක් ඇතිවන්නේ ඔවුන් තුළ පවතින ප්‍රබෝධමත් බව සහ සිත් අලවන විලාසිතා තෝරා ගැනීමේ ගුණාංග නිසයි. එම ගුණාංග පිහිටන්නේ වටකුරු තොල් සඟලක් තිබෙන අයටයි.

සිහින් තොල් සඟලක් :

සිහින් තොල් සඟලක් උපතින්ම උරුම වූ කාන්තාවන්ට පිහිටා තිබෙන්නේ වෙනස්ම ආකාරයේ ගතිගුණ. ග්වේනිත් පැල්ටේ‍රා්, කේට් හඩ්සන් යන රංගන ශිල්පීන්ගේ දෙතොල් සිහින් තොල් සඟලකට නිදසුන් කීපයක්. මෙවැනි තොල් පිහිටි අය සහජ ඥානයෙන් යුක්ත, සංවේදී පිරිසක් බව සඳහන් වෙනවා. සුන්දර ස්වභාවයෙන් යුක්ත මෙම කාන්තාවන් ලැජ්ජාශීලී අය ලෙස හඳුන්වනවා. සිහින් තොල් සඟලක් පිහිටි අය ඉක්මනින් රැවටෙන සුළු අය බවද අවධාරණය කර තිබෙනවා.

දුන්නක හැඩැති තොල් සඟලක් :

මේ ආකාරයේ දෙතොල් පිහිටි අය අතරින් ජීස් විදර්ස්පුන්, හේඩන් පැනෙට්ටියර් යන රංගන ශිල්පීන් ප්‍රකටයි. දුන්නක හැඩැති තොල් සඟලක් පිහිටි කාන්තාවන් තුළ ස්වාධීන බවින් යුක්ත වීම, අර්ථාන්විත නොමගට ‍පොළඹවනසුළු සිතකින් යුක්තවීම වැනි ගුණාංග පිහිටා තිබෙනවා. එමෙන්ම මන බඳනා රූසපුවකින් යුක්ත මෙම කාන්තාවන් සිතට එකඟව කතා කිරීමට බියවෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතය ග්‍රහණය කරගෙන විනෝදයෙන් කාලය ගත කිරීමටද පසුබට වෙන්නේ නැහැ. මෙවැනි අය ෙදෙවය නිර්මාණය කරගන්නේ ඔවුන් විසින්මයි.

පහළට නැමුණු තොල් සඟලක් :

මෙවැනි තොල් සඟලක් පිහිටි කාන්තාවන් ගුප්ත චරිතයක් ඇති පෞද්ගලිකත්වයට නැඹුරු අය ලෙස දක්වා තිබෙනවා. මොවුන් අසාමාන්‍ය සහ අවස්ථාවට ගැළපෙන අයුරින් ජීවත් වන අය ලෙස තවදුරටත් හැඳින්විය හැකියි. මොවුන්ගේ බුද්ධි ස්වභාවය ඇත්තවශයෙන්ම සිත් ඇදගන්නාසුළුයි. මෙම කාන්තාවන් තෝරා බේරාගෙන කටයුතු කරන පුද්ගලයින් නිසා සතුටු කිරීම ඉතා අසීරුයි.

උපුටා ගැනීම ලක්බිම

Share This Article

දේහ ලක්‍ෂණ කියයි ඔබේ ගති ගුණ

ඉතා පුළුල් වූද ගැඹුරු වූද ශාස්‌ත්‍රයක්‌ වූ දේහ ලක්‍ෂණ විද්‍යාව අංශ කිහිපයකට ඛෙදී ඇත. හස්‌ත රේඛා ශාස්‌ත්‍රය, ධව්නි මුඛ ශාස්‌ත්‍රය, මේ...

ගතිගුණ කියන නාසයේ චමත්කාර සිත්තම් රහස්

වරාමලක් බඳු නාසය ඇති කත සැමියාට රස මංජුසාවකි.කුල්ලක හැඩය ඇති නාසය හිමි කාන්තාව දුප්පත්ය.සුන්දර කාන්තාවන් තමන්ගේ ජීවිතයේ අවසන් අර්ධයේදී ඉතාමත් සැපවත්...

ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…

මේ, ජනතාව අතිශය වගකීමෙන් කටයුතු කරන කාලයකි. මන්ද කිසිදා සිදු නොවුණු ආකාරයට මාසයක් තුළ ග්‍රහයන් සියලු දෙනාම තම ස්ථාන වෙනස් කරන...

කටක ලග්නයේ දීප්ත ග්‍රහයෝ

අද අප කටක ලග්නයේ දීප්ත ග්‍රහයොත් එක්‌කනේ හමු වෙන්නේ. මේ ලග්නයේ ලකුණ කකුළුවානේ. කකුළුවා ගැන හොඳට බලන්න පරක්‌ තෙරක්‌ නොදැක යන්නමයි...

චන්ද්‍ර සූරිය මන්ත්‍රයේ ප්‍රබල බලය

හිරු සඳු යනු අප වාසය කරන මේ පෘථිවියේ ජීවප්‍රාණ බලයයි. යම් දිනෙකදී මෙම චන්ද්‍ර සූර්යන්ගේ විනාශය පෘථිවි ජීවී අප සැමගේද විනාශයයි....

දේශපාලනයේ මහ මොළකරුවන් විය හැකි මිථුන ලග්න හිමියෝ

මෙලොව උපදින ඕනෑම කෙනකුට පළමුවෙන්ම හිමිවන්නේ ලග්නයයි. ඔහුට හෝ ඇයට නමක් පවා හිමි වන්නේ ලග්නය ලැබීමෙන් පසුයි. කෙනකු උපදින මොහොතේ නැඟෙනහිර...