Biz Log
Classifields
Biz Log
Classifields

ලග්නයට හිමි රැකියාව - වෘශ්චික ලග්නය

ලග්නයට හිමි රැකියාව - වෘශ්චික ලග්නය

  • ලග්න අධිපති අඟහරු වන ඔබට රැකියාව පිළිබඳ කියැවෙන දහවැන්න සිංහ රාශිය වන අතර එහි අධිපතියා රවි ග්‍රහයාය. දහවැන්න අධිපති රවි දහවැන්න තුළම සිටී නම් ඔබ ස්ථිර රජයේ රැකියාවකට භාග්‍ය ලබයි. රාජ්‍ය අංශවල ප්‍රධාන තනතුරු හිමි කරයි. ඉහළ දේශපාලන අංශවල නිලතල දරන ප්‍රභූවරුන් ඇසුරු කිරීමට පුළුවන.
  • සඳු ග්‍රහයා දහවැන්න තුළ නම් පෙර ආත්මයේ පුරුදු රැකියාවට හේතු විය හැකියි. විදේශ ගමන් ලබන අතර පිය උරුමය මත රැකියාවේ දියුණුවක් ලැබිය හැකියි. බොහෝ දුරට පියාගේ ව්‍යාපාර හෝ ඔහු සේවය කළ ආයතනය තුළම රැකියාවක් ලැබිය හැකියි. ඔබට රැකියාව තුළින් සියලු වරප්‍රසාද ලැබෙයි.
  • අඟහරු දහවැන්න තුළ නම් නොසිතූ විලස හදිසියේම රැකියාවකට ආරාධනා ලබයි. ආරක්ෂක අංශවල ඉහළ තනතුරු ලැබීමට, ක්‍රීඩා අංශ ආශ්‍රිතව වෘත්තියක නියැළී සිටීමට අවස්ථාවක් ලබයි. හොඳ ආත්ම ශක්තියක් හා විශ්වාසයක් ගොඩනඟාගෙන රැකියාව තුළ නිරත වෙයි.
  • බුධ ග්‍රහයා දහවැන්න තුළ නම් කුඩා ව්‍යාපාර, පොත්පත් ලිපි ලේඛන ආශ්‍රිතව රැකියාවකට හිමිකම් දරන පිහිටීමකි. ඔබ කටක, සිංහ, කන්‍යා නවාංශකයක් හිමි අයකු නම් මුල් රැකියාව වෙනස් කරයි. රැකියාවට සතුරු කරදර බලපෑම් එල්ලවිය හැකියි. සතුරන්ගේ පෙත්සම් ගැසීම තුළින් ඔබට රැකියාව අහිමිවීමට ඉඩ ඇත.
  • ගුරු ග්‍රහයා දහවැන්න තුළ නම් ඉතාම හොඳ පිහිටීමකි. ඔබට හොඳ රැකියාවකට වාසනාව පවතී. උගත් දෙයින් උපරිම පලප්‍රයෝජන ලබයි. තමන්ගේ දැනුමට සරිලන රැකියාවක් හිමිවෙයි. ගුරු වෘත්තිය හෝ බැංකු ආයතනවල ප්‍රධාන තනතුරක් ලබයි. ව්‍යාපාර අංශවලට යොමු වූවොත් මහා පරිමාණයෙන් කිරීමට හැකියි. තමන් සතු ධනය ව්‍යාපාරවලට යෙදවීමෙන් විශාල පලප්‍රයෝජන ලබයි.
  • සිකුරු ග්‍රහයා දහ වැන්න තුළ නම් විදේශ ගමන්වලට වාසනාව ලබයි. රෝහල්, හෝටල්, බන්ධනාගාර ආශ්‍රිතව රැකියාවකට හිමිකම් දරන පිහිටීමකි. රෙදිපිළි, යාන-වාහන ආශ්‍රිතව ව්‍යාපාර අංශවලට යොමුවූවොත් සාර්ථක වෙයි.
  • සෙනසුරු දහවැන්න තුළ නම් තමන්ගේ ගෙදර සහ උපන් ප්‍රදේශය තුළ සිටම කරන රැකියාවකට හිමිකම් දරන්නෙකි. ඉඩකඩම් දේපළවලින් වගා කටයුතුවලින් පල ප්‍රයෝජන ලබයි. රැකියාව කරන අවස්ථාවලදී තරමක් දහදිය හෙළමින් කය වෙහෙසා සේවය කිරීමට සිදුවෙයි.
  • රාහු දහවැන්න තුළ නම් රෝහල් සහ ඖෂධ ආශ්‍රිතව රැකියාවකට යොමු විය හැකියි. නිතර ගමනේ යෙදෙන වාහන ආශ්‍රිතව තැනින් තැන යන වෘත්තියකට හිමිකම් දරයි. වරින්වර ස්ථාන මාරුවීම් ඇතිවිය හැකියි. රාහුගේ දශා කාලයන් තුළදී දුර ප්‍රදේශවල දුෂ්කරව රැකියාව කිරීමට සිදුවෙයි.
  • කේතු දහවැන්න තුළ නම් එකම තැනක එක දිගට දීර්ඝ කාලයක් රැකියාව කරන අයෙකි. කලබලකාරීත්වයෙන් තොරව නිහඬ රැකියාවක් කරයි. පතල් කර්මාන්තවලට යොමු වූවොත් හදිසි ධන ලාභ ලබයි.

ප්‍රවීණ ජේ‍යාතිර්වේදී සරත්චන්ද්‍ර බෝතලාගේඋපුටා ගැනීම මව්බිම පුවත්පත

Share This Article

ස්‌ත්‍රී නිකටෙන් පවසන රහස්‌

නිකට යනු ස්‌ත්‍රියකගේ මුහුණේ කැපී පෙනෙන අංගයකි. කාන්තාවකට නිකටෙන් හිමිවන්නේ අලංකාරයකි. රූසපුව වඩවන නිකට පිහිටන ආකාරය, හැඬය අනුව ස්‌ත්‍රියක්‌ වාසනාවන්ත වනවාද,...

ජීවිතයම ලියා තිබේ ඈත සොඳුරු ආකාසේ...

ජීවිතය යනු පුළුල් අරුත් දනවන්නකි. අහස, පොළව, මුහුද මේ සියල්ල ජීවිතයට අයත්ය. සකලවිධ විශ්වයේ ජීවමය පැවැත්ම ජීවිතය ලෙස හැඳින්විය හැකියි. ඒ...

අමනුෂ්‍ය දෝෂ නැති කරගැනීමට කළු බළලකු ඇති කරන්න

නිවෙසේ කළු බළලකු සිටී නම් නළල අඩසඳ ආකාරයට සුදුවී ඇත් නම් එම නිවෙසට සුබ පල ගෙනදේ. කළු බළලකු දිරාගිය වියළි අත්තක් මත...

ඔබේ ආත්මීය සහකරු  තවමත් හමු වූයේ නැද්ද?

ඔබට තවමත් බඹා කෙටූ කෙනා හමුවූයේ නැද්ද? විවාහ ලාභී දරුන් සිටින දෙමවුපියන් නිතර පවසන දෙයක්‌ තමයි අපි කොච්චර හෙව්වත් හරියන්නේ නැහැ....

නැකැත් කියන්නේ රාහු කාලය මඟහරින එකටද?

රාහු කාලය හා සුබ දවස් පිළිබඳ පොදු පිළිගැනීම් ඇත. ජේ‍යාතිෂය පිළිබඳ උසස් දැනුමක් නොමැති උදවිය වුවද රාහු කාලය මඟහැර ගමන් බිමන්...

පාට පිරුණු ලෝකයක්‌ අපල සපල යෝගයක්‌

සතියට දින හතක්‌ තිබේ. දින හත හඳුන්වන්නේ ග්‍රහයන් හත්දෙනකුගේ නමිනි. සඳුට හිමි දවස සඳුදා ආදී වශයෙනි. රාහු හා කේතුට හිමි දවස්‌...