උපන් ලප බලා දැනගනිමු ලඳුන් ගති සොබා
ස්‌ත්‍රී ශරීරයේ විවිධාකාර මෙන්ම විවිධ හැඩයෙන් විවිධ වර්ණයෙන් උපන් ලප පිහිටති. මේවා විශාල මෙන්ම කුඩා වශයෙන් ද වෙති. කුඩා ලපයන්ට තල කැළැල් යයි කියනු ලැබේ. මෙවැනි තල කැළල් මුහුණේ පිහිටි අය බහුල වෙති. මුහුණේ පිහිටි ස්‌ථාන අනුව විවිධ සුබා සුබ පැවසීමට ඉපැරණි ශ්ලෝකයන් ඇත. එවැනි සිලෝ කීපයක ලිහිල් තේරුම මෙසේ පැවසිය හැකිය.
- යම් ස්‌ත්‍රියකගේ නළලේ හෝ බැම මැද මීෂක නම් කැළලක් පිහිටියොත් ඕ තොම හිමියාගේ හා දරු මෙහෙකරුවන්ගේ සැප වඩන්නා වූ ධනවත් කුලාචාර ඇත්තියක් වේ.
- යම් ස්‌ත්‍රිකයකගේ කොපුල මැද ලෙහෙවන්වූ මීෂකයක් පිහිටියොත් යහපත් වේ. ළය මැද කැළලක් හෝ ලුහුණු බිකක් වැනි කැළලක් ඇතොත් රාජ්‍ය සැපයට හේතු ඇත්තියක් වේ. රාජ්‍ය සැපයයි කී විට රජ සැපම අවශ්‍ය නැත. රජයේ තනතුරු ලැබීම ද ගණන් ගනු ලැබේ. රාජ්‍ය තනතුරු ලැබීමටද රාජ යෝග උරුම විය යුතුය. හැමටම රජයේ රැකියා වරම නැත.
- යම් ස්‌ත්‍රියකගේ පයෝදරයෙහි ලෙහෙවන් තල කැළලක් පිහිටියොත් ඕ තොමෝ ගැහැනු දරුවන් සතර දෙනකු හා පිරිමි දරුවන් තිදෙනකු උපදවන්නීය.
- යම් ස්‌ත්‍රියකගේ වම් පියයුරෙහි මඳක් රතු වූ ලපයක් වන් පියුම් වැනිවූ තල කැළලක් වත් පිහිටියහොත් ඕ තොමෝ පළමුකොට උත්සාහයෙහි උතුම් දරුවකු වදා නැවත කනවැන්දුම් වේ.
- යම් ස්‌ත්‍රියකගේ ගුදය දකුණු පස මී මැස්‌සෙකු බඳු වූ තල කැළලක් පිහිsටියොත් ඕ තොමෝ ශ්‍රී සම්පන්නව රාජ්‍ය තනතුරු ලබන දරුවකු ලබන්නීය.
- යම් ස්‌ත්‍රියකගේ නායස අග කෙම්පල මෙන් එනම් කෝවක්‌කා ගෙඩියේ පැහැයෙන් බබලවන කැළලක් වේ නම් ඕ තොමෝ වස්‌තු ඇත්තියක් වේ. පැහැය රෝස රතු සම්මිශ්‍රය.
- යම් ස්‌ත්‍රියකගේ නාභියෙන් පාත තල කැළලක් වත් මීෂක නම් කැළලක්‌වත් පැහැදිලිව පිහිටියහොත් ඕ තොමෝ පින් ඇත්තියක් වේ.
“යදි කරෙම කපොල තලෙට්‌වාභවති කණඩ් ගතං තිලකන්තදාශ්‍රැති තලේ පිච සා පති වල්ලභාවරදාශො මශ කාමල ලාංඡනෙඃ
යම් ස්‌ත්‍රියකගේ අතේ හෝ කොපුල් තලය හෝ බොටුවේ හෝ තල කැලලක් පිහිටියොත් ඕ තොම හිමියාට ප්‍රිය වේ කිය යුතුයි. කන්තලයෙහි මීසක නම් කැළල් පිහිsටියොත් එසේම හිමියාට ප්‍රිය වන්නීය. සෘෂි මත වුවද මේවා නිවැරදි යයි පිළිගත යුතු නැත. නූතන විද්‍යාවට අනුව පැරණි මත ඉවතට යයි.
උපුටා ගැනීම දිවයින
අද ශ්‍රී ලංකාවේ ජේයාතිෂ පුනරුදයක් ඇතිවී තිබේ. පෙර කිසිම කලකට වඩා ජේයාතිෂ චැනලින් වැඩිවී ඇත. දැනට දශක දෙකක පමණ පෙර සිට...
ලෝකායන කේන්ද්‍රයේ 6 වැන්න ලෙස සැලකෙන අංශක 150 සිට අංශක 180 දක්‌වා විහිදී ඇති රාශිය කන්‍යාවයි. මෙහි අධිපතිත්වය දරන්නේ බුධයිs. සිකුරු,...
ඈත අතීතයේ සිටම අපේ පැරණි මව් පියවරු දරු ගැබක් හටගත් විගසම ජ්‍යෙතිෂශාස්‌ත්‍රඥයන් වෙත පැමිණෙන්නේ ලැබෙන්නේ දුවෙක්‌ද? පුතෙක්‌ද? යන්න දැන ගැනීමටයි. එදා...
ජේයාතිෂය ශාස්ත්‍රයකි. නැතිනම් විද්‍යාවකි. මෙය තරමක් ගුප්තය. මෙහි දක්ෂයකු වීමට නම් මහත් වූ ස්මරණ ශක්තියක් සැබැවින්ම අවශ්‍ය වේ. ජේයාතිෂ න්‍යායන් මතකයේ...
ඕනෑම වර්ෂයක සහ මාසයක 7, 16, 25 උපත ලත් අයට අංක 7 ජීවන අංකය වේ. කිසිවකුට අවබෝධ කරගැනීමට අපහසු කේතු ග්‍රහයාට...
අලංකාරය සහ සෞභාග්‍ය පිණිස පැළඳිමත්, ධන සම්පතක් හෝ කෞතුක වස්තූන් වශයෙන් රැස් කර ගැනීමත්. මැණික් අරභයා කෙරෙන ප්‍රධාන භාවිතාවයි. ඊට අමතරව,...